එක්දින තරගාවලිය දිනපු ශ්‍රී ලංකාවෙන් විස්සයි විස්ස සංචිතයත් එළියට

කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

121
Sri Lanka T20 Squad

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (27)  නම් කර ඇත.

කොදෙව්වන් අන්ත අසරණ කරමින් ශ්‍රී ලංකාව තරගාවලි ජය මුද්‍රා තබයි!

අවිශ්ක – කුසල් ඇතුළු පිතිකරුවන් පෙන්නුම් කළ විශිෂ්ට පිතිකරණයත්, වනිඳු ඇතුළු පන්දු යවන්නන්ගේ

ඒ අනුව අවසන් වරට සහභාගී වූ ඉන්දීය තරගාවලිය සඳහා ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, කසුන් රාජිත සහ ධනුෂ්ක ගුණතිලක ඉවත් කර නුවන් ප්‍රදීප් තිසර පෙරේරා සහ ශෙහාන් ජයසූරියව කැඳවීමට තීරණය කර තිබේ. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ලසිත් මාලිංග වෙත ලැබී ඇත.

ඕෂධ ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් මේ තේරීම් සඳහා ඔවුන්ව යොදාගෙන නොමැත. නුවන් ප්‍රදීප් ආබාධයෙන් පූර්ණ සුවය ලබාගෙන සිටින අතර ශෙහාන් ජයසූරිය සහ තිසර පෙරේරා ඔවුන් සහභාගී වූ අවසන් තරග කිහිපය තුල ඉතාමත් හොඳ දස්කම් දැක්වීමට සමත් වී තිබෙන නිසා ඔවුන්ට නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ ඉඩක් ලැබී තිබේ.

Video – CLUB T20 Final එකේ ගහපු ඉනිම අද මට උදව් වුනා – වනිඳු හසරංග

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමුවැනි එක්දින තරගය අද (22)

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම – ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර. 

තරග කාලසටහන 

  • මාර්තු 04 – පළමු විස්සයි විස්ස තරගය – පල්ලෙකැලේ (රාත්‍රි)
  • මාර්තු 06 – දෙවන විස්සයි විස්ස තරගය – පල්ලෙකැලේ (රාත්‍රි)

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<