නරඹන්න මවිත කල ඇලෝසියස් ජයග්‍රහණය

1585
Schools cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම අද (02) සාර්ථකව නිමාවට පත් විය.

පසුගිය ලිපි: නිපුන්ගේ තුන් ඉරියව් දස්කම් ජයග්‍රහණයට පාර කපයි

කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් වන මෙම තරගයේ පළමු දිනය ඊයේ (1) කෝල්ට්ස් පිටියේදී ක්‍රියාත්මක වූ අතර තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල රාජකීය විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

අද දිනට තරඟය ආරම්භ කරන විට රාජකීය විද්‍යාලය තම පළමු ඉණිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 67ක් ලබාගෙන සිටියහ. තානුක හා විමුක්ති ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. එහිදී කවිදු චතුරංග ලකුණු 63ක් ලබා ගන්නා ලදි.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – 152/10 (49.1): කවිදු චතුරංග 63, හිමේශ් රාමනායක 25, විමුක්ති කුලතුංග 4/25, තානුක දාබරේ 4/43

රාජකීය විද්‍යාලය පළමු ඉණිම තුළ ලුම්බිණි විද්‍යාලයට සාපේක්ෂව දුර්වල වූ නිසා නැවතත් තම දෙවන ඉණිම අරම්භ කරන ලදි. එහිදී හේලිත සුපිරි ශතකයක් සමගින් නොදැවී ලකුණු 111*ක් ලබා ගන්නා ලදි.

රාජකීය විද්‍යාලය දෙවන ඉණිම f/o – 286/10 (57): හේලිත විතානගේ 111*, තෙවිදු සේනාරත්න 42, විමුක්ති කුලතුංග 7/141

තම ජයග්‍රහණය සඳහා ලුම්බිණි විද්‍යාලයට ලකුණු 179ක් අවශ්‍යව තිබුණු අතර ආරම්භයේ සිටම ඔවුන් වේගවත් පිතිකරණයක නිරත විය.

ලුම්බිණි විද්‍යාලය දෙවන ඉණිම – 22/0 (2.3)

තරගයේ සාරාංශය,

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම – 260/10 (61.1): තානුක දාබරේ 81, කවීන් පීරිස් 45, රවීෂ තත්සර 42, ගනිත් සංදීප 3/51, ගෝතම රණසිංහ 3/81

ලුම්බිණි විද්‍යාලයට පළමු ඉණිමක ජයග්‍රහණයක්


මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ඊයේ (01) ආරම්භ වූ අතර, C කාණ්ඩයේ තරඟයක් වූ එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

දිනය අරම්භ කරන විට ඇලෝසියස් විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 03ක් දැවී ලකුණු 135ක් ලබා සිටි අතර අද නවිදුගේ ලකුණු 62ත් සමඟින් ඇලෝසියස් විද්‍යාලය ලකුණු 215ක් දක්වා තම ලකුණු පුවරුව ඔසවන ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – 215/06 dec (71.1): නවිදු නිර්මාල් 62, රවිදු සංජන 54, රුශිත ද සොයිසා 3/75, මංජුල පෙරේරා  2/58

හරීන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිල්වෙස්ටර් විද්‍යාලයේ දෙවන ඉණිම ලකුණු 135කට සීමාවිය. මංජුල එහිදී ලකුණු 57ක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉණිම – 135/10 (46): මංජුල පෙරේරා 57, නදීර බාලසූරිය 32, හරීන් බුද්ධිල 6/67, කවිශ්ක ඩිල්ශාන් 3/26

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉණිම – 1/0 (0.2)

තරගයේ සාරාංශය,

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – 80/10 (45.3): ශෂික රේමාන් 36, හරීන් බුද්ධිල 6/14, නිදුක මල්ශිත් 3/25

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට කඩුලු 10 ක ජයක්


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයේ තරඟයක් ලෙස ඊයේ (01) උදෑසන සාන්ත සෙබස්තියන් ක්‍රීඩා පිටියේදී මෙම තරඟය ආරම්භ විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල නාලන්ද විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරාධනා කරන ලදි.

අද දිනය ආරම්භ වන විට නාලන්ද පළමු ඉණිම ලකුණු 33ක් ලෙස සටහන්ව තිබිණි. අද දිනය පුරාම නාලන්ද විද්‍යාලයම පළමු ඉණිම දියත් කල අතර දසුන් එහිදී ලකුණු 91ක් ලබා ගන්නා ලදි.

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – 302/07 (101.5): දසුන් සෙනවිරත්න 91, ලක්ෂිත රසාංජන 58, එරංග ජයසිංහ 38, ප්‍රවීන් ජයවික්‍රම 5/132

තරගයේ සාරාංශය,

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 327/10 (72.2): මිශේන් සිල්වා 121, නුවනිදු ප්‍රනාන්දු 67, තරුශ ප්‍රනාන්දු 37, උමේක්ෂ ඩිල්ශාන් 4/62, කලන පෙරේරා 3/73

මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේදී A කාණ්ඩයේ තරඟයක් ලෙස ඊයේ (01) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල මාරිස්ටෙලා විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

දිනය ආරම්භ කරන විට තම පළමු ඉණිමට මාරිස්ටෙලා විද්‍යාලය ලකුණු 91ක් ලබා සිටි අතර, ලසිත් නොදැවී ලකුණු 54*ක් ලබා සිටියේය. එතැන් සිට ඔහු තම ඉණිම ලකුණු 123ක් දක්වා ගෙනයමින් තම විද්‍යාලයේ ලකුණු පුවරුව ලකුණු 300 සීමාවට ගෙනඑන ලදි.

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම – 302/06 dec (76.3): ලසිත් කෲස්පුල්ලේ 123, රවිදු ප්‍රනාන්දු 77, කෙවින් පෙරේරා 33, ශසික දුල්ෂාන් 4/103, කේෂර නුවනැස 2/60

දක්ෂ පන්දු යැවීමක නිරත වූ පසිදු හා රවිදු කඩුලු 5 බැගින් දවාලමින් මාරිස්ටෙලා විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කරන ලදි. එහිදී කේශර ලකුණු 34ක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉණිම – 99/10 (36): කේශර නුවන්ත 34, මුදිත හෂාන් 27, පසිදු මාධව 5/17, රවිදු ප්‍රනාන්දු 5/52

මාරිස්ටෙලා විද්‍යාලය දෙවන ඉණිම – 12/0 (2.1)

තරගයේ සාරාංශය,

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – 214/10 (62.1): මුදිත හෂාන් 71, සඳරු නෙත්මින 58, චරිත් හර්ෂන 27, හචිදු කොළඹගේ 4/30, රවිදු ප්‍රනාන්දු 3/42

මාරිස්ටෙලා විද්‍යාලයට කඩුලු 10ක දැවැන්ත ජයක්


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී අද (02) ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගත් ඩී. එස්. සේනානායක කණ්ඩායම පළමුව පන්දු යවන ලදි.

පළමුව පිටියට පැමිණි තෝමස් විද්‍යාලය වෙනුවෙන් මොහොමඩ් ඉෂාක් ලකුණු 39ක් ලබාගෙන තම කණ්ඩායමේ පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. විහාන් ගුණසේකර කඩුලු 5ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – 183/10 (78.2): මොහොමඩ් ඉශාක් 39, රවිදු කොඩිතුවක්කු 34, විහාන් ගුණසේකර 5/50,

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) – 28/0 (8)

මෙම තරගයේ දෙවන දිනය හෙට (03) පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට