23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ජූලි මාසයේ

718

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනි දා ආරම්භ වේ. එම තරගාවලිය එක් කාණ්ඩයකට කණ්ඩායම් 5ක් බැගින් වූ කාණ්ඩ 2ක් යටතේ පැවැත්වේ.

සනත්ගේ තේරීම් කමිටුවට ඇමතිගේ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් …

මෙම ක්‍රිකට් තරගාවලිය දෙදින ක්‍රිකට් තරග ලෙස පැවැත්වෙන අතර, කාණ්ඩ දෙකක් යටතේ කොළඹ හා හම්බන්තොට ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එහි අවසන් මහා තරගය කළුතර, මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පැවැත්වේ.

පසුගිය වර්ෂයේ දී ක්‍රිකට් සමාජ හා ක්‍රීඩා සමාජ අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වූ අතර, මෙහි දී එය දීර්ඝ තරගාවලියක් ලෙස පළාත් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් 10 අන්තර්ගත ක්‍රීඩක නාමාවලිය මේ වන තුරු නිල වශයෙන් තෝරා ගෙන නොමැත. ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර නිමා වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී වනිඳු හසරංග තම මංගල තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වූ අතර, එම වයස 19ක් වන යොවුන් ක්‍රීඩකයා ද, මෙවන් වූ තරගාවලි නියෝජනය කිරීම තුලින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට අවස්ථාව උදා කර ගන්නා ලදි.

කණ්ඩායම් කාණ්ඩගත කිරීම මෙසේ සිදුකර ඇත.

                                A කාණ්ඩය                                B කාණ්ඩය
මධ්‍යම පළාත බස්නාහිර පළාත් දකුණ
වයඹ පළාත බස්නාහිර පළාත් උතුර
බස්නාහිර පළාත් මධ්‍යම නැගෙනහිර පළාත
උතුරු පළාත දකුණු පළාත
උතුරු මැද පළාත ඌව පළාත

තරගාවලිය පහත කාලසටහනට අනුව පැවැත්වේ.

    දිනය                                           තරගය        ක්‍රීඩා පිටිය
ජුලි 11 හා 12 වන දා මධ්‍යම පළාත වයඹ පළාත BRC පිටියේ දී
  බස්නාහිර පළාත් මධ්‍යම උතුරු පළාත මුවර්ස් පිටියේ දී
  බස්නාහිර පළාත් දකුණ බස්නාහිර පළාත් උතුර පොලිස් ක්‍රීඩා පිටියේ දී
  නැගෙනහිර පළාත දකුණු පළාත හම්බන්තොට
 
ජුලි 15 හා 16වන දා මධ්‍යම පළාත බස්නාහිර පළාත් මධ්‍යම කෝල්ට්ස් පිටියේ දී
  වයඹ පළාත උතුරු මැද පළාත පනාගොඩ
  බස්නාහිර පළාත් දකුණ නැගෙනහිර පළාත පොලිස් ක්‍රීඩා පිටියේ දී
  බස්නාහිර පළාත් උතුර ඌව පළාත හම්බන්තොට
 
ජුලි  19 හා 20 වැනි දා මධ්‍යම පළාත උතුරු පළාත BRC පිටියේ දී
  බස්නාහිර පළාත් මධ්‍යම උතුරු මැද පළාත බ්ලුම්ෆීල්ඩ් පිටියේ දී
  බස්නාහිර පළාත් දකුණ දකුණු පළාත හම්බන්තොට
ජුලි 20 හා 21වන දා නැගෙනහිර පළාත ඌව පළාත මාතර
 
ජුලි 23 හා 24 දා මධ්‍යම පළාත උතුරු මැද පළාත BRC පිටියේ දී
  වයඹ පළාත උතුරු පළාත බ්ලුම්ෆීල්ඩ් පිටියේ ද
  බස්නාහිර පළාත් දකුණ ඌව පළාත පොලිස් ක්‍රීඩා පිටියේ දී
  බස්නාහිර පළාත් උතුර දකුණු පළාත හම්බන්තොට
 
ජුලි 26 හා 27 දා බස්නාහිර පළාත් උතුර නැගෙනහිර පළාත මාතර
ජුලි 27 හා 28 වැනි දා වයඹ පළාත බස්නාහිර පළාත් මධ්‍යම BRC පිටියේ දී
  උතුරු පළාත උතුරු මැද පළාත බ්ලුම්ෆීල්ඩ් පිටියේ ද
  දකුණු පළාත ඌව පළාත හම්බන්තොට
 
ජුලි 31 හා අගෝස්තු 1 වන දා අවසන් මහා තරගය සරේ ගම්මාන පිටියේ දී

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට