Home Sinhala ඕස්ට්‍රේලියාවේ දී මුල් වරට ශ්‍රී ලංකාව T20 තරගාවලියක් පරාජය වෙයි!

ඕස්ට්‍රේලියාවේ දී මුල් වරට ශ්‍රී ලංකාව T20 තරගාවලියක් පරාජය වෙයි!

96

බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9ක දැවැන්ත පරාජයක් අද (30) ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ඒ අති සාර්ථක පාකිස්තානු සංචාරයකින් අනතුරුව ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකාවට තරග 2-0ක ඉක්මන් තරගාවලි පරාජයක් ද උරුම කර දෙමිනි.

කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු මේ දක්වා දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ නිසා ලැබූ මෙම පරාජය ඉතිහාසගත වන්නේ ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකා පිළ ලැබූ ප්‍රථම T20 තරගාවලි පරාජය ලෙසයි.

වෝනර්ගේ උපන්දින ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ නමයි!

මුල්පෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණයත්, පන්දු යවන්නන්ගේ..

ශ්‍රී ලංකා පිළ පසුගිය කාලයේ T20 තරගවල මුලින් පන්දුවට පහර දෙමින් ඉහළ දක්ෂතා ප්‍රකට කර තිබුනද පසුගිය තරගයේ දී ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. එම තීරණය තරමක විවේචනයට තුඩුදුන් අතර අද ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව මුලින් පිතිකරණයේ යෙදීම ඉල්ලා සිටියේ පෙර තරගයේ සිදුවූ වරද නැවත වරක් වන්නට ඉඩ නොතබමිනි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා පිළ වෙනස්කම් 3ක් සිදුකර තිබූ අතර පසුගිය තරගයේ කණ්ඩායමේ සිටි භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු සහ කසුන් රාජිතට තම ස්ථාන අහිමි විය. ඒ අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල සහ ඉසුරු උදාන වෙනුවටයි. කෙසේවෙතත් පාකිස්තානයට එරෙහිව තරග දෙකකදී හොඳම ඉනිම් ක්‍රීඩා කරමින් තරගයේ වීරයා සම්මාන වලටද හිමිකම් කියූ භානුක රාජපක්ෂ සහ ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් තවදුරටත් ශ්‍රී ලංකා පිතිකරණ හැකියාව මොට වන බව තේරීම් කමිටුවට නොවැටහීම කණගාටුවට කරුණක් විය.

කවීෂා සහ මාධවී ගඟට ඉණි කපයි

2019 ACC ආසියානු කුසලාන නැගී එන කාන්තා න්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව…

ඕස්ට්‍රේලියාව සතු ප්‍රධානම වේග පන්දු තුරුම්පුවක් වන මිචෙල් ස්ටාර්ක් අද තරගය සඳහා සහභාගි නොවූයේ ඔහු තම සහෝදරයාගේ විවාහ මංගල උත්සවයට සහභාගි වීම සඳහා නිදහස් කර තිබූ නිසාවෙනි. ඒ වෙනුවට දකුණතින් වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක බිලී ස්‍ටැන්ලේක් කණ්ඩායමට ඇතුළත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණි. ඒ හැරෙන්නට තම ජයග්‍රාහී කණ්ඩායමේ වෙනත් ප්‍රබල වෙනස්කම් සිදු නොකිරීමට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව අද ප්‍රවේසම් විය.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹී වැඩි වේලා යන්නට පෙර නැවතත් දියාරු පිතිකරණ රටාවක් දැකගත හැකිවූ අතර මුල් තරගයේ උගත් පාඩම් වලින් කිසිදු දියුණුවක් ලබා නොමැති බව ඉතාමත් පැහැදිලි විය. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ඇති ක්‍රීඩාංගණ රාශියක තණතිලි අතුරින් ගැබා තණතිල්ලටම ආවේණික ඉපිලීමත්, වේගයත් ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් පරාජය වන අයුරු බොහෝ අවස්ථා වලදී දැක ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකා පොඩ්ඩන්ට පළමු තරගයේ දී වැඩි ගෞරව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු..

ශ්‍රී ලංකා පිළ කාලයක් තිස්සේ ඇස් පනා පිටම දකින දක්ෂතා වලට වඩා අත්දැකීම් මත අන්ධ විශ්වාසයක් තැබීමේ ප්‍රතිඵල නැවත වරක් දැකිය හැකි වූයේ මෙම තරගය සඳහා ඇතුළත් කළ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල අදත් තනි ඉලක්කමේ ලකුණු වලට දැවී යාමෙනි. කණ්ඩායමේ බොහොමයක් පිතිකරුවන් දැඩි පීඩනයකින් යුතුව ක්‍රීඩා කරන බව ඉතා පැහැදිලි වූ අතර ඒ නිසාවෙන්ම ඔවුන් වේගවත් තණතිල්ලක සාර්ථක වීමට අත්‍යවශ්‍ය වන කල් මැනීම (Timing) වරද්දා ගන්නා අයුරු දැක ගැනීමට හැකිවිය.

ධනුෂ්ක ගුණතිලක අද පන්දු 22කින් ලකුණු 21ක් රැස් කරද්දී, වේග පන්දු යවන්නන්ට එරෙහිව හොඳ ආරම්භයක් ලබාගෙන සිටි කුසල් පෙරේරා ඇශ්ටන් අගාර්ගේ දඟ පන්දුවක් හමුවේ කඩුල්ල අහිමි කර ගත්තේය. ඒ වනවිට පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් ඔහු ලබාගත් ලකුණු 27, බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. පසුගිය තරග රැසකදී අඩු පන්දු ගණනක් තුල වැඩි ප්‍රහාරක වේගයක් රඳවාගත් දසුන් ශානකට අද ඕනෑතරම් පන්දු ඉතිරිව තිබුනද ඔහු එක් ලකුණකට දැවී ගියේය.

ශකීබ් අල් හසන්ට ක්‍රිකට් තහනම් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් හට වසර…

ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් ලෙස වනිඳු හසරංගගෙන් සහ ඉසුරු උදානගෙන් සැලකිය යුතු තරමේ දස්කම් ප්‍රකට නොවීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම අද නිමාවූයේ ලකුණු 117කටයි. ඒ තවත් සම්පූර්ණ පන්දුවාරයක් ඉතිරිව තිබියදීයි. පන්දු යැවීමේ දී සියලු පන්දු යවන්නන් දුර්වල ශ්‍රී ලංකා පිතිකරණය ඉදිරියේ සාර්ථක වූ අතර සැම්පා, ස්ටැන්ලේක්, අගාර් සහ කමින්ස් කඩුලු 2 බැගින් තමන් අතරේ බෙදා ගත්හ. 

මෙම ඉලක්කය ඕස්ට්‍රේලියානු පිළට කිසිදු තර්ජනයක් එල්ල නොකළත් ලසිත් මාලිංග පළමු පන්දුවාරයේ දීම නායක ෆින්ච් පිටියෙන් ඉවත් කරමින් තරමක තැති ගැන්මක් ප්‍රතිවාදීන්ට ලබා දීමට සමත් විය. නමුත් අනෙක් අන්තයෙන් පන්දු යැවූ නුවන් ප්‍රදීප් ලකුණු 14ක් ඕස්ට්‍රේලියාවට ලබා දෙමින් ඔවුන් වෙත ගොඩ නැගෙමින් තිබූ පීඩනය ක්ෂණිකව දියකර හැරියේය. ප්‍රදීප් පමණක් නොව වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන් සහ ඉසුරු උදාන වැනි සෙසු පන්දු යවන්නන්ට ද ඕස්ට්‍රේලියා පිළෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයක් හිමිවිය.

ශ්‍රී ලංකා හදවත පසාරු කළ කැන්ගරු හිතුවක්කාරයා

1992 අගෝස්තු මස දිනෙක සිංහල සමාජ පිටියේ දී ක්‍රිකට් ලෝකයට නව තාරකාවක් බිහි විය…

ඒ අනුව තරගය අවසන් වන තුරුම වෙනත් කිසිදු කඩුල්ලක් සඳහා ශ්‍රී ලංකා පිළ හිමිකම් නොකියූ අතර පිටියේ රැඳී සිටි ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් නොබිඳුනු ශතක සබඳතාවයක් පිහිටුවමින් තම කණ්ඩායම පහසු ජයක් කරා ගෙන ගියහ. පන්දු 41කට පමණක් මුහුණ දුන් වෝනර් අද තම 14 වැනි T20 අර්ධ ශතකය ලෙස ලකුණු 60ක් රැස් කරද්දී, ස්ටීව් ස්මිත් පන්දු 36කින් තම දෙවැනි අර්ධ ශතකයට හිමිකම් කීවේය. ඕස්ට්‍රේලියාව පන්දුවාර 13ක් තුල අදාළ ඉලක්කය සපුරා ගත්තද ඒ අතරතුර කිසිදු හයේ පහරක් එල්ල නොවීමද විශේෂත්වයකි.

මේ අනුව ශ්‍රී ලංකා පිළ ඕස්ට්‍රේලියාවේ දී ලැබූ ප්‍රථම T20 තරගාවලි පරාජය ලෙස මෙය ඉතිහාසයට එක්වූ අතර මීට පෙර අවස්ථා 3කදීම ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා පිළ ආපසු පැමිණියේ ජයග්‍රාහකයින් ලෙසයි. සංචාරය අවසන් කරමින් පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (01) සුප්‍රකට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

Photos: Sri Lanka Vs Australia – 2nd T20I

Result


Sri Lanka
117/10 (18.5)

Australia
118/1 (13)

Batsmen R B 4s 6s SR
Kusal Mendis run out (Ashton Agar) 1 4 0 0 25.00
Danushka Gunathilaka b Billy Stanlake 21 22 2 1 95.45
Avishka Fernando c Pat Cummins b Ashton Agar 17 16 1 0 106.25
Kusal Perera b Ashton Agar 27 19 2 1 142.11
Niroshan Dickwella c Ashton Turner b Pat Cummins 5 3 1 0 166.67
Dasun Shanaka c  Alex Carey b Billy Stanlake 1 3 0 0 33.33
Wanindu Hasaranga st  Alex Carey b Adam Zampa 10 11 0 0 90.91
Isuru Udana c Kane Richardson b Pat Cummins 10 14 0 0 71.43
Lakshan Sandakan run out (Pat Cummins) 10 14 1 0 71.43
Lasith Malinga st  Alex Carey b Adam Zampa 9 5 2 0 180.00
Nuwan Pradeep not out 2 3 0 0 66.67


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 117/10 (18.5 Overs, RR: 6.21)
Fall of Wickets 1-5 (1.4) Kusal Mendis, 2-29 (5.2) Danushka Gunathilaka, 3-53 (8.5) Avishka Fernando, 4-65 (9.6) Niroshan Dickwella, 5-75 (10.5) Kusal Perera, 6-75 (11.2) Dasun Shanaka, 7-93 (14.4) Wanindu Hasaranga, 8-95 (15.4) Isuru Udana, 9-108 (17.3) Lasith Malinga, 10-117 (18.6) Lakshan Sandakan,

Bowling O M R W Econ
Kane Richardson 3 0 17 0 5.67
Billy Stanlake 4 0 23 2 5.75
Pat Cummins 4 0 29 2 7.25
Ashton Agar 4 0 27 2 6.75
Adam Zampa 4 0 20 1 5.00


Batsmen R B 4s 6s SR
Aaron Finch c Kusal Perera b Lasith Malinga 0 1 0 0 0.00
David Warner not out 60 41 8 0 146.34
Steve Smith not out 53 36 5 0 147.22


Extras 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0)
Total 118/1 (13 Overs, RR: 9.08)
Fall of Wickets 1-1 (0.3) Aaron Finch,

Bowling O M R W Econ
Lasith Malinga 3 0 23 1 7.67
Nuwan Pradeep 3 0 26 0 8.67
Wanindu Hasaranga 1 0 18 0 18.00
Isuru Udana 2 0 16 0 8.00
Lakshan Sandakan 4 0 33 0 8.25



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<