සුජානි දෙවැනි වරටත් ශූරතාවය දිනා ගනී

126

44 ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරග ඊයේ (13) කුරුණෑගල හා පාදෙණිය කේන්ද්‍ර කර ගනිමින් පැවති අතර කාන්තා පිරිමි පළමු ස්ථාන දෙකම බස්නාහිර පළාතට හිමි කර දෙමින් පිරිමි ඉසව්ව ඩී. ජී. ඩී’ සඳනුවන් හා කාන්තා ඉසව්ව සුජානි පෙරේරා ජය ගැනීමට සමත්විය.

සහය දිවීමේ ශූරියෝ ආසියානු කනිෂ්ඨ සංචිතයෙන් ඉවතට

ජුනි මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ජපානයේ ජිෆු (Gifu) හිදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ …

විසි හත් හැවිරිදි යුධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී. ජී. ඩී. සඳනුවන් තරග ආරම්භයේ සිටම පළමු ස්ථානයේ ධාවනයේ යෙදුණු අතර මීටර 42.19ක දුර පැය 2යි විනාඩි 26යි තත්පර 23ක කාලයකින් නිමා කළ ඔහු පළමුවැනියා ලෙස ඉසව්ව අවසන් කිරීමට සමත්විය.

තරගය පුරාම ඉමහත් කැපවීමෙන් යුතුව ධාවනයේ යෙදුණු සඳනුවන් ප්‍රධාන මැරතන් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු වතාව මෙය වූ අතර ඔහුගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කර ගැනීමට ද සඳනුවන් සමත්විය.

නාවික හමුදාව නියෝජනය කරන තිස් හැවිරිදි සුපිරි ධාවන ශූරි සුජානි මධුමාලි පෙරේරා කාන්තා ඉසව්ව පැය 2යි විනාඩි 55යි තත්පර 3ක කාලයකින් නිමා කරමින් පිට පිටම දෙවන වසරටත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය.

මේ ඇයගේ හොඳම පෞද්ගලික කාලය වූයේ පසුගිය වසරේ හොං කොං මැරතන් ධාවන උළෙලේ වාර්තා කළ පැය දෙකයි විනාඩි 54 තත්පර 39ක කාලයයි.

පිරිමි දෙවන, තුන්වන ස්ථාන පිළිවෙළින් බස්නාහිර පළාත නියෝජනය කළ එස්. ටී. ගුණසේකර සහ මහේෂ් ගුණතිලක විසින් දිනා ගත් අතර කාන්තා දෙවන හා තෙවන ස්ථාන බස්නාහිර පළාත නියෝජනය කළ කුමාරි ප්‍රනාන්දු සහ සබරගමුව පළාත නියෝජනය කළ නිසන්සලා බණ්ඩාර විසින් දිනා ගනු ලැබීය.

පිරිමි කණ්ඩායම් ශූරතාව බස්නාහිර පළාත වෙත හිමි වූ අතර එහි අනුශූරතාව උතුරු පළාතට හිමි විය. මෙවර කාන්තා ශූරතා හා අනුශූරතා සඳහා කිසිදු පළාතක් සුදුසුකම් ලබා නොතිබීම ද විශේෂත්වයකි.

සුගතදාසය දෙවනත් කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (06) සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී …

අභිනවයෙන් පත් වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා මෙහි ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගී වූ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් වත්මන් ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා ද මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<