ගෙවුනු දවස: නොවැම්බර් 15 – රාජකීයයේ රාජකීය ඉණිම

435
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 වොලිබෝල් 

මාරිස්ටෙලා විදුහල අවසන් වටයට

කඳාන ද මැසිනොද් විද්‍යාලය විසින් 14 වන වරටත් පවත්වන හෙන්රි සේනාරත්න වොලිබෝල් තරඟාවලියේ, කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් A කාණ්ඩයේ පෙරමුණ ගත් මීගමුව මාරිස්ටෙල විද්‍යාලය අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. A කාණ්ඩයේ තරග සියල්ල ඊයේ (15) මැසිනොද් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවත්විය.

දිනයේ අවසන් තරඟය ලෙස පැවත්වීමට තිබූ තුන්වන ස්ථානය සඳහා වන තරඟය, නිතරඟයෙන් ජය ගැනීමට රාජකීයන් සමත් වූයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කොළඹ නාලන්දා ක්‍රීඩකයින් තරඟයට හැර යෑම හේතුවෙනි.

තරඟාවලියේ අවසන් මහා තරඟය කඳාන ද මැසිනොද් විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙන්නේ ද මැසිනොද් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදීයි.

සම්පූර්ණ ලිපිය: මාරිස්ටෙලා සහ මැසිනොද් විද්‍යාල අවසන් මහා තරගයට


විදුලි බල මණ්ඩලය සහ වරාය පෙරමුනේ

“මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සිව්වන දිනය නිමාවට පත්වන විට, පිරිමි අංශයෙන් විදුලි බල මණ්ඩල කණ්ඩායමත්, වරාය අධිකාරී කණ්ඩායමත් සහ කාන්තා අංශයෙන් ගුවන් හමුදා සහ කැෂුවල් ලයින් කණ්ඩායමත් තරඟාවලි ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් විය. තරඟාවලිය පැවැත්වෙන්නේ මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දීයි.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරග අද මහරගමදී පැවැත්වෙනු ඇත.

සම්පූර්ණ ලිපිය: විදුලි බලයට අභියෝග කරන්නට වරාය ක්‍රීඩකයන් සූදානම්


 ක්‍රිකට් 

එංගලන්නත කාන්තාවෝ ජය පැන් බොයි

ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ තුන්වැනි එක්දින තරගයේදී ද පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය. අද (15) ආර්. ප්‍රේමදාස පිටියේදී පැවති තරගයෙන් ඔවුන්ට උරුම වූයේ කඩුලු 5ක පරාජයක්.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 49.4): නිපුනි හංසිකා 29, චමරි අතපත්තු 27, ඩිලානි මනෝදරා 22, ලෝරා මාශ් 2/25, ඩැනියෙල් හැසල් 2/24, ඇලෙක්සැන්ඩ්‍රා හාර්ට්ලි 2/23.

එංගලන්තය – කඩුලු 5ක් දැවී ලකුණු 162 (පන්දුවාර 29.3): ටම්සින් බියුමොන්ට් 78, ක්ලෙයාර් විල්සන් 30, ලොරේන් වින්ෆීල්ඩ් 21,උදේශිකා රණසිංහ 2/26.

සම්පූර්ණ ලිපිය: එංගලන්ත කාන්තා පිළට තෙවැනි එක්දින තරගයෙනුත් විශිෂ්ට ජයක්


පසිඳු සූරියබණ්ඩාර 79යි

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ (15) ආරම්භ වූ අතර, එම තරඟ දෙක අතුරෙන් රාජකීය විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර ඉසිපතන විද්‍යාලයට එදිරිව අර්ධ ශතකයක් සමඟින් ලකුණු 79ක් ලබා ගැනීමට සමත් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – 310/09 dec (70.2): පසිඳු සූරියබණ්ඩාර 79, රොනුක ජයවර්ධන 49, හේලිත විතානගේ 40, ගනිත් සංදීප 25, රිත්මික නිමේෂ් 2/15, නිරංජන වන්නිආරච්චි 2/35.

ඉසිපතන විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 48/02 (11): හර්ෂ රත්නායක 20*, හිමේශ් රාමනායක 2/12.

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – 229/10 (65): සුහඟ විජේවර්ධන 40, කසුන් සඳරුවන් 40, ලක්ෂිත රසාංජන 29, මිතිල ගීත් 4/26

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉණිම  (පළමු දිනය අවසානයේ දී) – 42/02 (13): සංදීප දේශාන් 23

සම්පූර්ණ ලිපිය: රාජකීය ඉණිමක් දියත් කරමින් පසිඳුගෙන් අර්ධ ශතකයක්

දිනයක නිමාව