ලොව පළමු වරට කාන්තා ක්‍රිකට් තරගාවලියකට DRS එයි

110
DRS to make maiden appearance

විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාව හෙවත් DRS අවස්ථාව රූපවාහිනියේ විකාශනය වන බොහෝ පිරිමි ක්‍රිකට් තරගාවලි තුල දැකගන්නට ලැබුණ ද, කාන්තා ක්‍රිකට් ද්වි පාර්ශ්වික (bilateral series) තරගාවලි තුල එය භාවිතා කර නොමැත.

කෙසේ නමුත් අද (21) ආරම්භ වීමට නියමිත කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය තුල දී පළමු වරට DRS අවස්ථා භාවිතා කිරීම සඳහා පියවර ගෙන ඇත.

තවත් ක්‍රිකට් පුවත්: 

2017 වසරේ දී ලෝක ක්‍රිකට් පිටිය සඳහා පැමිණි DRS ක්‍රමය පිරිමි ක්‍රිකට් තරග රටාව සඳහා එතරම් අලුත් නොවන නමුත් කාන්තා ක්‍රිකට් තරග රටාව සඳහා එය තරමක් අලුත් අත්දැකීමක් වනු නිසැකය.

මෙම තරගාවලිය තුල පැවැත්වෙන එක් තරගයක එක් ඉනිමක් තුල දී සෑම කණ්ඩායමකටම DRS අවස්ථාවන් දෙක බැගින් අවස්ථා හතරක් ලැබෙනු ඇත.

“අපි වුනත් බලන්නේ හොඳ දස්කම් අතරට එන්න, ඉතින් සමහර වෙලාවට විනිසුරුවන්ට වුනත් තරගය මැද දී ලබාදෙන යම් යම් තීරණ වැරදෙන්න පුළුවන්, මොකද මිනිස් ස්වභාවය ඒක. හැබැයි කාන්තා ක්‍රිකට් පිරිමි ක්‍රිකට් කියලා වෙනසක් කරන්නේ නැතිව DRS ක්‍රමය මේ තරගාවලියට හරි ගෙනාපු එක ගොඩක් වටිනවා. එතකොට ඉදිරියේ දී පැවැත්වෙන කාන්තා ක්‍රිකට් තරගාවලිවලටත් මේ ක්‍රමය යොදාගන්න කට්ටිය උනන්දු වෙනවා” යැයි එංගලන්ත නායිකා හීතර් නයිට් පැවසීය.

කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගතයට මුළු ලොවම අකර්මණ්‍ය වීමෙන් පසුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගාවලිය වේ.

ඩර්බි හිදී පැවැත්වෙන මේ තරගාවලිය සඳහා කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයක් සිදු නොවන අතර සැප්තැම්බර් 21 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<