2021 SAFF ශූරතාවයට යන ජාතික පාපන්දු සංචිතය නම් කරයි

දකුණු ආසියානු පාපන්දු ශූරතාවය 2021

277

ලබන මස 01 වැනිදා මාලදිවයිනේ දී ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු ශූරතාවය සඳහා සහභාගී වන 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (27) නිල වශයෙන් නම් කළා.

2022 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට සහභාගී වීමෙන් පසුව ශ්‍රී ලංකා සංචිතය සහභාගී වන පළමු ප්‍රධාන පෙළේ තරගාවලිය වන මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් 29 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් පසුගිය දා නම් කිරීමට පාපන්දු සම්මේලනය කටයුතු කළා.

පසුව එම ක්‍රීඩකයන් සියලු දෙනා ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළු කරමින් පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙම කණ්ඩායම විශේෂ පුහුණුවක් සඳහා සවුදි අරාබියේ රියාද් නුවරට පිටත් කර යැවුණා.

එහි දී විශේෂ පුහුණුවකට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි ක්‍රීඩා සමාජයක් සමඟ පුහුණු තරගයකට එක්වෙමින් ගෝල 6-1ක ජයක් ලබා ගැනීමට ද සමත් වුනා.

Sri Lanka squad for SAFF Championship 2021
2021 දකුණු ආසියානු පාපන්දු ශූරතාවයට නම් කළ සංචිතය

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි සුජාන් පෙරේරා හට හිමිව ඇති අතර ඔහුට අමතරව ගෝල රකින්නන් ලෙස කවීෂ් ප්‍රනාන්දු සහ රුවන් අරුණසිරි කණ්ඩායමට එක්ව ඇත.

මූලික සංචිතයේ සිටි මොහොමඩ් හස්මීර් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසාත්, ධනුෂ්ක රාජපක්ෂ සහ දිලීප් පීරිස් හට ​ආබාධයන් නිසාත් අවසන් සංචිතයේ ස්ථාන අහිමිව ඇති අතර මූලික සංචිතයේ සිටි එකම center forward ක්‍රීඩකයා වූ දීලීප්ගේ අහිමි වීම කණ්ඩායමට තරමක් පාඩුවකි.

එමෙන්ම දනුෂ්ක රාජපක්ෂ සහ අෆීල් මොහොමඩ් දෙදෙනා ද සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ගෝල රකින යොවුන් ක්‍රීඩකයෙකු වන නුවන් ගිම්හාන මෙම සංචිතයට ඇතුළත් නොවුනත්, ඔහු 23න් පහළ ජාතික සංචිතය සමඟ එකතු වී තිබෙනවා.

Up Country Lions ක්‍රීඩක මොහොමඩ් ශිෆාන් පළමු වරට ජාතික සංචිතයේ දොරගුළු විවරව ඇති අතර හිටපු මාවනැල්ල යුනයිටඩ් ක්‍රීඩකයෙකු වූ ශිෆාන් ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම ද නියෝජනය කළා.

එමෙන්ම මූලික සංචිතයේ නොසිටි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන Edison Figurado දිගු විවේකයකින් පසුව නැවතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවමින් කණ්ඩායම අත්දැකීම් අතින් සවිමත් කිරීමට ද තේරීම් බලධාරීන් තීරණය කර තිබෙනවා.

2021 දකුණු ආසියානු පාපන්දු ශූරතාවය ඔක්තෝබර් 01 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඔක්තෝබර් 01 (සිකුරාදා) තරග බිමට පිවිසීමට නියමිතයි.

මෙවර තරගාවලියේ කාලසටහන,

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<