Home Sinhala කවීෂා සහ මාධවී ගඟට ඉණි කපයි

කවීෂා සහ මාධවී ගඟට ඉණි කපයි

105

2019 ACC ආසියානු කුසලාන නැගී එන කාන්තා න්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 40ක ජයක් ලබාගැනීමට ඉන්දියාව අද (29) දින සමත් විය. 

ශකීබ් අල් හසන්ට ක්‍රිකට් තහනම් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් හට වසර…

තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් බවට පත්වූයේ යස්ටිකා භාටියා සහ ප්‍රතීවා රානා යුගලය යි. 

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනාට එක්ව ගොඩනැගීමට හැකිවූයේ ලකුණු 14ක සබඳතාවයක් පමණක් වන අතර ලකුණු 6ක් ලබා සිටි ප්‍රතීවා රානාව දුවද්දී දවාගැනීමට අප්සරා සමත් විය. 

වැඩි වේලාවක් යාමට මත්තෙන් දෙවන කඩුල්ල ලෙස නුසහාට් පර්වීන් ද දැවීගියේ මධුෂිකා මෙත්තානන්දගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. ඇයද දැවීගියේ ලකුණු 6කට ය. 

Photos: India vs Sri Lanka | Women’s Emerging Teams Asia Cup 2019 – Finals

ඒ අතරවාරයේ අනෙක් අන්තයෙන් යම්තාක් හෝ ඉනිමට අස්වැසිල්ලක් වූ යස්ටිකා භාටියා ලකුණු 18ක් රැස්කළ අතර ඇය ද මුළු ලකුණු 42 දී තෙවන කඩුල්ල වශයෙන් දැවීගියේ ශ්‍රී ලංකාවට තරගයේ වාසි හිමිකර දෙමිනි. 

නමුත් ඉන්දීය ඉනිමට කණකොකා හඬවමින් ඔවුන්ගේ තවත් කඩුලු 4ක් ලකුණු 38ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වූයේ ඉන්දීය ලකුණු පුවරුව 80/7ක් බවට පත්කරමිනි. ඉන් කඩුලු දෙක බැගින් දවාගැනීමට කවීෂා දිල්හාරි සහ සචිනි නිසංසලා යන දෙදෙනා සමත් විය. 

බිඳවැටී තිබූ ඉන්දීය ඉනිමට ශක්තියක් වීම සඳහා අනතුරුව පිටියට පිවිසියේ තනුශ්‍රී සාර්කර් සහ සිම්රන් බහදූර් යුගලය යි. ඔවුන් දෙදෙනා එක්ව අටවන කඩුල්ලට ලකුණු 60ක සාර්ථක සබඳතාවයක් පිහිටුවීමට සමත් විය. මේ අතරින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩාකළ තනුශ්‍රී සාර්කර් පන්දු 75ක දී ලකුණු 47ක් රැස්කළේ ඉන්දීය කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමිනි. ඇයට අනගි සහයක් ලබාදුන් බහදූර් පන්දු 51ක දී ලකුණු 34ක් ලබාගැනීමට සමත් විය. ඔවුන් යුගලය තිමාශනී සහ සන්දීපනී යන දෙදෙනාගේ පන්දු හමුවේ දැවී ගියේය. 

අවසානයේ ඉන්දීය අගපෙළට සවියක් වෙමින් අංක 10 පිතිකාරිණිය බවට පත්වූ දක්ෂිනී පන්දු 17ක දී වේගවත් ලකුණු 18ක් ලබාගැනීමට සමත් විය. ඒ සමඟින් ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 9ක් දැවී ලකුණු 175ක් රැස්කිරීමට සමත් විය. 

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුණු 27කට කඩුලු 3ක් සහ සචිනි නිසංසලා ලකුණු 26කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා පොඩ්ඩන්ට පළමු තරගයේ දී වැඩි ගෞරව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්…

ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් බවට පත්වූයේ හසිනි පෙරේරා සහ ඉමල්කා මෙන්ඩිස් යුගලය යි. 

නමුත් ලකුණු පුවරුව 22ක් වනවිට ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාවම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නියන් සමත් වූයේ ඉන්දියාව දෙසට තරගය නැඹුරු කරමිනි. 

වැඩි වේලාවක් යාමට මත්තෙන් එක පිට එක දවාලමින් ලකුණු 21ක් තුළ ශ්‍රී ලංකා ඉනිමේ තවත් කඩුලු 3ක් තවත් දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නියන් සමත් වූයේ අනෙක් අන්තයේ නායිකා හර්ෂිතා මාධවීව හුදෙකලා කරමිනි. 

ඒ සමඟින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 43/5ක් බවට පත්වන විට හර්ෂිතා සමඟ පිටියට එක්වූයේ ලිහිණි අප්සරා ය. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 91 දක්වා ඔසවා තැබූ අතර හයවන කඩුල්ල වශයෙන් ලිහිණි අප්සරා ලකුණු 22කට දැවී ගියේය. 

වැඩිවේලාවක් යාමට මත්තෙන් ශ්‍රී ලංකාවේ එකම බලාපොරොත්තුව බවට පත්වූ නායිකා හර්ෂිතා මාධවී ද තම හුදෙකලා ඉනිමට නැවතීමේ තිත තැබුවේ පන්දු 64ක දී සටන්කාමී ලකුණු 39ක් ලබා සිටියදී ය. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 113/7ක් වශයෙන් දිස්විය. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා ඉනිම අතරමැද දී කාලගුණයෙන් බාධා ඇතිවූ අතර නැවතත් තරගය ආරම්භ වූයේ ඩක්වර්ත් ලුවීස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දු වාර 35ක දී ලකුණු 150ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි. 

නමුත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3ත් කෙටි කාලයක් තුළ දැවීගියේ පන්දුවාර 34.3කදී සියලු දෙනා දැවී ලකුණු 135ක් පමණක් රැස්කර ගැනීමට සමත් වෙමිනි. ශ්‍රී ලංකා ඉනිම අග භාගයේ දී එක් අන්තයකින් ලකුණු රැස්කළ මධූෂා මෙත්තානන්ද පන්දු 29ක දී ලකුණු 25ක් රැස්කළාය. එහෙත් ඔවුන්ගේ ඉනිම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. 

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් තනූජා කාන්වර් සහ දේවිකා වෛද්යා පිළිවෙළින් 15/4 සහ 29/4 වශයෙන් කඩුලු දවාලමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය. 

මේ අනුව ඉන්දියාවට ලකුණු 14ක තියුණු ජයක් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව හිමිවිය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් පාකිස්තානයට?

මේ වසර අවසානයේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට සමගාමීව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා…

ඒ සමඟින් 2019 ACC ආසියානු කුසලාන නැගී එන කාන්තා න්‍රිකට් තරගාවලියේ ශූරතාවය තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Srilanka Emerging Women Team
135/10 (34.3)

India Emerging Women Team
175/9 (50)

Batsmen R B 4s 6s SR
Yastika Bhatia st Nilakshan Sandamini b Kavisha Dilhari 18 55 1 1 32.73
Prativa Rana run out (Lihini Apsara) 6 8 1 0 75.00
Nuzhat Parween lbw b Madushika Methtananda 6 24 1 0 25.00
Devika Vaidya c Imalka Mendis b Kavisha Dilhari 6 22 0 0 27.27
Tejal Hasabnis c Hasini Perera b Kavisha Dilhari 5 6 1 0 83.33
Minnu Mani c Nilakshan Sandamini b Sachini Nisansala 2 18 0 0 11.11
Tanusree Sarkar c Hasini Perera b Umesha Thimashini 47 75 4 0 62.67
Sushree Dibyadarshani lbw b Sachini Nisansala 14 26 2 0 53.85
Simarn Bahadur c Kavisha Dilhari b Sathya Sandeepani 34 51 3 1 66.67
Manali Dakshini not out 18 17 1 0 105.88
Tanuja Kanwar not out 0 0 0 0 0.00


Extras 19 (b 5 , lb 6 , nb 2, w 6, pen 0)
Total 175/9 (50 Overs, RR: 3.5)
Fall of Wickets 1-14 (4.2) Prativa Rana, 2-33 (11.6) Nuzhat Parween, 3-47 (16.2) Yastika Bhatia, 4-54 (18.5) Devika Vaidya, 5-54 (18.6) Tejal Hasabnis, 6-63 (24.4) Minnu Mani, 7-90 (30.6) Sushree Dibyadarshani, 8-140 (44.4) Tanusree Sarkar, 9-173 (49.5) Simarn Bahadur,

Bowling O M R W Econ
Tharika Sewwandi 6 1 26 0 4.33
Madushika Methtananda 9 2 18 1 2.00
Kavisha Dilhari 10 2 27 3 2.70
Sathya Sandeepani 9 2 36 1 4.00
Sachini Nisansala 9 0 26 2 2.89
Umesha Thimashini 7 0 31 1 4.43


Batsmen R B 4s 6s SR
Hasini Perera run out (Simarn Bahadur) 1 8 0 0 12.50
Imalka Mendis lbw b Tanuja Kanwar 11 9 2 0 122.22
Harshitha Madavi lbw b Devika Vaidya 39 64 3 0 60.94
Sathya Sandeepani lbw b Tanuja Kanwar 4 11 0 0 36.36
Umesha Thimashini b Devika Vaidya 3 15 0 0 20.00
Kavisha Dilhari st Nuzhat Parween b Devika Vaidya 6 13 1 0 46.15
Lihini Apsara c Nuzhat Parween b Devika Vaidya 22 40 2 0 55.00
Madushika Methtananda b Tanuja Kanwar 25 29 3 0 86.21
Nilakshan Sandamini lbw b Tanuja Kanwar 2 5 0 0 40.00
Tharika Sewwandi st Nuzhat Parween b Sushree Dibyadarshani 6 9 0 0 66.67
Sachini Nisansala not out 3 3 0 0 100.00


Extras 13 (b 2 , lb 2 , nb 0, w 9, pen 0)
Total 135/10 (34.3 Overs, RR: 3.91)
Fall of Wickets 1-5 (1.4) Hasini Perera, 2-22 (3.1) Imalka Mendis, 3-28 (5.5) Sathya Sandeepani, 4-34 (9.5) Umesha Thimashini, 5-43 (13.2) Kavisha Dilhari, 6-91 (24.4) Lihini Apsara, 7-113 (30.2) Harshitha Madavi, 8-120 (31.5) Nilakshan Sandamini, 9-127 (33.1) Madushika Methtananda, 10-135 (34.3) Tharika Sewwandi,

Bowling O M R W Econ
Manali Dakshini 6 0 25 0 4.17
Tanusree Sarkar 7 0 26 0 3.71
Tanuja Kanwar 7 1 15 4 2.14
Devika Vaidya 7 0 29 4 4.14
Sushree Dibyadarshani 6.3 0 25 1 3.97
Simarn Bahadur 1 0 11 0 11.00