සංචිතයේ වෙනස්කම් කිහිපයක් සමඟින් මැතිව්ස්ට එක් දොරක් වැසේ

4031

ලබන 10 වැනිදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා තරග කරනු ලබන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් සංචිත අද (26) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි.

ඇෆ්ගන්වරුන් ඉන්දියාවට ද අනතුරු හඟවයි

ආසියානු ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර තරග නිමාවක් සනිටුහන් කළ ඉන්දිය සහ ඇෆ්ගනිස්තාන.

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රංගන හේරත් මෙම තරග සංචාරයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත නිසාවෙන් පුද්ගලිකව ඔහුට මේ තරග සංචාරය ඉතාමත් වැදගත් වනු ඇත.

ආසියානු කුසලානයේ දී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වී තරගාවලියෙන් ඉවත් වූ නිසා ඇන්ජෙලෝ මැතිව්ස්ට කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තේරීම් කමිටුව විසින් දන්වා සිටි අතර ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් නව එක්දින නායකයා ලෙස පත් කිරීමට ඔවුන් තීරණය කළේය.  

“ඇන්ජලෝගේ ශාරීරික යෝග්‍යතාවය එතරම් හොඳ නෑ. අපිට ඕන ඔහුගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කරන්න. අපි ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව කාලයක් තිස්සේ බලාගෙන හිටියේ, එය එන්න එන්නම අඩු වෙන නිසා තමයි අපි මේ තීරණය ගත්තේ. ඔහුගේ කඩුලු අතර දිවීම හා පන්දු රැකීම දුර්වල වෙලා තියෙන්න ශාරීරික යෝග්‍යතාවය අඩු නිසයි.” ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අද (26) පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

2017 වර්ෂයේ පැවති එක්දින තරගවල දී ඉනිම් 22කට සහභාගී වී ඇති මැතිව්ස් ලකුණු 888ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 59.20ක් පමණ වේ.

නිමා වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට චන්දිමාල් ඇතුළත් කර තිබුණ ද, ආබාධයක් නිසාවෙන් ඔහුට තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකි විය.

විරාත් කෝලිට කියා දුන් පාඩම ගැන ධර්මසේනගෙන් හෙළිදරව්වක්

විරාත් කෝලි සහ කුමාර් ධර්මසේන යනු ක්‍රිකට් විෂය පථයෙහි සැරිසරන්නන් වුවද කුලක…

අවසන් වරට පැවති එක්දින ක්‍රිකට් තරගාවලිවල දී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ව එංගලන්ත සංචාරයේ එක්දින ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කර ඇත. ඔහු අවසන් වරට සහභාගී වූ එක්දින තරග 21ක තුල එක් අර්ධ ශතකයක් හෝ ලබාගෙන නොමැත. ඒ වෙනුවෙන් කඩුලු රකින පිතිකරුවෙකු වන සධීර සමරවික්‍රම සංචිතයට ඇතුලත් කර ඇති අතර ඔහු ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු සංවර්ධන කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගාවලියේ දී හා මේ දිනවල පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දී ද ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වෙමින් ලකුණු අතරට පැමිණ සිටින ක්‍රීඩකයෙකි.

ශෙහාන් ජයසූරිය, දිල්රුවන් පෙරේරා වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙවර සංචිතයෙන් ඉවත් කර ඇත්තේ නුවන් ප්‍රදීප් හා ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ඉඩ වෙන්කරමිනි.

ධනුෂ්ක ගුණතිලකගේ ආබාධය තවමත් සුවවී නොමැති නිසා ටෙස්ට් සංචිතයට කෞෂාල් සිල්වා ඇතුළත් කර ඇති අතර ඊට අමතරව මලින්ද පුෂ්පකුමාර ද සංචිතයට ඇතුළත් කරමින් දඟපන්දු යවන්නන් පස් දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයක් මෙවර නම් කර තිබේ. කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර ඇත.

වසරක විරාමයකට පසු ලසිත් මාලිංග නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය සඳහා සංචිතයට කැඳවන්නට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව තීරණය කර තිබූ අතර එහි දී දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකා එක්දින සංචිතයට ද මාලිංගව ඇතුලත් කර ඇත.

එක්දින තරගාවලියේ පළමු තරග දෙක දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව පැවැත්වෙන අනෙක් තරග දෙක මහනුවර දී පැවැත්වෙනු ඇත. අවසන් එක්දින තරගය සහ පන්දුවාර විස්ස තරගය කොළඹ දී පැවැත්වීමට නියමිත අතර ටෙස්ට් තරගාවලියේ තරග තුන පිළිවෙළින් ගාල්ල, මහනුවර සහ කොළඹ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ දී පවත්වා ඇති තරගාවලිවල දී එංගලන්ත කණ්ඩායම එතරම් දස්කම් දක්වන්නට අසමත් වී ඇති අතර ඒ අනුව මෙම තරගාවලියේ දී ඔවුන් ඉහළ දස්කම් දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව නොඅනුමානයි.

“ආසියානු කුසලානයේ පරාජය වෙනුවෙන් මාව බිල්ලට දුන්නා” – මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ පරාජයට තමන්…

ශ්‍රී ලංකාවේ දී ඔවුන් ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 5ක් ඔවුන් පරාජයට පත්වෙද්දී, ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ තරග 4ක් පමණි. ඉතිරි තරග 4 ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. කෙසේ නමුත් 2012 වසරේ පැවති ටෙස්ට් තරගාවලියේ දී ඔවුන් ඉහළ දස්කම් දක්වමින් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නට සමත් විය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් පෙරේරා, උපුල් තරංග, තිසර පෙරේරා, සධීර සමරවික්‍රම, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අකිල ධනංජය,  අමිල අපොන්සු, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්.

අතිරේක ක්‍රීඩකයින් – දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ෂෙහාන් මදුසංක, ජෙෆ්රි වැන්ඩසේ , කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කෞශාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත් , දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ලහිරු කුමාර (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය වෙත ඉදිරිපත් කර ඇත), කසුන් රාජිත, මලින්ද පුෂ්පකුමාර.

අතිරේක ක්‍රීඩකයින් – දුෂ්මන්ත චමීර, ලහිරු තිරිමාන්න, නිශාන් පීරිස්, ජෙෆ්රි වැන්ඩසේ, කුසල් පෙරේරා.

තරග කාලසටහන

  • 2018 ඔක්තෝබර් 10 – පළමු එක්දින තරගය – (දිවා/රාත්‍රී) – දඹුල්ල
  • 2018 ඔක්තෝබර් 13 – දෙවන එක්දින තරගය – (දිවා/රාත්‍රී) –  දඹුල්ල
  • 2018 ඔක්තෝබර් 17 – තෙවන එක්දින තරගය – (දිවා/රාත්‍රී) – පල්ලෙකැලේ  
  • 2018 ඔක්තෝබර් 20 – සිව්වැනි එක්දින තරගය – (දිවා) – පල්ලෙකැලේ
  • 2018 ඔක්තෝබර් 23 – පස්වැනි එක්දින තරගය – (දිවා/රාත්‍රී) – ආර්. ප්‍රේමදාස
  • 2018 ඔක්තෝබර් 27 – එකම විස්සයි විස්ස තරගය (දිවා/රාත්‍රී) – ආර්. ප්‍රේමදාස
  • 2018 නොවැම්බර් 6-10 – පළමු ටෙස්ට් තරගය – ගාල්ල
  • 2018 නොවැම්බර් 14-18 – දෙවන ටෙස්ට් තරගය – පල්ලෙකැලේ  
  • 2018 නොවැම්බර් 23-27 – තෙවැනි ටෙස්ට් තරගය –  එස්. එස්. සී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<