අැන්තෝනි පරදවා රාජකීයයෝ ඉදිරියට

561
Anthony’s College vs Royal College – Schools Rugby 2016

සිංගර් පාසල් රග්බි තරගාවලියේ සත්වැනි සතිය අාරම්භ කරමින් අද (3) කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයක් මහනුවර බෝගම්බර පිටියේදි පැවැත් විනි. එහිදි ප්‍රසාද ලකුණු සටහනේ ඉහලින් සිටින රාජකීය විද්‍යාලීය කණ්ඩායම ජයග්‍රහනය කිරීමට සමත් විය.

 පාසල් රග්බි පිටියේ සියළු තොරතුරුවලට පිවිසෙන්න‍ 

තරග තීරක රොහාන් ෆර්නැන්ඩෝ මහතාගේ නලා හඬින් අාරම්භ වු තරගයේ ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීම අාරම්භ කරමින් අැන්තෝනි විදුහල් ක්‍රීඩක සැමුඑල් මධුවන්ත මීටර 20 කණුවේ සිට දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට සමත් විය (3-0) . සැමුඑල් මධුවන්ත සිංගර් ලීග් තරගාවලියේ මේවන විට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ද වේ.  ඉන්සුළු මොහොතකට පසු දෙවන වතාවටත් මීටර් 28 කණුවේ සිට දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ඔහු සමත් විය (6-0). ඉන්පසුව තම පාසල වෙනුවෙන් ලකුණු ලබා ගැනීමට තිබු අවස්ථාවන් ඔහුට මඟ හැරිනි. තරගයේ නිහඩ බව බිදිමින් රාජකීයයෝද ලකුණු රැස් කීරීම අාරම්භ කරන්නේ, හිෂාම් බැරි විසිනි. ක්‍රීඩකයන් අතරින් බෝලය දක්ෂ ලෙස රැගෙන ගිය ඔහු උත්සහක දිනුමක් වාර්තා කල නමුත්, ලැබුනු දුෂ්කර ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔවින් අස්කිට නොහැකි විය (6-5).

තරගයේ ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න

ඉන්පසුව නැවත වතාවක් රාජකීය පිලට ලකුණු එකතු කරමින් සිය දෙවන උත්සහක දිනුම වාර්තා කිරීමට හිෂාම්ට හැකි විය. මෙවර ලැබුනු ප්‍රවර්තනය මඟ හැරීමට කිසිදු අවස්තාවක් ලබා නොදුන් අස්කි එයට අතිරේක ලකුණු එකතු කිරීමට සමත් විය (6-12). සෑම අවස්ථාවකදීම රාජකීය පිලේ උපනායක අශෝක් විජේකුමාර් උත්සහක දිනුම් ලබා ගැනීමට ගෝලය නිවැරදි ලෙස හුවමාරු කිරීමට රුකුලක් විය. ප්‍රථම අර්ධය නිමාවන විට අැන්තෝනි විද්‍යාලය වෙනුවෙන් සැමුඑල් පමණක් ලකුණු රැස් කිරීමට සමත් විය.

ප්‍රථම අර්ධය: රාජකීය විද්‍යාලය 12 : 06 ශාන්ත අැන්තෝනි විද්‍යාලය

විවේකයෙන් පසුව අැරඹි දෙවන අර්ධයේදි, ප්‍රථම අර්ධයේ වාසිය සියතට ගනිමින් පිටියට පිවිසි රාජකීයයෝ ප්‍රථමයෙන්ම ලකුණු සටහන් කිරීමට සමත් විය. ඒ අයේෂ් මදුරංගගේ සහය අැතිව නිකිල ගුණදීර විසින් සාර්ථක කරගත් උත්සහක පහරත් සමඟිනි. අස්කි එයට අතිරේක ලකුණු එකතු කිරීමට සමත් විය (19-06). මේ අතරවාරයේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වෙනසක් සිදු කරමින් ශාන්ත අැන්තෝනි විදුහල් ක්‍රීඩකයෝද රාජකීයයන් පසුපස හඹා ඒම අාරම්භ කල අතර දෙවන අර්ධයේදි ප්‍රථම ලකුණ රැස් කරමින් සැමුඑල් විසින් උත්සහක දිනුමක් සාර්ථක කරගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනයද සාර්ථක කරගැනීමට සැමුඑල් සමත් විය (19-13).

තවත් රග්බි පුවත් සිංහලෙන්ම කියවන්න – රග්බි පිටුවට එන්න 

ඉන්සුළු මොහොතකට පසුව අැන්තෝනි ක්‍රීඩකයින්ට ප්‍රතිචාර දක්වමින්, ප්‍රථම අර්ධයෙන් පසුව රාජකීය කණ්ඩායමට ලකුණු රැස් කීරීමට වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමට සමත් වු ක්‍රීඩකයෙකු වන හම්සා රීසා විසින් උත්සහක දිනුමක් සාර්ථක කරගැනීමට සමත් විය. ඔවින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් සම්පූර්ණ ලකුණු තම පාසල වෙනුවෙන් එකතු කිරීමට සමත් විය (26-13).  දෙපිලටම අැතැම් අවස්ථාවන් හිදි ලකුණු ලබා ගැනීමට හැකිව තිබු අවස්ථාවන් මග හැරිනි. නියමිත කාලය අවසන් වීමෙන් පසුව තරගය නිමා කිරීමට නලා හඬ නාද විය. ඒ්ත් සමඟ එවිට වැඩිම ලකුණු ලාභීන් වු රාජකීය විදුහල තරගය ජයග්‍රහනය කිරීමට සමත් විය.

රාජකීය විද්‍යාලය: 26 (උත්සහක දිනුම් 04, ප්‍රවර්තන 03)

ශාන්ත අැන්තෝනි විද්‍යාලය: 13 (උත්සහක දිනුම් 1, ප්‍රවර්තන 1, දඬුවම් පහර 2)

ThePapare.com තරගයේ වීරයා: අශෝක් විජේකුමාර්

 තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න