“ආසියානු කුසලානයේ පරාජය වෙනුවෙන් මාව බිල්ලට දුන්නා” – මැතිව්ස්

1488

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ පරාජයට තමන් වරදකරුවෙකු කර තමාව බිල්ලට දී ඇති බව ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් චෝදනා කර තිබුණා.

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වී තරගාවලියෙන් ඉවත් වූ නිසා ඇන්ජෙලෝ මැතිව්ස්ට කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන ලෙස දන්වා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නව එක්දින නායකයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තේරීම් කමිටුව තීරණය කරන ලදි.

දශක 4ක ක්‍රිකට් අභිමානය බිංදුවට බැස්සවූ ‘මාර පරාජය’

ලෝක සිතියමේ පැන්සල් තුඩකින් වැසිය හැකි තරමේ පුංචි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අභිමානයෙන් කතා කළ හැකි දෙයක් පැවතියේ නම් ඒ ‘ක්‍රිකට්’ පමණි. ගෙවී ගිය සැප්තැම්බර් 17 වැනි…

ප්‍රධාන පුහුණුකරු හා ජාතික තේරීම් කමිටුව පසුගිය සිකුරාදා ඇන්ජෙලෝ මැතිව්ස් සමඟින් සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ තමා හට ශ්‍රී ලංකා පරාජයේ වගකීම තනිවම දැරිය නොහැකි බවයි.

“මා එක වරම පුදුම වුනා, මට වහාම දැනුණේ ආසියානු කුසලානයේ දී බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයන්ට මා බිල්ලක් කර මගේ මත වරද පටවා ඇති බවයි, මම වරද හා බැනුම් භාර ගැනීමට කැමතියි නමුත් සම්පූර්ණ වරදම මා මත පැටවීම නිසා මට හැඟෙනවා මාව පාවා දී ඇති බවක්, සියලු තීරණ ගත්තේ තේරීම් කමිටුව හා ප්‍රධාන පුහුණුකරුවාගේ සම්පූර්ණ අනුදැනුම හා සහයෝගය මත. නායකයා මත වරද පැටවීම මම අනුමත කරන්නේ නැති වුනත් තේරීම් කමිටුවේ හා ප්‍රධාන පුහුණුකරුගේ ඉල්ලීම මත මම වහාම නායකත්වයෙන් ඉවත් වනවා” යැයි මැතිව්ස් ඔහුගේ ලිපියේ සඳහන් කර තිබුණි.

ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ නවක ක්‍රීඩකයෙකු සඳහා ඔහු නායකත්වය වරක් අතහැරි නමුත් ප්‍රධාන පුහුණුකරුගේ විශාල ඉල්ලීම මත ඔහු යලිත් නායකත්වය භාර ගත් බවයි.

“මම මතක් කරන්න කැමතියි 2017 ජූලි මාසයේ දී මම සියලුම ආකෘතිවල නායකත්වයෙන් ඉවත් වුනා, මගේ නායකත්වයේ කාල සීමාවේ දී අප එංගලන්තය පරාජය කළා. ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරග 3-0ක් ලෙස පරාජය කළා. 2014 ආසියානු කුසලානය ජයග්‍රහණය කළා වැනි මතක රැසක් තිබෙනවා, නමුත් කණ්ඩායමේ තිබූ තත්වයන් මත මම කැමැත්තෙන්ම 2017 ජූලි මාසයේ දී ඉවත් වී නව නායකයෙකුට ඉඩ ලබා දුන්නා. එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පරාජයන්ට මුහුණ දුන් අතර නව නායකයින් කිහිප දෙනෙක් ද පත් කෙරුණා, නම් වශයෙන් කියනවා නම් උපුල් තරංග, තිසර පෙරේරා, ලසිත් මාලිංග, චාමර කපුගෙදර හා දිනේෂ් චන්දිමාල්, ඔවුන් 2017 ජූලි මාසයේ සිට 2017 දෙසැම්බර් දක්වා විස්සයි විස්ස හා එක්දින නායකයින් ලෙස කටයුතු කළා, චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු වූ වහාම මා පෞද්ගලිකව හමුවී 2019 ලෝක කුසලානය තෙක් නායකත්වය භාර ගන්නා ලෙස මගෙන් ඉල්ලීමක් කළා. මම මගේ පවුලේ අය සහ මගේ ළඟම හිතවතුන් අකමැති වුවත් හතුරුසිංහ මහතාගේ සැලැස්මවල් හා ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක කරවීමේ අරමුණ මත මම නැවත නායකත්වයට පත් වීමට එකඟ වුනා.”

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් නායකයා මාරු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන මාසයේ ආරම්භ වන එංගලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායක ලෙස දිනේෂ්…

තව දුරටත් අදහස් දක්වමින් මැතිව්ස් සඳහන් කර තිබුණේ ඔහු කණ්ඩායමට වටිනා ක්‍රීඩකයෙකු යැයි තේරීම් කමිටුව සිතන තාක් තමන් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන බවයි.

“පුහුණුකරු හා තේරීම් කමිටුව මම එක්දින හා විස්සයි විස්ස ආකෘති සඳහා සුදුසු නැහැයි කියා සිතනවා නම් මම එම ආකෘතිවලින් විශ්‍රාම ගැනීමට සූදානම්, කණ්ඩායමට බරක් වෙන්න මම කැමති නැහැ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<