ගෙවුනු දවස ජූලි 04 – ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

416

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

සංචිතයෙන් දෙදෙනෙක් ඉවතට

Madushanka and Aponso

සිම්බාබ්වේ තරගාවලියේ ඉතිරි එක්දින තරග 3 සඳහා ක්‍රීඩා කරනු ලබන අවසන් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (4) නිකුත් කරන ලදි.

අවසන් එක්දින ජාත්‍යන්තර තරග 3 සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය තුල පළමු තරග දෙක සඳහා සංචිතයට කැඳවා තිබූ අමිල අපෝන්සු හා ලහිරු මදුසංක සංචිතයෙන් ඉවත් කර, ඒ වෙනුවට චාමර කපුගෙදර හා සුරංග ලක්මාල් සංචිතයට කැඳවා තිබේ.

ලහිරු මදුසංක හා අමිල අපෝන්සු සහභාගි වූයේ පළමු තරගයට පමණක් වන අතර, මදුසංකට එහි දී පිතිකරණයෙන් එක් පන්දුවකට මුහුණ දී ලබා ගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. පන්දු යැවීමේ දී ඔහු විසින් පන්දුවාර 2ක් තුල ලකුණු 18ක් සිම්බාබ්වේ පිතිකරුවන්ට ලබා දෙන ලදි.

සම්පූර්ණ සංචිතය: මදුසංක හා අපෝන්සු සංචිතයෙන් ඉවතට


අන්තර් පළාත් තරගාවලිය යළිත්

2017-07-04 (1)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනි දා ආරම්භ වේ. එම තරගාවලිය එක් කාණ්ඩයකට කණ්ඩායම් 5ක් බැගින් වූ කාණ්ඩ 2ක් යටතේ පැවැත්වේ.

මෙම ක්‍රිකට් තරගාවලිය දෙදින ක්‍රිකට් තරග ලෙස පැවැත්වෙන අතර, කාණ්ඩ දෙකක් යටතේ කොළඹ හා හම්බන්තොට ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එහි අවසන් මහා තරගය කළුතර, මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පැවැත්වේ.

පසුගිය වර්ෂයේ දී ක්‍රිකට් සමාජ හා ක්‍රීඩා සමාජ අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වූ අතර, මෙහි දී එය දීර්ඝ තරගාවලියක් ලෙස පළාත් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇත.

සම්පූර්ණ වාර්තාව: 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ජූලි මාසයේ


ධූර කාලය දීර්ඝ කරයි

Untitled-1

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් කමිටුවේ ධූර කාලය දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත. ඒ අනුව අද (04) ඊට අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය හිමිවිය.

2016 වසරේ සිටම තේරීම් කමිටුවේ සභාපතිධූරය දැරූ සනත් ජයසූරිය මහතා සමඟින් සෙසු සාමාජිකයන් වීම සඳහා අනුමැතිය ලබා ඇත්තේ රොමේෂ් කළුවිතාරණ, රන්ජිත් මදුරසිංහ, එරික් උපශාන්ත, අසංක ගුරුසිංහ යන මහත්වරුන්ය. ඔවුන් විසින් මෙම තනතුරු දැරූ කාල පරාසය තුළ නවක ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් අත්හදා බලන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

සම්පූර්ණ වාර්තාව: සනත්ගේ තේරීම් කමිටුවට ඇමතිගේ අනුමැතිය


  මලල ක්‍රීඩා  

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඇරඹේ

JT

යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ප්‍රදර්ශනය වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (04) ඇරඹුණේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ දී යි. එහි දී කිසිදු පාසලකට පැහැදිලි ඉදිරියක් ලබා නොදී, දිනය අවසන් වූයේ හොඳ තරගාවලියක පෙරනිමිති පහල කරමින්.

අවසන් තරග කිහිපයක් ද සමඟින් තේරීම් රැසක් ද ඊයේ දිනය තුළ දී දැක ගත හැකි විය. සුපුරුදු පරිදි මාරිස් ස්ටෙල්ලා සහ ජාත්‍යන්තර පාසල් කිහිපයක් තරගකාරීව ක්‍රීඩාවේ යෙදෙනු දැක ගත හැකි විය.

සම්පූර්ණ වාර්තාව: පළමු දිනයේ ජයග්‍රහණ පාසල් කිහිපයක් අතර බෙදී යයි

දිනයක අවසානය