කෞෂාල් – මිලින්ද එස්. එස්. සී. ජයග්‍රහණය කරා රැගෙන යයි

329

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින හා තෙදින තරග කිහිපයක් අද (8) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් වරාය අධිකාරිය ඉනිමක හා ලකුණු 134ක් ජයක් ලබා ගන්නා විට එන්. සී. සී. හා එස්. සී. සී කණ්ඩායම් දෙක ද ජයග්‍රාහීව දිනය නිමා කළහ.

පළඟ කුසලාන තරගාවලියේ දී අද පැවැත්වූ තරගවලින් වැඩි වාසිය ලබා ගැනීමට මුවර්ස්, බදුරලිය හා සී. සී. සී කණ්ඩායම් සමත් විය.

මේරියන්ස් ක්‍රීඩකයෝ ඉනිමක ජයක් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් සිව්දින සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර පැවති තරගය දිනකුත් කාර්තුවක් අවසානයේ ඉනිමකින් සහ ලකුණු 6කින් ජය ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. දඟපන්දු යවන්නන්ට පිටිය ලියැවෙද්දී තරිඳු කෞෂාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ …

කෝල්ට්ස් සහ වරාය අධිකාරිය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් ඉනිමක හා ලකුණු 134ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් විය.

අද දිනයට තරගය ආරම්භ කරන විට කෝල්ට්ස් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබා සිටියහ. විශාද් රන්දික හා ප්‍රියමාල් පෙරේරා අර්ධ ශතක ලබා ගත්ත ද ඔවුන්ගේ ඉනිමක පරාජය වළක්වන්නට එය සවියක් නොවීය. දක්ෂ ලෙස පන්දු යැවූ චානක කොමසාරු තරගය පුරාවටම කඩුලු 10ක් දවා ගන්නා ලදි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (26.3): හෂාන් දුමිඳු 19, සහන් ආරච්චිගේ 19, මධුක ලියනපතිරණගේ 4/44, චානක කොමසාරු 5/38

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවි (113.5): යොහාන් ද සිල්වා 40, නිසල් රන්දික 42, නික් කොම්ප්ටන් 98, ඉෂාර රංගන 67, ගයාන් මනීෂාන් නොදැවී 54, ගිහාන් රූපසිංහ 33, නිසල තාරක 2/73, ප්‍රභාත් ජයසූරිය 3/115, ප්‍රියමාල් පෙරේරා 2/34

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය;  දෙවැනි ඉනිම 184 (72.3): විශාද් රන්දික 67, ප්‍රියමාල් පෙරේරා 54, පසිඳු ලක්ශංක 44, චානක කොමසාරු 5/80, මදුක ලියනපතිරණගේ 4/42.


එන්. සී. සී. සහ සැරසන්ස්

කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී අවසන් වූ මෙම තරගයේ තෙවන දිනය වන විට  එන්. සී. සී කණ්ඩායමට ලකුණු 313ක දැවැන්ත ජයක් ලබා ගැනීමට හැකි විය.

ඊයේ  දිනය අවසන් වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 204ක් ලබා සිටියහ. පසුව ඔවුන් ලකුණු 287ක් ලබාගෙන සිය දෙවන ඉනිම අත්හිටු වූයේ සැරසන්ස් කණ්ඩායමට ලකුණු 440ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනි. චතුරංග ද සිල්වා ලකුණු 79යි. නිමේෂ ගුණසිංහ 71*යි. නමුත් සැරසන්ස් කණ්ඩායමට සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 126කි. සචින්ත පීරිස් කඩුලු 6ක් දවාලමින් සැරසන්ස් දෙවන ඉනිම සුණුවිසුණු කළේය.

එන්. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (83.0) චතුරංග ද සිල්වා 59, තරිඳු කෞෂාල් 131, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 24, මොහොමඩ් ඩිල්ශාඩ් 3/38, රනිත ලියනාරච්චි 2/45, සචිත්‍ර පෙරේරා 3/72

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 132 (43.5) රනිත ලියනාරච්චි 37, ලසිත් ඇඹුලදෙණිය 3/19, පීරිස් 3/41, චාමික කරුණාරත්න 4/38

එන්. සී. සී; දෙවැනි ඉනිම 287/9 d (61): චතුරංග ද සිල්වා 79, නිමේෂ ගුණසිංහ 71*, ඇන්ජලෝ පෙරේරා 44, රොශේන් ජයතිස්ස 4/58.

සැරසන්ස් ක්‍රිකට් සමාජය; දෙවන ඉනිම සියල්ලන්ම දැවී 126 (40.3): නවිඳු විතානගේ 31,  සචින්ත පීරිස් 6/49, චාමික කරුණාරත්න 3/37.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එකට එක කරති

ඩකා නුවර මිර්පුර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ (08) දී දෙපිලේ ම ක්‍රීඩකයෝ කුණාටුවකට මැදිව තම තමන්ගේ කණ්ඩායම් ආරක්ෂා කර ගැනීමට නැංගුරම් සොයමින් සිටි අයුරක් දිස් වෙද්දී සුරංග ලක්මාල් තම ශතක ටෙස්ට් කඩුල්ල දවා ගනිමින් ටෙස්ට් කඩුලු ශතකයලාභීන්ගේ සමාජයට පිවිසියේ ය.


එස්. එස්. සී. සහ බී. ආර්. සී.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ රැස් කළ ලකුණු 200ට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 199ක් පමණි. අවසානයේ එස්. එස්. සී කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි විය.

බී. ආර්. සී කණ්ඩායම සිය දෙවන ඉනිමට ලබා ගත්තේ ලකුණු 183කි. ඒ නිසාවෙන් ලකුණු 185ක ඉලක්කයක් හඹා යාමට එස්. එස්. සී. කණ්ඩායමට සිදු වූ අතර කෞශාල් සිල්වා හා මිලින්ද සිරිවර්ධන දෙදෙනාගේ අර්ධ ශතක නිසා එය ඔවුන්ට පහසුවෙන්ම හඹා යාමට හැකි විය.

බී. ආර්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (63.4)හර්ෂ විතාන 77, රුමේෂ් බුද්ධික 25, ටී. එම්. සම්පත් 42, සචිත්‍ර සේනානායක 2/49, ආකාශ් සේනාරත්න 5/52

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (62.4) මිනෝද් භානුක 35, කෞෂාල් සිල්වා 42, මිලින්ද සිරිවර්ධන 23, චරිත් අසලංක 29, චාමර කපුගෙදර 33, ටී. එන්. සම්පත් 2/54, චාමිකර එදිරිසිංහ 2/40, හෂේන් රාමනායක 6/18

බී. ආර්. සී; දෙවැනි ඉනිම සියල්ලන්ම දැවී 183 (76.2): හශේන් රාමනායක 36, අකාශ් සේනාරත්න 4/36, කසුන් මදුසංක 3/51, සචිත්‍ර සේනානායක 3/39.

එස්. එස්. සී; දෙවන ඉනිම -187/2 (39.5): කෞශාල් සිල්වා 85*, මිලින්ද සිරිවර්ධන 66

පළඟ ශූරතාව


බ්ලූම්ෆීල්ඩ් සහ බදුරලිය අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩයම රැස් කළ ලකුණු 173ට පිළිතුරු ලෙසින් දෙවන දිනය අවසන් වන විට බදුරලිය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 381ක් ලබා සිටියේය. පැතුම් නිස්සංක හා නදීර නාවල ශතක ලබාගෙන බදුරලිය ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය ලබා දුන්නේය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (51.0) නිසල් ෆ්‍රැන්සිස්කෝ 35, කොෂාන් ධනුශ්ක 31, නිපුන් හග්ගල්ල 20, ලහිරු ප්‍රනාන්දු 32, ඩිලේශ් ගුණරත්න 2/25, මධුක ලක්මාල් 2/25, සවිත් ප්‍රියාන් 4/69

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 381/5 (136) පැතුම නිස්සංක 111, නදීර නාවල 105*, ශිරාන් රත්නායක 46, රමිඳු ද සිල්වා 31

හතුරුසිංහ මහත්තය වසන්තය ගෙනාවද? – Sports මසාලා 020

2017 කියන වසර පහුකරපු අපට ක්‍රිකට් අවාසනාව කියන්නේ තවදුරටත් අලුත් දෙයක් නෙමෙයි. මේ ගැන අහන්න අපි පාරට බැස්සෙ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 තුන්කොන් තරගාවලිය ජයගත් පසුබිමකදියි. මේ රටේ තරුණ වැඩිහිටි අය ඒ ගැන හිතන්නෙ මොනවද?


ටැමිල් යූනියන් සහ සී. සී. සී

කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙවන දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් කණ්ඩායම රැස් කළ ලකුණු 197ට පිළිතුරු ලෙසින් සි. සී. සී. කණ්ඩායම ලකුණු 442ක් ලබාගෙන ටැමිල් යූනියන් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය.

අද දිනයට තරගය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 10ක් ලබා ගැනීමට ටැමිල් යූනියන් කණ්ඩායමට හැකි වූ අතර සී. සී. සී. කණ්ඩායම වෙනුවෙන් ලසිත් අබේරත්න ශතකයක් ලබා ගන්නා විට සචිත් පතිරණ හා නායක අශාන් ප්‍රියංජන් අර්ධ ශතක ලබා ගන්නා ලදි

ටැමිල් යූනියන්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (65.1) සිතාර ගිම්හාන් 42, දිනෙත් තිමෝද්‍ය 24, තරංග පරණවිතාන 69, රමිත රඹුක්වැල්ල 28, දිනුක් හෙට්ටිආරච්චි 6/46, සචිත් පතිරණ 2/05

සී. සී. සී; පළමු ඉනිම;  442 (100.1): ලසිත් අබේරත්න 115, සචිත් පතිරණ 70, අශාන් ප්‍රියංජන් 66, මලිඳු මදුරංග 49, රොන් චන්ද්‍රගුප්ත 37, රමිත් රඹුක්වැල්ල 3/135.

ටැමිල් යූනියන්; දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 10/0 (8):

අකිලගේ අලුත් කසාදය

කසාදය යනු තනිකඩයාට මැජික් එකකි. විවාහකයාට කැපකිරීම් කිරීම අනිවාර්ය කරන්නකි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවත් එසේමය. තරුණ මදය වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් සැණකෙළි පසෙක ලා, පරිණතභාවය නම් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස එහි රැඳී සිටින්නට ක්‍රිකට් ක්‍රීඩකයෙකු මහත් කැපකිරීම් කළ යුතුය අදින් පසුව මේ අභියෝගය හිමිවන නවතම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ අකිල ධනංජය යි.


මුවර්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දෙවන දිනය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන යුද ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 15ක් ලබා සිටියේය. ඔවුන් පළමු ඉනිමට රැස් කළේ ලකුණු 211ක් පමණි.

මුවර්ස් ක්‍රීඩකයෝ දෙවන ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 314ක් රැස් කළහ. එහි දී නායක චාමර සිල්වා හා කෝසල කුලසේකර අර්ධ ශතක ලබාගෙන සිය කණ්ඩායම වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කළේය. මල්ක මදුසංක කඩුලු 4යි.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (29.2) ප්‍රිමෝෂ් පෙරේරා 39, තරිඳු රත්නායක 21, යසෝද මෙන්ඩිස් 4/32, දුශාන් විමුක්ති 3/18, සීකුගේ ප්‍රසන්න 2/29

යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (55.4) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 58, ඩිල්ශාන් ද සොයිසා 27, අජන්ත මෙන්ඩිස් 37, යසෝද මෙන්ඩිස් 29, කෝසල කුලසේකර 2/36, තරිඳු රත්නායක 2/36, එච්. ආර්. සී. ඩිල්ශාන් 5/75

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියල්ලන්ම දැවී 314 (83.5): චාමර සිල්වා 93, කෝසල කුලසේකර 66, චරිත් කුමාරසිංහ 38, පබසර වඩුගේ 37, මල්ක මදුසංක  4/82.

යුද හමුදා ක්‍රීඩා සමාජය; දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 15/5 (6.4):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<