2021 ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කාලසටහන පිරී ඉතිරී යයි

2023
Sri Lanka to play inaugural Test against Ireland

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021 වසර සඳහා වන ක්‍රිකට් තරග කාලසටහන සැලසුම් කර තිබෙනවා. එළඹෙන වසරේ දී එංගලන්තය, අයර්ලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහා සත්කාරකත්වය දැරීමට සූදානමින් සිටින අතර ඒ අතරට 15 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඇතුළත්.

2021 වසරේ ශ්‍රී ලංකාව සහභාගී වන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග 7න් 5කම සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව වන අතර අයර්ලන්තය සමඟ ද එක් ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටියි.

තවත් ක්‍රිකට් පුවත්:

2017 වසරේ ජුනි මාසයේ දී ටෙස්ට් වරම් දිනා ගත් අයර්ලන්තය ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කරනු ලබන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වනු ඇත.

එළඹෙන වසරේ තිබෙන දැවැන්තම ක්‍රිකට් තරගාවලිය වන 2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත තිබෙන්නේ ඔක්තෝබර් මාසය කේන්ද්‍ර කරගනිමිනි.

2021 වසරේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 8ක්, එක්දින තරග 15ක් සහ විස්සයි විස්ස තරග 12ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඊට අමතරව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙක ද එයට ඇතුළත් වේ.

එසේම ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර LPL තරගාවලියේ දෙවන අදියර ජූලි – අගෝස්තු කාලය තුල පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021 වසරේ සහභාගී වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි

  • ජනවාරි: එංගලන්තය සමඟ (H) – ටෙස්ට් තරග 2
  • පෙබරවාරි – මාර්තු: බටහිර ඉන්දීය කොදෙව් (A) – ටෙස්ට් තරග 2, එක්දින තරග 3, විස්සයි විස්ස තරග 3
  • මාර්තු – අප්‍රේල්: බංග්ලාදේශය සමඟ (H) – ටෙස්ට් තරග 3
  • මැයි: අයර්ලන්තය සමඟ (H) – ටෙස්ට් තරග 1
  • මැයි-ජුනි: බංග්ලාදේශය සමඟ (A) – එක්දින තරග 3
  • ජුනි: ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය (ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ දී)
  • ජුනි: ආසියානු විස්සයි විස්ස කුසලානය (H)
  • ජුනි-ජූලි: එංගලන්තය සමඟ (A) – 3 ODIs
  • ජූලි: ඉන්දියාව සමඟ (H) – විස්සයි විස්ස තරග 3
  • ජූලි – අගෝස්තු: LPL දෙවන අදියර (H) – T20
  • අගෝස්තු – සැප්තැම්බර්: දකුණු අප්‍රිකාව සමඟ (H) – එක්දින තරග 3, 3 T20Is
  • සැප්තැම්බර් – ඔක්තෝබර්: ස්කොට්ලන්තය සමඟ (H) – විස්සයි විස්ස තරග 3
  • ඔක්තෝබර් – නොවැම්බර්: ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය T20 (ඉන්දියාව) – T20
  • නොවැම්බර්-දෙසැම්බර්: ඇෆ්ගනිස්තානය සමඟ (H) – එක්දින තරග 3
  • දෙසැම්බර්: T10 ක්‍රිකට් තරගාවලිය (H) – T10

*(H) – ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනු ලබන තරගාවලි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<