තවත් දිනයක අවසානයේ උණුසුම වැඩිවෙයි

541
Mercantile Cricket

24  වන වතාවටත් සිංගර් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ වටය පසුගිය දා ආරම්භ විය. අද (3) මෙම තරගාවලියේ උණුසුම වැඩි කරමින් තරඟ හතරක්  පැවැත්වූ අතර මෙම තරඟ වලින් එල්. බී. ෆිනෑන්ස්, කැන්රිච් ෆිනෑන්ස්, සෙලාන් බැංකු හා ජෝන් කීල්ස් යන ආයතන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි.

පසුගිය ලිපි: 17න් පහල කිරුළ සෙබස්තියන් විද්‍යාලයට

පෑන් ඒශියා බැංකු A කණ්ඩායම හා සෙලාන් බැංකු කණ්ඩායම අතර තරඟය කටුනායක නිදහස් වෙළෙඳ පිටියේදී,

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සෙලාන් බැංකු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

පෑන් ඒශියා බැංකු කණ්ඩායම – 142-10 තුසිත් සිල්වා 47,චාමික සසංක 19, විරාජ් දීපාල් 15,ගයාන් සිරිසෝම 4/22, කාංචන ගුණවර්ධන 4/36.

සෙලාන් බැංකු කණ්ඩායම -143-5 (24.3) තරංග පරණවිතාන 43,කාංචන  ගුණවර්ධන 31, සී.විතානගේ 20, චාමික සසංක 3/41.

මෙම තරඟය සෙලාන් බැංකු කණ්ඩායම කඩුලු 5 කින් ජයග්‍රහණය කරන ලදි.


කැන්රිච් ෆිනෑන්ස් A කණ්ඩායම හා කොමර්ෂල් බැංකු A කණ්ඩායම අතර තරඟය එම්.සී.ඒ පිටියේදී

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

කොමර්ෂල් බැංකු කණ්ඩායම 195-10 (49.5) ලසිත නානායක්කාර 41, සචින්ද ගුණවර්ධන 30* ,ප්‍රනීත් තිමංක 24, රොෂාන් ලක්සිරි 2/33, ප්‍රමෝද් මදුසංක 2/30

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම – 196-4 (24.4) ශෙහාන් ප්‍රනාන්දු 50,කසුන්  විදුර 74, දමිත්  ප්‍රියදර්ශන  49, ප්‍රතාප් ද සිල්වා 2/33

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම කඩුලු 6ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


මාස් හෝල්ඩින්ග්ස් A කණ්ඩායම හා එල්. බී. ෆිනෑන්ස් A කණ්ඩායම අතර තරඟය සරේ පිටියේදී,

මාස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම -251-10 (36.1) චතුරංග කුමාර 116, ලක්ෂාන් රොද්‍රිගෝ 40, ඒ.පෙරේරා 25, රුමේෂ් සිල්වා 4/81

මාස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම -188-10 (43.2) කවීන් ද සිල්වා 55, සංගීත් කුරේ  38, ටනීශ වීරකෝන් 3/34, රජීව වීරසිංහ 2/14

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම මෙම තරඟය ලකුණු 63කින් ජයග්‍රහණය කරන ලදි.


සිංගර් A කණ්ඩායම හා ජෝන් කීල්ස් B කණ්ඩායම අතර තරඟය මත්තේගොඩ හමුදා පිටියේදී,

ජෝන් කීල්ස් කණ්ඩායම – 195-5 (32) අශාන් පීරිස් 88, සසිදු පෙරේරා 52* සාලින්ද උශාන් 33, පී.ඩිල්ශාන් 3/23

සිංගර් කණ්ඩායම – 190-10 (31.2) සී.ලක්ෂාන් 63, පැතුම් වික්‍රමාරච්චි 36, R.ප්‍රියන් 22, Z.වික්‍රමනායක 3/30

මෙම තරඟය ලකුණු 5 ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියේ තවත් තරඟ 3ක් ලබන 07 වැනි බදාදා පැවැත්වීමට නියමිතව ඇත.

  • ජෝන් කීල්ස් B කණ්ඩායම හා කොමර්ෂල් බැංකු A කණ්ඩායම අතර තරඟය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේදී,
  • හේලිස් සමූහ ව්‍යාපාර A කණ්ඩායම හා මාස් හෝල්ඩින්ග්ස් A කණ්ඩායම අතර තරඟය මත්තේගොඩ හමුදා පිටියේදී ,
  • මොබිටෙල් A කණ්ඩායම හා සිංගර් A කණ්ඩායම අතර තරඟය වෙළෙඳ පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට