Home Sinhala කොදෙව්වන් අන්ත අසරණ කරමින් ශ්‍රී ලංකාව තරගාවලි ජය මුද්‍රා තබයි!

කොදෙව්වන් අන්ත අසරණ කරමින් ශ්‍රී ලංකාව තරගාවලි ජය මුද්‍රා තබයි!

105

අවිශ්ක – කුසල් ඇතුළු පිතිකරුවන් පෙන්නුම් කළ විශිෂ්ට පිතිකරණයත්, වනිඳු ඇතුළු පන්දු යවන්නන්ගේ නිසඟ හැකියාවත් නිසා තවත් තරගයක් ඉතිරිව තිබියදීම කොදෙව්වන්ට එරෙහිව තරගාවලි ජයක් තහවුරු කර ගැනීමට අද (26) ශ්‍රී ලංකා පිළට හැකිවිය. ඒ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 161ක දැවැන්ත ජයක් ලබා ගැනීමත් සමඟයි.

වනිඳුගේ තරුණ ජවයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට නිරන්තරයෙන්ම අත් විඳින්නට සිදුවන හෘදයාබාධ ඇති……

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක කිරන් පොලාර්ඩ් අද තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. ඒ අනුව පසුගිය තරගයේ දී ලකුණු හඹා යමින් ජයගත් ශ්‍රී ලංකා පිළට අද හිමිවූයේ වෙනස්ම අභියෝගයකි. කෙසේ වුවද පසුගිය තරගයේ දී දැඩි උද්‍යෝගයකින් ක්‍රීඩා කළ කණ්ඩායම් සාමාජිකයින්ගේ වෙනසක් සිදු නොකිරීමට ඔවුන් වගබලා ගත්හ. කොදෙව් පිළ ඔවුන්ගේ පන්දු යැවීමේ බල ඇණියේ වෙනසක් කරමින් හේඩ්න් වොල්ශ් වෙනුවට පන්දු යැවීමට මෙන්ම පිතිකරණයට ද හැකියාවක් ඇති ෆැබියන් ඇලන් කණ්ඩායමට කැඳවා තිබුණි.

පසුගිය තරගයේ දී පළමු කඩුල්ල වෙනුවෙන්ම ශතකයක් එක් කළ දිමුත් සහ අවිශ්කගෙන් ප්‍රේක්ෂකයින් අදත් හොඳ ආරම්භයක් බලාපොරොත්තු වුවද ශෙල්ඩන් කෝට්‍රල් ඊට ඉඩ ලබා දුන්නේ නැත. ඒ ඔහුටම ආවේණික හමුදා ආචාර කිරීම මැද දිමුත් කරුණාරත්නව එක් ලකුණකට ක්‍රීඩාගාරයට හරවා යවමිනි. එහිදී වයිඩ් පන්දුවක් තරම් ඈතින් ඇදී ගිය දුර්වල පන්දුවකට ඊටත් වඩා දුර්වල පහරක් එල්ල කිරීම දිමුත්ගේ දැවී යාමට හේතුවිය. 

Photos: Sri Lanka vs West Indies | 2nd ODI

ThePapare.com | Viraj Kothalawala | 26/02/2020 Editing and re-using images without…….

එතකින් නොනැවතුනු කෝට්‍රල් අංක 3 පිතිකරු කුසල් පෙරේරාවත් ඊලඟ පන්දුවේදීම දවා ගන්නේ කොළඹ දී පෙන්වූ දස්කම් දකුණට ගෙන එන්නට ඉඩ නොතබමිනි. මේ අනුව මීටර් 90ක පමණ අති දැවැන්ත පිටියක් මැද ශ්‍රී ලංකාව ලකුණු 9කට කඩුලු 2ක් බිඳ වැටී අසරණ විය. බලාපොරොත්තුවක සේයාවක්වත් නොපෙනුණු මේ මොහොතේ පිටියේ රැඳී සිටියේ යොවුන් ක්‍රීඩකයින් දෙපළක් වන කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දුයි. ඒ අනුව කඩා වැටුනු ඉනිම බින්දුවෙන් පටන් ගත් මොවුන් දෙදෙනා ද්විත්ව ශතක සබඳතාවයක් සමඟින් ශ්‍රී ලංකාවට නැවතත් ජයග්‍රහණයක අරුණලු ගෙන ආහ.

දික්වැල්ලට පළමු එක්දින තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින පිතිකරු ලෙස ක්‍රීඩා කරන…..

එහිදී වැඩිපුර පන්දු වැය කිරීමකින් තොරවම ඔවුන් ලකුණු රැස් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන සුබ පෙරනිමිති පළ කරමිනි. එක්දින දිවියේ දෙවැනි ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් අද ලකුණු වේගය වැඩි කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස දැවී යනවිට හතරේ පහර දුසිමක් සමඟින් පන්දු 119කදී ලකුණු 119ක් ලබා සිටියේය. ඔහු ආරම්භයේ දීම හිටපු නායක ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකට ලබාදුන් පහසු උඩපන්දුවක් වත්මන් නායක පොලාර්ඩ් අතින් බිම වැටීමද කුසල්ගේ වාසනාව කියා පෑවේය. 

අනෙක් අන්තයේ සිට ද්විත්ව ශතක සබඳතාවයට පණ පෙවූ අවිශ්ක ප්‍රනාන්දු කුසල්ට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට ශතකයක් වාර්තා කර ගත්තේය. ඒ පන්දු 123කදී ලකුණු 127ක් ලෙසයි. අවිශ්ක අද 43 වැනි පන්දුවාරයේ දී ලබාදුන් පහසු උඩපන්දුවක් ෆැබියන් ඇලන් බිම අත හැරියද ඊලඟ පන්දුවේ දී නැවතත් අවස්ථාවක් ලබා දීම නිසා දැවී යන්නට සිදුවිය. ඉන්පසු පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය සිල්වා යන පිතිකරුවන්ට සූරියවැව තණතිල්ල වාසනාව ගෙන ආවේ නැත.

කෙසේවෙතත් අවිශ්ක – කුසල් සබඳතාවයේ තිබූ ගුණාත්මක බව නිසාම ශ්‍රී ලංකාවට සිය අවසන් ප්‍රතිඵලය ලෙස කඩුලු 8ක් දැවී ලකුණු 345ක් රැස්කර ගැනීමට හැකිවිය. එහිදී කොදෙව්වන්ගේ අතිශයින්ම දුර්වල පන්දු රැකීම ද ශ්‍රී ලංකාවට වෙස් වලාගත් ආශිර්වාදයක් වූ බවද නොකියාම බැරිය. මුල්පෙළ විශිෂ්ටයන්ට අමතරව තිසර ලබාගත් ලකුණු 36ත්, වනිඳු සහ උදාන අවසන් පන්දු 15 දී උදුරාගත් ලකුණු 29ත් අද තරගය තුල නොමැකෙන අයුරින් සනිටුහන් විය. පන්දු යැවීමේ දී සාර්ථක වූ පන්දු යවන්නන් දෙදෙනා වන කෝට්‍රල් කඩුලු 4කුත්, අල්සාරි ජෝසප් කඩුලු 3කුත් දවා ගත්හ.

ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ – ක්‍රිස් ගේල්

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරිය බව……..

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ කොදෙව් පිළ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවයක් ගොඩ නැගූවද එතැන් පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ විය. එහිදී ඔවුන්ට යම් තරමක හෝ තර්ජනයක් එල්ල කළේ ආසියානු තණතිලි වලදී ඉහළ ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන සිටින ශයි හෝප් පමණි. ඔහු පන්දු 65කට මුහුණ දී ලකුණු 51ක් රැස්කර ගත්තේ හතරේ පහර 5ක් සමඟයි. ඒ හැරෙන්නට තවත් පිතිකරුවන් කිහිප දෙනෙකු යම් ආරම්භයක් ලබා ගත්තද එය ලකුණු 345ක් හඹා යාමට ප්‍රමාණවත් වූයේ නැත. 

පන්දු යැවීමේ දී වනිඳු හසරංගගේ පා දඟ පන්දු යැවීම ගැන විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ඔහු අද ඩැරන් බ්‍රාවෝ, කිරන් පොලාර්ඩ් සහ ජේසන් හෝල්ඩර් යන තීරණාත්මක කඩුලු ත්‍රිත්වයේම හිමිකරුවා බවට පත්වූ බැවිනි. ඔහුගේ ගුග්ලි පන්දු යැවීම නිවැරදිව කියවා ගැනීමට කොදෙව්වන් අපොහොසත් බව මෙම තරගයේ දී යළි යළිත් පැහැදිලි විය. මේ දිනවල පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ඔහු පෙන්වන දස්කම් සැබවින්ම පරිණත ක්‍රීඩකයෙකු බඳුය. එබැවින් මෙම අනාගත ආයෝජනය ඉදිරිය සඳහා රැක ගැනීම බලධාරීන්ට භාර වී ඇත.

මීට අමතරව ලක්ෂාන් සඳකැන් ද ඒ වනවිට යම් ආරම්භයක් ලබා සිටි රොස්ටන් චේස්, නිකලස් පූරන් සහ ෆැබියන් ඇලන්ගේ වටිනා කඩුලු තුනේ හිමිකරුවා විය. තම පන්දු යැවීම දිනෙන් දින දියුණු කර ගනිමින් සිටින නුවන් ප්‍රදීප් ද, අද පැයට කිලෝමීටර් 140 සීමාවද ඉක්මවා යමින් කඩුලු 2ක් දවා ගත්තේය. ශ්‍රී ලංකාවට හිසරදයක් වී සිටි ශයි හෝප්ගේ කඩුල්ල හිමිවූයේ කලාතුරකින් පන්දු යැවීමේ යෙදෙන ඇන්ජෙලෝ මැතිව්ස්ටයි. තරගයේ වීරයා සම්මානය ඉනිම පිළිසකර කරමින් විශිෂ්ට ශතකයකට හිමිකම් කියූ අවිශ්ක ප්‍රනාන්දුට හිමිවිය. දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය මාර්තු පළමුවැනිදා පල්ලෙකැලේ හිදී ක්‍රියාත්මක වනු ඇත.

Result


Sri Lanka
345/8 (50)

West Indies
184/10 (39.1)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Keemo Paul b Alzarri Joseph 127 123 10 0 103.25
Dimuth Karunaratne c Fabian Allen b Sheldon Cottrell, 1 8 0 0 12.50
Kusal Perera c Shai Hope b Sheldon Cottrell, 0 1 0 0 0.00
Kusal Mendis c Shai Hope b Alzarri Joseph 119 119 12 0 100.00
Thisara Perera b Sheldon Cottrell, 36 25 4 0 144.00
Angelo Mathews b Alzarri Joseph 1 2 0 0 50.00
Dhananjaya de Silva b Sheldon Cottrell, 12 5 2 0 240.00
Wanindu Hasaranga run out (Sheldon Cottrell,) 17 10 3 0 170.00
Isuru Udana not out 17 9 2 0 188.89


Extras 15 (b 0 , lb 3 , nb 2, w 10, pen 0)
Total 345/8 (50 Overs, RR: 6.9)
Fall of Wickets 1-9 (2.2) Dimuth Karunaratne, 2-9 (2.3) Kusal Perera, 3-248 (40.2) Kusal Mendis, 4-271 (42.2) Avishka Fernando, 5-274 (42.6) Angelo Mathews, 6-303 (45.4) Dhananjaya de Silva, 7-316 (47.3) Thisara Perera, 8-345 (49.6) Wanindu Hasaranga,

Bowling O M R W Econ
Sheldon Cottrell, 10 0 67 4 6.70
Jason Holder 8 0 59 0 7.38
Alzarri Joseph 10 0 57 3 5.70
Fabian Allen 6 0 37 0 6.17
Keemo Paul 7 0 62 0 8.86
Roston Chase 6 0 31 0 5.17
Kieron Pollard 3 0 29 0 9.67


Batsmen R B 4s 6s SR
Shai Hope c Dimuth Karunaratne b Angelo Mathews 51 65 5 0 78.46
SW Ambris run out (Angelo Mathews) 17 24 1 0 70.83
Darren Bravo, c Dhananjaya de Silva b Wanindu Hasaranga 16 23 1 0 69.57
Roston Chase b Lakshan Sandakan 20 30 1 0 66.67
Nicholas Pooran c Angelo Mathews b Lakshan Sandakan 31 41 3 0 75.61
Kieron Pollard b Wanindu Hasaranga 0 1 0 0 0.00
Jason Holder b Wanindu Hasaranga 3 8 0 0 37.50
Keemo Paul b Nuwan Pradeep 21 27 3 0 77.78
Fabian Allen c Thisara Perera b Lakshan Sandakan 17 14 2 1 121.43
Alzarri Joseph b Nuwan Pradeep 0 3 0 0 0.00
Sheldon Cottrell, not out 0 0 0 0 0.00


Extras 8 (b 0 , lb 1 , nb 1, w 6, pen 0)
Total 184/10 (39.1 Overs, RR: 4.7)
Fall of Wickets 1-64 (12.2) SW Ambris, 2-83 (17.1) Shai Hope, 3-93 (20.1) Darren Bravo,, 4-131 (24.2) Kieron Pollard, 5-130 (27.6) Roston Chase, 6-137 (30.2) Jason Holder, 7-159 (35.1) Nicholas Pooran, 8-184 (38.3) Keemo Paul, 9-184 (38.6) Alzarri Joseph, 10-184 (39.1) Fabian Allen,

Bowling O M R W Econ
Nuwan Pradeep 6 0 37 2 6.17
Thisara Perera 5 0 18 0 3.60
Isuru Udana 4 0 21 0 5.25
Angelo Mathews 5 0 20 1 4.00
Wanindu Hasaranga 10 0 30 3 3.00
Lakshan Sandakan 9.1 0 57 3 6.26



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<