සාන්ත බෙනඩික්ට් හා මාතර සාන්ත තෝමස් වැඩි වාසිය අතට ගනී

187

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (22) සාර්ථක ලෙස අවසන් විය. ඒ අතරින් මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා කොටහේන සාන්ත සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කර ගත්තේය.

නාලන්දා විද්‍යාලයට දැවැන්ත ජයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් ක්‍රිකට් රැසක් අද (21) අවසන්…

ඉසිපතන විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස නිමාව දුටු මේ තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික් විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉසිපතන විද්‍යාලය සවිඳු උත්සරගේ ලකුණු 47 සවියක් කොටගෙන ලකුණු 172ක් ලබා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය. තෙවිඳු දික්වැල්ල ලකුණු 34යි. පන්දු යැවීමේ දී මහීෂ තීක්ෂණ හා මලිඳු පෙරේරා අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

Photos: St. Sylvester’s College vs Mahinda College – U19 Cricket Tournament 2018/19

එම ඉනිමට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 270ක් ලබාගත්තේ කවීෂ ජයතිලක ලබාගත් අර්ධ ශතකය සවියක් කරගෙනයි. ඔහුට සහාය වූ මහීෂ තීක්ෂණ ලකුණු 41ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනාගේ පිතිකරණය සවියක් කරගෙන පළමු ඉනිමේ වැඩි වාසිය ලබාගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට හැකි විය.

තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ නියමිත කාලය අවසන් වෙද්දී ලකුණු 98ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ඉසිපතන විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 133ක් ලබාගෙන ඉනිමක පරාජයෙන් බේරීමට සමත් විය. සවිඳු උත්සර ලකුණු 44යි. මලිඳු පෙරේරා ලකුණු 47කට කඩුලු 4ක් දවා ගත්තේය.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 172 (58.2): සවිඳු උත්සර 47, තෙවිඳු දික්වැල්ල 34, කවීෂ ජයතිලක 3/07, මහිෂ තීක්ෂණ 3/26, මලිඳු පෙරේරා 3/40.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 270 (74.4): කවීෂ ජයතිලක 65, මහීෂ තීක්ෂණ 41, කවිඳු පෙරේරා 33, දිනත් දිසානායක 2/25.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම – 133/8 (53.1): සවිඳු උත්සර 44, ලෙශාන් අමරසිංහ 32, මලිඳු පෙරේරා 4/47.

නිපුන් ධනංජය හා දිනුක් ඩිල්ශාන් ශතක අතරට

අනාගතයේ ලොව දිනන පාසැල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු…

වෙස්ලි විද්‍යාලය හා  මාතර සාන්ත තෝමස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී අවසන් වූ මේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. සාන්ත තෝමස් විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව ආරම්භ වූ මේ තරයේ දෙවන දිනය වූ අද (22) දිනය අවසන් වෙද්දී සත්කාරකයින්ගේ ආරාධනයෙන් පළමු ඉනිම දියත් කරමින් සිටි වෙස්ලි විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 95ක් ලබාගෙන සිටියේය.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බුද්ධිම විජේසුන්දර දියත් කළ ඉවසිලිවන්ත පිතිකරණය නිසාවෙන් ලකුණු 184ක් දක්වා ඔවුන්ගේ පළමු ඉනිම වර්ධනය කරගැනීමට අවස්ථාව උදා විය. පන්දු යැවීමේ දී වෙස්ලි විද්‍යාල පිතිකරුවන් ඉතාමත් හොඳින් පාලනය කළ දඟපන්දු යවන ක්‍රීඩක හිරුෂ ජීවදිත් ලකුණු 47කට කඩුලු 5ක් දවා ගත්තේය.

හැකි ඉක්මනින් මෙන්ම ආරක්ෂිතව පන්දුවට පහර දෙමින් පන්දුවාර 61ක් තුල සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය එම කඩඉම පසුකර සිය පළමු ඉනිම අත්හිටු විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ  දකුණතින් පිත්ත හසුරුවන සංචිත රණසිංහ මනරම් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 53ක් ලබා ගන්නා ලදි. මේ තරගය පළමු වටයේ D කාණ්ඩයේ තරගයක් විය.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 184 (68.5): බුද්ධිම විජේසුන්දර 53, මොවින් සුබසිංහ 31, රාහුල් ගුණසේකර 30, කාවින්දන පෙරේරා  23, හිරුෂ ජීවදිත් 5/47, සචිර රශ්මික 4/43.

මාතර සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 186/6d (61): සංචිත රණසිංහ 53, හරිඳු ජයසේකර 29, රාහුල් ගුණසේකර 2/28, තේනුක පෙරේරා 2/33.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 33/0 (10): තිසුරක අකිමීමන 18*, බුද්ධිම විජේසුන්දර 13*.


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

මහනුවර, අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කළ ආරාධනය පිළිගත් සාන්ත ආනා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කරගත්තේ ලකුණු 68ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයකි.

එවැනි අවම ලකුණු මට්ටමකට සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම සීමා කළ කවිෂ්ක සේනාධීර ලකුණු 26කට කඩුලු 6ක් දවා ගනිමින් සුපිරි පන්දු කරණයක නිරත විය.

තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ  අභිෂේක් ආනන්දකුමාර් අර්ධ ශතකයක් වාර්තා කර ගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ මනරම් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 81*ක් වාර්තා කරගෙනයි.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම: 68 (38.2): කවිෂ්ක සේනාධීර 6/26.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 183/4 (27): අභිෂේක් ආනන්දකුමාර් 81*, පුබුදු බණ්ඩාර 29, කවිෂ්ක සේනාධීර 29, පසිඳු තෙන්නකෝන් 3/48.

මොරටු මහා විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

මොරටු මහා විද්‍යාල පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මොරටු මහා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. අයහපත් ආලෝකය නිසාවෙන් පළමු දිනයට තරගය නවතා  දමන විට මොරටු මහා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 249ක් ලබා ගත්තේ නිශාන් මදුෂ්ක (ලකුණු 78) හා චමල්ක පුෂ්පකුමාර (ලකුණු 71) ලබා ගත් අර්ධ ශතක සහයක් කරගෙනයි. යසිත් සමරරත්න ලකුණු 36කට කඩුලු 3යි. මේ තරගය සුහද  කාණ්ඩයේ තරගයකි.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 249/8 (61): නිශාන් මදුෂ්ක 78, චමල්ක පුෂ්පකුමාර 71, පැතුම් විහඟ 3/62.

පළමු දිනයට පැවැත්වූ තරග හෙට (23) දෙවන දිනයටත් පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. එසේම මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන පළමු පෙළ සුහද පාසල් ක්‍රිකට් තරගය හෙට උදෑසන 9.30 සිට සජීව ලෙස ඔබ වෙත රැගෙන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<