තරගාවලියේ දෙවන ජයත් ධම්සෝ ක්‍රීඩිකාවන්ට

300
Sri Lanka U15 Schools Basketball January 28th Roundup 2

වසය අවුරුදු 15න් පහළ දකුණු පළාත් කලාපීය පාසල් පැසිපන්දු තරගාවලියේ දෙවැනි දිනය අද (28) ක්‍රියාත්මක විය.

කුලරත්න සහ ධර්මාශෝක විදුහල්වලට ජය

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ අධීක්ෂණයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වසය අවුරුදු 15න් පහළ දකුණු පළාත් කලාපීය පාසල් පැසිපන්දු තරගාවලිය අදින් (27) ආරම්භ විය.

දිනයේ පළමු තරගය ලෙස පී. ඩී. එස්. කුලරත්න විද්‍යාලය සමඟින් අනුලා දේවි බාලිකා විද්‍යාලය තරග බිමට පිවිසි අතර ප්‍රතිවාදී කුලරත්න ක්‍රීඩිකාවන් අසරණ කරමින් ලකුණු 44 – 11ක් ලෙසින් ජයග්‍රහණය ලබා ගන්නට අනුලා දේවි බාලිකා විද්‍යාලය සමත් විය.

ඊයේ (27) දිනයේදී ධර්මාශෝක විද්‍යාලය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණදීමට අනුලා දේවි බාලිකාවන්ට සිදු විය.

අනුලා විද්‍යාලයේ තෂිලා ප්‍රබුද්ධි පළමු අර්ධයේ සිටම තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු රැස් කිරීමට සමත් වූයේ කුලරත්න ක්‍රීඩිකාවන් හට ප්‍රබල අභියෝගයක් වෙමිනි. එම කණ්ඩායමේම තරින්දි ශාක්‍යා ද ලකුණු රැස් කලේ තම කණ්ඩායමේ ජයග්‍රහණයට තමන්ගේ ද සහය ලබා දෙමිනි. කුලරත්න විද්‍යාලයේ බර කරට ගනිමින් හුදෙකලා සටනක යෙදුනු දිනිති දේශනා අවස්ථා කිහියකදිම ලකුණු ලබා ගත් අතර එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

ඒ අනුව පළමු අර්ධයේදී අනුලා බාලිකාවන් පළවන හා දෙවන කාර්තු තුළ පිළිවෙලින් ලකුණු 16ක් හා 10ක් ලබා ගත් අතර එම කාර්තු දෙක තුළ දී කුලරත්න ක්‍රීඩිකාවන් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 02ක් පමණි.

පළමු අර්ධය: අනුලා දේවි බාලිකා විද්‍යාලය 26 – පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය 02

දෙවන අර්ධයේදී නැවතත් ක්‍රියාත්මක වූ අනුලා ක්‍රීඩිකාවන් තවත් ලකුණු 18ක් තම කණ්ඩායමට එකතු කර ගැනීමට සමත් විය. එහි දී තරුෂි ප්‍රසන්සා, නයනි මදුෂිකා හා මින්දුලි නුපේතා සමඟින් එක්ව මනා අවබෝධයෙන් පන්දුව හුවමාරු කරමින් ලකුණු ලබා ගැනීමට සමත් විය. එම අර්ධයේදී කුලරත්න කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ පිළිවෙලින් ලකුණු 06ක් හා 03ක් පමණි.

සම්පූර්ණ ලකුණු: අනුලා දේවි බාලිකා විද්‍යාලය 44 – පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය 11

අනුලා දේවි බාලිකා විද්‍යාලය පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය 02
පළමු කාර්තුව 16 00
දෙවන කාර්තුව 10 02
තෙවන කාර්තුව 02 06
සිව්වන කාර්තුව 16 03

මාතර සුජාතා බාලිකා විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය දිනයේ දෙවන තරගය සඳහා සහභාගී විය. එම තරගය ලකුණු 45 – 16ක් ලෙස ලකුණු 29ක පරතරක් සහිතව ජයග්‍රහණය කිරීමට 15න් පහළ ධර්මාශෝක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර තරගාවලියේ ඔවුන් සහභාගී වූ තරග දෙක මේ වන විට ජයග්‍රහණය කර ඇත.

මෙම තරගයේදි ප්‍රතිවාදී සුජාතා බාලිකාවන් පන්දුව රැගෙන කිහිපවරක්ම ගෝල කණු වෙත දිව යෑමට උත්සහ කළද, පිටිය මැදදී ධම්සෝ ක්‍රීඩිකාවන් එය වලක්වාලමින් පන්දුව ඔවුන් සතු කර ‍ගනිමින් ලකුණු ලබා ගන්නා ලදි. විශේෂයෙන්ම ධර්මාශෝක ක්‍රීඩිකා සෙනුරි ප්‍රමෝද්‍යා පළමු අර්ධයේ අවස්ථාවන් කිහිපයකදීම පන්දුව තමන් සන්තකයේ තබා ගෙන ගෝල කණුව ආක්‍රමණය කරමින් ලකුණු ලබා ගත්තාය.

පළමු අර්ධයේදී සුජාතා විද්‍යාලය වෙනුවෙන් නුවනි හා ටිෂානි ක්‍රීඩිකාවන් දෙදෙනා විසින් කණ්ඩායමට ලකුණු ලබා දුන් අතර එම අර්ධයේ පළමු හා දෙවන කාර්තු තුළදී සුජාතාවන්ට ලබා ගැනීමට හැකි වූයේ පිළිවෙලින් ලකුණු 08ක් හා 04ක් පමණි.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාලය 32 – සුජාතා බාලිකා විද්‍යාල 12

දෙවන අර්ධයේ පළමු කාර්තුව තුළ ධර්මාශෝක විද්‍යාලය විසින් ලකුණු 04ක් ලබා ගන්නා විට සුජාතාවන් ඒ පසු පස පැමිණෙමින් ලකුණු 02ක් ලබා ගන්නා ලදී. නමුත් එහිදී නැවතත් ක්‍රියාත්මක වු ධම්සෝ කණ්ඩායමේ නෙත්මි තත්සරා, සදනි ශ්‍රීරන්ගි, නුහන්සා නෙත්මන්ති එක්ව පන්දුව උපක්‍රමශීලීව හුවමරු කරමින් ලකුණු ලබා ගත්තේ ධර්මාශෝක විද්‍යාලය ඉදිරියෙන් ජයග්‍රහණය සටහන් කරමිනි.

සම්පූර්ණ ලකුණු:  ධර්මාශෝක විද්‍යාලය 45 – සුජාතා බාලිකා විද්‍යාල 16

ධර්මාශෝක විද්‍යාලය සුජාතා බාලිකා විද්‍යාල
පළමු කාර්තුව 18 08
දෙවන කාර්තුව 14 04
තෙවන කාර්තුව 04 02
සිව්වන කාර්තුව 09 02

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට