ගෙවුනු දවස ජුනි 03 – රාජකීයයෝ රැස් විහිදයි

484
sri-lanka-sports-news-last-day-summary-june-04-sinhala

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

— රගර් –

රාජකීයයෝ බලය පෙන්වයි.

සිංගර් ලීග් 7වැනි සතිය අාරම්භ කරමින් කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත අැන්තෝනි විද්‍යාලය අතර තරගයක් අද මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

තරගයේ ප්‍රථම අර්ධයේ සිටම වාසිය තම අතට ගෙන ක්‍රීඩා කල රාජකීය විදුහල් කණ්ඩායම තරගයේ ජය සනිටුහන් කිරීමට සමත් විය. ප්‍රථම අර්ධය අවසන් වන විට 12-6 ලෙස ලකුණු පුවරුවෙහි සටහන් වී තිබු අතර තරගයේ සමස්ත ලකුණු සංඛ්‍යාව ලෙස 26-13 ලෙස අැන්තෝනි විදුහල පරදවා රාජකියයෝ ජයග්‍රහනය කිරීමට සමත් විය.

තරගයේ සවිස්තර ලිපිය: අැන්තෝනි පරදවා රාජකීයයෝ ඉදිරියට

— පාපන්දු —

පාසල් තරග තුනක්

පාසල් පාපන්දු උණුසුම නැවත අැති කරමින් මේ දිනවල පැවැත්වෙන කොත්මලේ චොක්ස් වයස අවුරුදු 19න් පහල පාපන්දු තරගාවලියේ තරග 3ක් පැවැත්විනි.

මෙහිදි කොළඹ ලුම්භිනි විද්‍යාලය සහ හැටන් ශ්‍රී පාද විදුහල අතර පැවති තරගය ලකුණු 7-1 ලෙස ජයග්‍රහනය කිරීමට ලුම්භිනි විද්‍යාලය සමත් විය.

මේ අතරතුර සාන්ත ජෝසප් විදුහල සහ සාන්ත මේරි විදුහල අතර පැවති තරගය ජයගැනීමට සාන්ත ජෝසප් විදුහල සමත් විය. ඒ් ලකුණු 2-1 කිනි.

තුන්වැනි තරගය ලෙස පැවැත්වු මාතර සාන්ත තෝමස් විදුහල සහ හර්මන් විද්‍යාලය අතර තරගයෙන්, සාන්ත තෝමස් විදුහල ලකුණු 2-4 ලෙස පරාජයට  පත්විය.

— වෙනත්

ප්‍රථම තරගයෙන්ම පදක්කම් 6ක්

ශ්‍රී ලංකාවේ සැම්බෝ සම්මේලනය නියෝජනය කරමින් පළමු වතාවට 2016 ආසියානු සැම්බෝ ශූරතාවලිය සදහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත් විය.

මෙම තරගාවලිය තුරුක්මෙනිස්ටාන්හි (Turkmenistan) ඇස්කබාට් (Ashgabat) නගරයේ ඔලිම්පික් ගම්මානයේදී මැයි මස 26 දින සිට 30 වන දින දක්වා පැවැත්වුණි.

මෙම තරගාවලිය නියෝජනය කල රටවල් 17 ක් අතරින් පහත සදහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් දිනා දෙන ලදි.

  • එම්.පී.ජී.ඩිලානි මිය 48kg
  • ඩිනුෂිකා ප්‍රියදර්ශනී මිය 52kg
  • දිනේෂා මල්කාන්ති මිය 60kg
  • නර්මදා සදමාලි මිය 68kg
  • ඩබ්.ටී.ආර්.ප්‍රණාන්දු මයා 78kg
  • හිලරි රොද්‍රිගෝ මයා 74kg

සම්පුර්ණ ලිපිය: ජාත්‍යන්තර සැම්බෝ තරගාවලියෙන් පදක්කම් 06 ක්

අලීට අසාධ්‍යයි?

ප්‍රවීන බොක්සින් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් අලි අද ශ්වසන අබාධයක් හේතු කොට ගෙන රෝහල් ගත කෙරු බව අලීගේ මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍යයට දැනුම් දි අැත.

74 වැනි වියෙහි පසු වන අලීගේ තත්වය එතරම් බරපතල නොවන බව වෙෙද්‍යවරුන් විසින් සඳහන් කරනු ලබන අතර රෝහල් ගත වී විවේක ගැනීම යෝග්‍ය බව පවසයි. තුන් වතාවක් ලෝක ශූරයා වු අලී මීට ප්‍රථම මුත්‍රා අසාධනයකින්  2015 වර්ෂයේදි රෝහල් ගත වු බව වාර්තා වේ.

දවසේ නිමාව