ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර සුහද පාපන්දු තරගයක් ළඟදීම

230

ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් 12 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී මලයාසියානු ජාතික පිරිමි කණ්ඩායම සමඟ ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයකට සහභාගී වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) නිවේදනය කර තිබේ.

වෙළඳසේවා සත් සාමාජික පාපන්දු කුසලානයට කණ්ඩායම් 24ක්

39 වන වරට පැවැත්වීමට නියමිත 2018 වෙළඳසේවා සත් සාමාජික පාපන්දු තරගාවලිය සංවිධානය කිරීම සඳහා මෙවර වෙළඳසේවා පාපන්දු සංගමය සමඟින් ……

තරගය ආරම්භ වන වේලාව තවමත් නිවේදනය කර නැතත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය එළඹෙන ඔක්තෝබර් පළමු වැනිදා බැද්දගාන ජාතික පාපන්දු පුහුණු සංකීර්ණයේ දී පුහුණුවීම් අරඹනු ඇත.

බංගලාදේශයේ පැවති 2018 SAFF සුසුකි කුසලාන තරගාවලියෙන් අනතුරුව දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සති දෙකක් පමණ විවේක කාලයක් ගත කළ අතර පසුගිය තරගාවලිවලට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර යම් සාර්ථකත්වයක් අත්කර ගත්තේ ඉන්දියාව හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජය වුවත්, මාලදිවයින හමුවේ ගෝල 0-0ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමිනි.

ශ්‍රී ලංකාවේ සියලුම බලාපොරොත්තු බිඳ වැටේ

16න් පහළ ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ තවත් තරගයකට ශ්‍රී ලංකාව අද (19) මුහුණ දුන් අතර එම තරගයෙන් ගෝල 17-00ක්…..

මැලේසියාව පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ලොව 171 වැනි කණ්ඩායම වන අතර පසුගිය සැප්තැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වල 200 වන ස්ථානයේ සිට 199 වන ස්ථානයට පැමිණීමට සමත් විය.

පාපන්දු සම්මේලනයේ ප්‍රකාශයක මෙසේ සඳහන් විය.

“SAFF ශුරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අසමත් වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතා හොඳ දියුණුවක් පෙන්වූවා, දැන් කණ්ඩායම ඉදිරියට තිබෙන තරගවලට පුහුණුවීම් ආරම්භ කරාවි”

“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පොරොන්දු වී ඇති ලෙසම අපි ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකාවේ දී ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාවන් රැසක් උදා කර දීමට බලාපොරොත්තු වෙනවා.“

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<