සනත්ගේ තේරීම් කමිටුවට ඇමතිගේ අනුමැතිය

1145

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් කමිටුවේ ධූර කාලය දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත. ඒ අනුව අද (04) ඊට අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය හිමිවිය.

2016 වසරේ සිටම තේරීම් කමිටුවේ සභාපතිධූරය දැරූ සනත් ජයසූරිය මහතා සමඟින් සෙසු සාමාජිකයන් වීම සඳහා අනුමැතිය ලබා ඇත්තේ රොමේෂ් කළුවිතාරණ, රන්ජිත් මදුරසිංහ, එරික් උපශාන්ත, අසංක ගුරුසිංහ යන මහත්වරුන්ය. ඔවුන් විසින් මෙම තනතුරු දැරූ කාල පරාසය තුළ නවක ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් අත්හදා බලන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

අමාත්‍යවරයා විසින් කමිටුවේ ධූර කාලය දීර්ඝ කර ඇත්තේ මාස 6ක් සඳහායි. එසේ නොවුණේ නම් ජුනි මාසය අවසානයේදී ඔවුන්ගේ ධූර කාලය අවසන් වන්නට නියමිතව තිබුණි.

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<