Home Sinhala LPL සැණකෙළියට Russellගෙන් ගිනිකෙළි

LPL සැණකෙළියට Russellගෙන් ගිනිකෙළි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

511
Image Credits - SLC Media

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) තවත් තරගයක් අද (29) නිමාවට පත්වූයේ Colombo Kings කණ්ඩායමට ලකුණු 34ක ජයක් හිමිකර දෙමිනි. 

එහි දී Galle Gladiators කණ්ඩායමට එරෙහිව සුපිරි පිතිකරණයක නිරත වූ Andre Russellගේ ඉනිම තරගයේ වැඩි අවධානය දිනා ගත් ඉනිම බවට පත්වූ අතර ඒ දැවැන්ත ප්‍රහාරය නිසාවෙන් තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට ඔහුට හැකි විය.

රාත්‍රි 8ට  ආරම්භ වීමට නියමිතව තිබූ අද තරගය පැය 3කට ආසන්න කාලයක් ප්‍රමාද වූයේ ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙනි. කෙසේ නමුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගයක ප්‍රතිඵලයක් ලබා ගැනීම වෙනුවෙන් එක් කණ්ඩායමක් අවම ලෙස පන්දුවාර 5ක් ක්‍රීඩා කළ යුතු නිසාවෙන් තරග තීරකවරුන් මේ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 5කට සීමා කිරීමට පියවර ගත්තේය.

LPL තතුවිත්ති:

කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators නායක Shahid Afridi පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළ අතර ඒ අනුව Colombo Kings වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි Andre Russell සහ තික්ෂිල ද සිල්වා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් ඒ සියල්ලම වාර්තා වූයේ Russellගේ අන්තයෙනි. 

ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන Mohammad Amir Galle Gladiators වෙනුවෙන් පන්දුවාර දෙකක් යොමු කළ අතර එහි දී ඔහුට එරෙහිව ලකුණු 46ක් ලබා ගැනීමට Russell ඇතුළු Colombo Kings ක්‍රීඩකයෝ සමත් වූයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටිය පුරාවට ගිනිකෙළි සංදර්ශනයක් දියත් කරමිනි.

පන්දුවාර 5 පුරාවටම කඩුල්ලේ රැඳී සිටිමින් ක්‍රීඩා කළ Russell 4 පහර 9ක් සහ 6 පහර 4ක් සමඟ පන්දු 19ක දී නොදැවී ලකුණු 65*ක් ලබා ගත්තේ Colombo Kings ලකුණු සටහන 96/1ක් දක්වා රැගෙන යමිනි. 

එය දැනට ක්‍රියාත්මක වූ පන්දුවාර 5ක විස්සයි විස්ස ක්‍රිකට් තරගයක කණ්ඩායමක් වාර්තා කරගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන අතර Russellගේ අර්ධ ශතකය දැනට විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතක අතර 5 වැනි තැනට පත්විය. 

තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය තික්ෂිල ප්‍රනාන්දුගේ කඩුල්ල අසිත ප්‍රනාන්දුගේ නමට ඉදිරියෙන් සටහන් වෙද්දී, Laurie Evans පන්දු 10ක් තුල නොදැවී ලකුණු 21*ක් වාර්තා කරගන්නා ලදි.

පන්දුවාර 5ක දී ලකුණු 97ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් Galle Gladiators කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක සහ Hazratullah Zazai පිටියට පිවිසි අතර Colombo Kings වෙනුවෙන් ඉසුරු උදාන ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරය සඳහා ලකුණු 19ක් වාර්තා වූ අතර ඉන් ලකුණු 18ක්ම වාර්තා වූයේ ගුණතිලකගේ පිත්තෙනි. 

අවසානයේ දී Afridi පන්දු 6ක් තුල ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණයක් දක්වා රැගෙන යාමට අවස්ථාව නොලැබුණි. අවසානයේ දී Galle Gladiators නියමිත පන්දුවාර 5 අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 62ක් ලබා ගත් අතර නොදැවී ක්‍රීඩා කළ ගුණතිලක 4 පහර සහ 6 පහර 2ක් සමඟ පන්දු 15ක දී ලකුණු 30*ක් ලබා ගන්නා ලදි. 

පන්දු යැවීමේ දී අශාන් ප්‍රියන්ජන් එක් පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් එක් ලකුණකට එක් කඩුල්ලක් දවා ගන්නා විට, Qais Ahmad ලකුණු 11කට එක් කඩුල්ලක් දවා ගත්තේය.

Result


Galle Gladiators
62/2 (5)

Colombo Stars
96/1 (5)

Batsmen R B 4s 6s SR
Andre Russell not out 65 19 9 4 342.11
Thikshila de silva c Milinda Siriwardane b Asitha Fernando 0 1 0 0 0.00
Laurie Evans not out 21 10 1 2 210.00


Extras 10 (b 0 , lb 0 , nb 0, w 10, pen 0)
Total 96/1 (5 Overs, RR: 19.2)
Did not bat Dinesh Chandimal, Angelo Mathews, Daniel Bell Drummond, Isuru Udana, Ashan Priyanjan, Qais Ahmed, Dushmantha Chameera, Amila Aponso,

Fall of Wickets 1-31 (3.1) Thikshila de silva,

Bowling O M R W Econ
Mohammad Amir 2 0 46 0 23.00
Asitha Fernando 1 0 26 0 26.00
Mohamed Shiraz 1 0 11 0 11.00
Shahid Afridi 1 0 13 0 13.00


Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka not out 30 15 2 2 200.00
Hazratullah Zazai c Thikshila de silva b Ashan Priyanjan 6 6 1 0 100.00
Shahid Afridi c Ashan Priyanjan b Qais Ahmed 12 6 3 0 200.00
Azam Khan not out 10 3 1 1 333.33


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 62/2 (5 Overs, RR: 12.4)
Did not bat Bhanuka Rajapakse, Shehan Jayasuriya, Dhananjaya Lakshan, Milinda Siriwardane, Mohammad Amir, Mohamed Shiraz, Asitha Fernando,

Fall of Wickets 1-37 (2.6) Hazratullah Zazai, 2-52 (4.3) Shahid Afridi,

Bowling O M R W Econ
Isuru Udana 2 0 33 0 16.50
Dushmantha Chameera 1 0 16 0 16.00
Ashan Priyanjan 1 0 1 1 1.00
Qais Ahmed 1 0 11 1 11.00



ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 4ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන්නේ තරග දෙකෙන් තරග දෙකම ජය ගත් Colombo Kings වන අතර Kandy Tuskers සහ Galle Gladiators යන කණ්ඩායම් තවමත් ඔවුන්ගේ නමට ඉදිරියෙන් ජයග්‍රහණයක් වාර්තා කරගෙන නොමැත.  

තරගාවලියේ සිව්වැනි දිනය වන 30 වැනිදා Dambulla Viiking සහ Jaffna Stallions අතර තරගය සවස 3.30 පැවැත්වෙන අතර Kandy Tuskers සහ Galle Gladiators අතර තරගය රාත්‍රි 8.00ට ආරම්භ විමට නියමිත ය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සුදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<