ලසිත් කෲස්පුල්ලේ ද්විත්ව ශතකයක් රැස් කරයි

850
Singer U19 Cricket

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (8) දිනය තුල සම්පූර්ණ ගෞරවය දිනා ගැනීමට, ලකුණු 447කින් තම ජයග්‍රහණය සනිටුහන් කරගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් වූ අතර, එහි දී ලසිත් කෲස්පුල්ලේ දැවැන්ත ද්විත්ව ශතකයක් ලබාගෙන දිනයට වටිනාකමක් එක් කිරීමට ද සමත් විය.

අශාන් හා ලසිත් මාරිස් ස්ටෙල්ලාවට සවියක් වෙයි

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත ශේවියර් විද්‍යාලය අතර තරගයේ දී පාසල් මට්ටමේ පිතිකරුවන් දෙපලක් විසින් කලාතුරකින් විදහා දක්වනු ලබන විශිෂ්ට පිතිකරණ විලාසයක් දියත් කිරීමට අශාන් හා ලසිත් සමත් විය.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා මාරවිල සාන්ත ශේවියර් විද්‍යාලය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කල මෙම තරගයෙන් ලකුණු 447ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. තරගය කදිරාන පිටියේ දී පැවැත්විය.

මෙම තරගයේ දී ලසිත් කෲස්පුල්ලේ අගනා ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් විය. එම නොදැවුනු ලකුණු 205*ට අමතරව අනෙක් අන්තයෙන් සවියක් වුනු මාර්ක් ප්‍රනාන්දු නොදැවී ලකුණු 66*ක් ලබා ගන්නා ලදි.  

සාන්ත ශේවියර් දෙවන ඉනිම යලිත් සුනුවිසුනු කල පසිදු උශෙට්ටි කඩුලු 6ක් දවාලූ අතර, තම තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කල දුලාජ් අශේන් ලකුණු 80ක් රැස්කර ගත්තේය. පසිදු මෙම තරගය පුරාවට කඩුලු 11ක් දවාලමින් විශිෂ්ට දස්කම් දැක්විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 336/04 dec (45): අශාන් ප්‍රනාන්දු 170*, කෙවින් පෙරේරා 73*, ලසිත් කෘෘස්පුල්ලේ 67

සාන්ත ශේවියර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 75 (16.4): ශෙහාන් දිනූෂ 37, පසිදු උශෙට්ටි 5/12, සනේෂ් ප්‍රනාන්දු 2/33

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම – 331/04 dec (49): ලසිත් කෘෘස්පුල්ලේ 205*, මාර්ක් ප්‍රනාන්දු 66, රවිදු ප්‍රනාන්දු 31, දුලාජ් අශේන් 2/75

සාන්ත ශේවියර් විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 145 (42): දුලාජ් අශේන් 80, අකාශ් නදීශාන් 17, පසිදු උශෙට්ටි 6/71, ශෙනාත් ප්‍රනාන්දු 2/33, පසිදු කොළඹගේ 2/32


කොළඹ මහානාම විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටියේ දී කාසියේ වාසිය තම සුරතට ගත් මහානාම විද්‍යාලය පළමුව තම පිතිකරණ අංශයට පිටියේ අවස්ථාව ලබා දෙන ලදි.

දෙවන දිනය වූ අද දිනය තුල සාන්ත සර්වේසස් පළමු ඉනිම ලකුණු 129කට සීමා කරවමින් පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට මහානාම විද්‍යාලය සමත් වූ අතර, මුදිත හශාන් (53) සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කර ගන්නා ලදි. මුදලිගේ නේලික හා වත්සල අතර කඩුලු 2 බැගින් බෙදී යන ලදි.

මහානාම දෙවන ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක් දියත් කල මලිදු මදුරංග නොදැවී ලකුණු 120*ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී ශසික දුල්ෂාන් කඩුලු 3යි.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 153 (55): පවන් සෙනාල් 42, කේ.වී.කුමාරසිංහ 36, ශසික දුල්ෂාන් 6/51, සුපුන් කාවින්ද 2/16

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – 129 (65.2): මුදිත හශාන් 53, පසිදු මනුප්‍රිය 29, වී.එස්.කේ.මුදලිගේ 2/12, නේලික හෙට්ටිආරච්චි 2/18, වත්සල පෙරේරා 2/24

මහානාම විද්‍යාලය දෙවන ඉනිම – 204/09 (61): මලිදු මදුරංග 120*, ශසික දුල්ෂාන් 3/46


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

ගාල්ලේ දී කාසියේ වාසිය ජය ගත් මහින්ද විද්‍යාලය පළමුව තම පිතිකරණ ජවය විදහා දැක්වීමට තීරණය කරන ලදි.

එම තීරණය සාර්ථක කර ගනිමින් දිනය අවසානයේ තම පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 320ක් ලෙස සටහන් කර ගැනීමට ඔවුන් සමත් විය. එතැන් සිට ක්‍රියාත්මක වූ තරගයේ දෙවන දිනය තුල තම ඉනිම ලකුණු 352කට අත්හිටුවීමට තීරණය කරන ලදි. එහි දී රෙශාන් කාවින්ද අගනා ලකුණු 88ක් තම විදුහල වෙනුවෙන් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු පළමු ඉනිම දියත් කල ධර්මපාල විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 99ක් පමණි. එම ලකුණු ප්‍රමාණයෙන් ලකුණු 44ක් තම ගිණුමට බැර කර ගැනීමට මහීම වීරකෝන් සමත් විය.

අනතුරුව පිටියට පැමිණි මහින්ද විද්‍යාලය වෙනුවෙන් තවත් අර්ධ ශතකයක් ලබාගෙන තරගයේ රිද්මය පවත්වා ගෙන ගිය අශේන් කණ්ඩම්බි ලකුණු 59ක් ලකුණු පුවරුවේ සටහන් කරවීය. එයට අමතරව විනුර හිරන්ජිත් හා කවිදු එදිරිවීර ලකුණු 53 බැගින් රැස්කර ගන්නා විට, නිපුන් මාලිංග ලකුණු 50කට දැවී යන ලදි.

මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලයට හැකි විය.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 352/09 dec (112): රෙශාන් කාවින්ද 88, රවිදු හංසික 50, විනුර හිරන්ජිත් 50, කේ.කේ කෙවින් 45, නිපුන් මාලිංග 39, ප්‍රමිත් හංසික 31, කවිදු එදිවීර 27, චමිදු සමරසිංහ 4/39, මහීම වීරකෝන් 2/121

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 99 (32.3): මහීම වීරකෝන් 44, ප්‍රමිත් හංසික 3/16, කවිදු එදිවීර 2/09, නිපුන් මාලිංග 2/26, කේ.කේ.කෙවින් 2/22

මහින්ද විද්‍යාලය දෙවන ඉනිම – 253/4 (45): අශේන් කණ්ඩම්බි 59, විනුර හිරන්ජිත් 53*, කවිදු එදිවීර 53, නිපුන් මාලිංග 50, මහීම වීරකෝන් 2/67, කනිෂ්ක ජයසුන්දර 2/69


කොළඹ වෙස්ලි විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාල පිටියේ දී කාසියේ වාසිය ජය ගත් කිංස්වුඩ් විද්‍යාලය පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

අවිශ්ක චන්ද්‍රසිරි හා ගනිදු කෞෂල්‍යගේ ලකුණු 22ක හැරෙන්නට වෙනත් සාර්ථක ලකුණක් ලබා ගැනීමට කිංස්වුඩ් පිතිකරුවන්ට නොහැකි විය. කිංස්වුඩ් පිතිකරණ දුර්වලතා හදුනා ගත් මොවින් සුභසිංහ දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 4ක් තමන් සතුකර ගත්තේය.

දිනය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන වෙස්ලි විදුහල කිසිවෙකු නොදැවී ලකුණු 28යි.

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 143 (60.5):  අවිශ්ක චන්ද්‍රසිරි 22, ගනිදු කෞෂල්‍ය 22, මොවින් සුභසිංහ 4/51, සකුන්ත ලියනගේ 3/15, රයන් රෙයිඩ් 2/17

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී 28 (7):


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මරාජ විද්‍යාලය පළමුව තම පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

දිනය අවසන් වන විට ධර්මරාජ විදුහල් පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 170ක් රැස්කර ගැනීමට දේශාන් ගුණසිංහ ඇතුළු ධර්මරාජ පිතිකරුවන්ට හැකි විය. ඉනිම යම් මට්ටමකට ගොඩනැංවූ දේශාන් ලකුණු 49ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. ඔහුට සහය වුනු උදන්ත අමරකෝන් පළමු කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩ නංවන ලදි. සචින්ත ලියනගේ හා දමිත සිල්වා කඩුලු 2ක බැගින් දවාලමින් දස්කම් දැක්විය.

තරඟය මලියදේව විදුහල් පිටියේ දී පැවැත්විය.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 170/5 (54.2):  දේශාන් ගුණසිංහ 49,  උදන්ත අමරකෝන් 38, ගිහාන් විතාරණ 24, දමිත සිල්වා 2/13, සචින්ත ලියනගේ 2/15

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට