ජාත්‍යන්තර සැම්බෝ තරගාවලියෙන් පදක්කම් 06 ක්

384
Sri Lanka sambo international championship

ශ්‍රී ලංකාවේ සැම්බෝ සම්මේලනය නියෝජනය කරමින් පළමු වතාවට 2016 ආසියානු සැම්බෝ ශූරතාවලිය සදහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත් විය.

මෙම තරගාවලිය තුරුක්මෙනිස්ටාන්හි (Turkmenistan) ඇස්කබාට් (Ashgabat) නගරයේ ඔලිම්පික් ගම්මානයේදී මැයි මස 26 දින සිට 30 වන දින දක්වා පැවැත්වුණි.

මෙම තරගාවලිය නියෝජනය කල රටවල් 17 ක් අතරින් පහත සදහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් දිනා දෙන ලදි.

  • එම්.පී.ජී.ඩිලානි මිය 48kg
  • ඩිනුෂිකා ප්‍රියදර්ශනී මිය 52kg
  • දිනේෂා මල්කාන්ති මිය 60kg
  • නර්මදා සදමාලි මිය 68kg
  • ඩබ්.ටී.ආර්.ප්‍රණාන්දු මයා 78kg
  • හිලරි රොද්‍රිගෝ මයා 74kg

මෙම ආසියානු  සැම්බෝ  ශූරතාවය  ක්‍රීඩා කළ  ක්‍රීඩක  ක්‍රීඩිකාවන්  කොළඹ  තරුණ  ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයින් වන අතර මෙම පදක්කම් ලබා  ගැනීමට  විශේෂ  පිටුවහලක්  වුයේ  කොළඹ YMCA ආයතනයෙන්  ලැබුණු   පහසුකම්  සහ  සහයෝගය  නිසා  බව ශ්‍රී   ලංකා  සැම්බෝ  සම්මේලනයේ සභාපති කිත්සිරි ද සොයිසා මහතා විසින් පවසන ලදී.

ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා සැම්බෝ සම්මේලනයේ සභාපති කිත්සිරි ද සොයිසා මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.Sri Lanka sambo international championship