මුරලි-වාස් කුසලානය සාන්ත ජෝසප් විද්‍යාලයට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

72
Singer U19 Division

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (1) නිමා විය. එහි දී කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජයට පත් කරමින් මුරලි-වාස් කුසලානය තමන් සතු කර ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

රාජකීයයට සහ මහින්දයට ජයග්‍රහණය නූලෙන් මඟ හැරෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (28)

දෙවන දිනයට පැවැත්වූ තරග 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය 

මුරලි – වාස් කුසලානය වෙනුවෙන් දින දෙකක් තිස්සේ සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය අවසන් වූයේ ලකුණු 84ක ජයක් ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලයට ශූරතාව හිමිකර දෙමිනි. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 209ක් වාර්තා කරගත්තේය. එහි දී සාන්ත ජෝසප් පසුපෙළ සවිමත් කළ දකුණතින් පිතිකරණයේ නිරත වන මිරංග වික්‍රමගේ ලකුණු 58ක් ලබා ගනිමින් එවැනි ලකුණු මට්ටමක් දක්වා ඉනිම ඔසවා තැබුවේය. 

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ අවසන් වරට ශූරතාව දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් මොහොමඩ් කාමිල් ලකුණු 43ක් ලබා ගනිමින් දස්කම් දැක්වූ නමුත් පළමු ඉනිමේ වාසිය ගැනීමට ඔහුගේ ඉනිම ප්‍රමාණවත් වූයේ නැත. 

Photos: St. Joseph’s College vs St. Anthony’s College – U19 Division 1 Cricket Tournament 2019/20

ලකුණු 65ක පළමු ඉනිමේ වාසියක් සමඟින් සිය දෙවන ඉනිම දියත් කළ සාන්ත ජෝසප් විද්‍යාල ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නායක ජොහෑන් ද සිල්වා සහ කඩුලු රකින පිතිකරු ශෙරන් ෆොන්සේකා එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 127ක් තුල ලකුණු 188ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනංවමින් සිය දෙවන ඉනිම අත්හිටවූයේ සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 254ක ඉලක්කයක් ලබා දෙමිනි.

කෙසේ නමුත් වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ කඩුලු 7ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසා සාන්ත අන්තෝනි විද්‍යාලයට ඔවුන්ගේ පූර්ණ තරග පරාජය හෝ වළක්වා ගැනීමට නොහැකි විය. 

ඒ අනුව වෙල්ලාලගේ මේ තරගයේ දී දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේ තරගය පුරාවට කඩුලු 11ක් දවා ගනිමිනි. 

සාන්ත ජෝසප් විද්‍යාලය – 209 (61.1) මිරංග වික්‍රමගේ 58, දිනාල් අනුරාධ 29, ශෙරන් ෆොන්සේකා 25, හිරුදික තෙන්නකෝන් 3/66, ගිහාන් ඊබර්ට් 2/38, ප්‍රවීන් රාමයියා 2/32. සහ  188/0d (21.1) ජොහෑන් ද සිල්වා 119*, ශෙරන් ෆොන්සේකා 61*

සාන්ත අන්තෝනි විද්‍යාලය  – 144 (42) මොහොමඩ් කාමිල් 43, ප්‍රවීන් රාමයියා 24, දුනිත් වෙල්ලාලගේ 4/19, ජොහෑන් ද සිල්වා 2/33, ලක්ෂාන් ගමගේ 2/47. සහ 169 (46) මොහොමඩ් කාමිල් 39, අසිත වන්නිනායක 34, ක්‍රිශාන්ත බණ්ඩාර 32*, දුනිත් වෙල්ලාලගේ 7/53, ශාලින්ද සෙනෙවිරත්න 2/61.


රාජකීය විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ SSC පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දුවට පහර දීම සඳහා රාජකීය විද්‍යාලයට ඇරයුම් කළේය. 

කෙසේ නමුත්  සාන්ත පීතර විද්‍යාල දඟ පන්දු යවන්නන් රාජකීය විද්‍යාල පළමු ඉනිම ලකුණු 132කට සීමා කරමින් දස්කම් දක්වන ලදි. එහි දී දකුණතින් පිට දඟපන්දු යවන රුවින් සෙනෙවිරත්න ලකුණු 36කට කඩුලු 4යි. කනිෂ්ක මධුවන්ත ද කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

Photos: Royal College vs St. Peter’s College – U19 Division 1 Cricket Tournament 2019/20 

පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිමේ ජය සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සාර්ථක ලෙස සකස් කර ගත් නමුත් මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා තරගයේ පළමු ඉනිමේ ජය දෙපිල අතර දෝලනයට ලක්විය. නමුත් සෙනෙවිරත්න අවසන් පෙළ සවිමත් කරමින් ලබා ගත් ලකුණු 25 නිසාවෙන් පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය.

ලකුණු 30ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි රාජකීය විද්‍යාලය වෙනුවෙන් වමතින් පිතිකරණයේ නිරත වන ඉසිවර දිසානායක ශතකයක් ලබා ගනිමින් රාජකීය දෙවන ඉනිම ඔසවා තැබූ අතර දිසානායක ලබාගත් මේ ශතකය ඔහු විසින් මෙවර තරග වාරය තුල ලබා ගත් පළමු ශතකය විය. 

රාජකීය විද්‍යාලය – 132 (44.2) තිතිර වීරසිංහ 30, රුවින් සෙනෙවිරත්න 4/36, කනිෂ්ක මධුවන්ත 3/58. සහ 227 (65.2) ඉසිවර දිසානායක 110, දසීස් මංචනායක 35, ට්‍රිශේන් වික්‍රමසිංහ 3/42, රුවින් සෙනෙවිරත්න 2/36, වනුජ කුමාර 2/39, දනාල් හේමනන්ද 2/43.

සාන්ත පීතර විද්‍යාලය – 162 (70.3) ශැනොන් ප්‍රනාන්දු 55, නිපුනක ෆොන්සේකා 25, රුවින් සෙනෙවිරත්න 24, කවිඳු පතිරත්න 4/52, ගිශාන් බාලසූරිය 2/18, මනුල පෙරේරා 2/21.

Video – 2019 වැඩිම ටෙස්ට් ලකුණු ගත්ත ශ්‍රී ලාංකිකයෝ – සිංහලෙන් ක්‍රිකට්

2019 අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් රැසක් වුනු අවුරුද්දක්.


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ පැවති මේ A කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර නායක ලෙශාන් අමරසිංහ නායකත්වයේ ශතයක් වාර්තා කර ගනිමින් සිය විද්‍යාල පළමු ඉනිම ලකුණු 272ක් දක්වා ඔසවා තැබුවේය. 

ඊට අමතරව තෙවිඳු දික්වැල්ල ලකුණු 37ක් ලබා ගන්නා ලදි. කඩුලු 9ක් දැවී ලකුණු 272ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූ ඉසිපතන විද්‍යාලය මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම ලකුණු 107කට සීමා කළේය. 

අනතුරුව සිය දෙවන ඉනිම දියත් කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිමේ දී ඔවුන්ගෙන් වූ අඩුපාඩුකම් බොහෝමයක් අවම කරගනිමින් පිතිකරණයේ නිරත වීම නිසා ඉනිමක පරාජයෙන් ගැලවීමට ඔවුන්ට හැකි විය. එහි දී කවීන් ප්‍රනාන්දු සහ තිලින පෙරේරා අර්ධ ශතක ලබා ගන්නා ලදි.

ඉසිපතන විද්‍යාලය – 272/9d (72) ලෙශාන් අමරසිංහ 106, තෙවිඳු දික්වැල්ල 37, මන්දීප ගුණසේකර 27, යසිරු කස්තුරිආරච්චි 67, අශේන් ප්‍රනාන්දු 3/59, තිලින පෙරේරා 3/75 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 107 (36.5) තරිඳු මධුවන්ත 32*, සවිඳු උත්සර 3/06, දිනත් දිසානායක 3/37. සහ (F/O) 206/8 (89) කවීන් ප්‍රනාන්දු 61, තිලින පෙරේරා 50, යසිරු කස්තුරිආරච්චි 4/44, සිතුක ගුණවර්ධන 2/48.


පළමු දිනයට පැවැත්වූ තරග 

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

මලියදේව විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මලියදේව විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

මලියදේව විද්‍යාලය – 262 (83.5) මුදිත ප්‍රේමදාස 183*, නිඛිල ධර්මදාස 21, කොකුම් ඉන්දුම 2/16, මදුශාන් ද සිල්වා 2/21.

සාන්ත සර්වේසස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) –  43/0 (9)


සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (සුහද තරගය)

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  – 195 (68.4) සනෝජ් පෙරේරා 62, ශෙරන් ප්‍රනාන්දු 61, යොහාන් සොයිසා 25, ශෂික පෙරේරා 4/40, කලන සංදීප 2/30, ඉඳුවර ද සිල්වා 2/17.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 119/1 (31) නිෂිත අභිලාෂ් 48, දුනිත් ජයතුංග 41*, සුකිත ප්‍රසන්න 27*

Video – මෙවර තරග වාරයේ පළමු ලකුණු 500 මහානාම විද්‍යාලයෙන් – ක්‍රිකට් වටරවුම

මෙවර පාසල් තරග වාරයේ දී ඒ ඒ පාසල් දැක්වූ දස්කම් කොහොමද ? දැනට තරගාවලියේ වැඩිම ලකුණු/කඩුලු


වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

වේල්ස් කුමර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

වේල්ස් කුමර විද්‍යාලය – 214 (63) තරිඳු අමරසිංහ 54, විනුජ රන්පුල් 69*, පසිඳු තෙන්නකෝන් 7/48.

සාන්ත ආනා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 93/4 (33) කවිඳු ඒකනායක 36, කවිඳු රණසිංහ 25.

පළමු දිනයට පැවැත්වූ තරග හෙට (2) දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<