මහේල – සංගා කුසලානය සංගාගේ පාසලට

408

සිංගර් කුසලාන පළමු පෙළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක පාසල් ක්‍රිකට් තරග කිහිපයක් අද (29) පැවැත්විය.

ඒ අතරින් ප්‍රථම වරට මහේල සංගා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති තරගයේ දී ත්‍රිත්ව ක්‍රීඩක කවිෂ්ක සේනාධීර තරගය පුරාවට කඩුලු 11ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

ගාල්ල මහින්ද විදුහලෙන් කොළඹට දැවැන්ත සංග්‍රහයක්

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය

මහේල – සංගා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවති මේ තරගය ඉතාමත් තියුණු සටනකට පසුව ලකුණු 48කින් ජය ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයයි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සත්කාරක නාලන්දා විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 123ක් ලබාගෙන සිටියේ ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 42ක් පසුපසින් සිටිමිනි. අද උදෑසනම ක්‍රියාත්මක වූ ත්‍රිත්ව විද්‍යාල දඟපන්දු යවන්නන් නලන්දා විද්‍යාලයීය පසුපෙළ පිතිකරුවන්ව ඉතාමත් අඩු මට්ටමේ ලකුණකට සීමා කිරීමත් සමඟම නාලන්දා පළමු ඉනිමේ නිමාව සනිටුහන් විය.

ලකුණු 29ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් චානුක කුමාරසිංහ හා අග්බෝ අමරසිංහ මැදපෙළ වෙනුවෙන් යම් සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි.

Photos: Nalanda College vs Trinity College | Singer U19 Cricket Tournament 2018/19 – Day 01

ඉන්පසුව ක්‍රියාත්මක වූ වමතින් දඟපන්දු යවන කවීෂ මදුරප්පෙරුම හා කවිඳු ඩයස් යන දෙදෙනා ත්‍රිත්ව මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන්ව ඉතාමත් හොඳින් පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම ලකුණු 145කට සීමා විය.

ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසුණු නාලන්දා විද්‍යාල ආරම්භක පිතිකරුවන් යුගලය වූ දිල්හාර පොල්ගම්පොල හා අවිශ්ක පෙරේරාගේ සබඳතාවය ලකුණු 20කට සීමා විය. ඉන් අනතුරුව නායකත්වයේ ඉනිමක් දියත් කළ ලක්ෂිත රසාංජන 4 පහර 4ක් සමඟින් අර්ධ ශතකයක් ලබා ගත් නමුත් පසුපෙළ හා මැදපෙළ පිතිකරුවන්ගෙන් නිසියාකාර සහායක් ඔහුට නොලැබුණු නිසාවෙන් නාලන්දාව ජයග්‍රහණය වෙත රැගෙන යාමට ඔහුට නොහැකි විය.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 165 (48): පුබුදු බණ්ඩාර 35, අභිෂේක් ආනන්දකුමාර් 30, අග්බෝ අමරසිංහ 25, කවිෂ්ක සේනාධීර 24, කවීෂ මදුරප්පෙරුම 3/12, ලක්ෂිත රසාංජන 3/48.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 136 (56.4): දිල්හාර පොල්ගම්පොල 32, රනිඳු ද සිල්වා 26, කවිෂ්ක සේනාධීර 5/52, කවිඳු ඩයස් 3/13.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 145 (53.3): චානුක කුමාරසිංහ 32, අග්බෝ අමරසිංහ 26, කවිශ මදුරප්පෙරුම 4/39, ලක්ෂිත රසාංජන 4/71.

නාලන්දා විද්‍යාල දෙවන ඉනිම – 127 (32.3): ලක්ෂිත රසාංජන 54, කවිෂ්ක සේනාධීර 6/31, අභිෂේක් ආනන්දකුමාර් 3/35.


මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

තරගයේ දෙවන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 115ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටියි. එහි දී දිනෙත් ජයකොඩි ලකුණු 47ක් වාර්තා කරගනිමින් සාන්ත ජෝසප් පළමු ඉනිම පළමු දිනය තුලම ඔසවා තැබුවේය.

කෙසේ නමුත් දෙවන දිනයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 246ක් රැස් කරගන්නා ලදි. දිනේත්ට අමතරව එම ඉනිමේ දී ලකුණු අතරට පිවිසීමට සමත් වූ දුනිත් වෙල්ලාලගේ හා මිරංග වික්‍රමගේ පිළිවෙළින් ලකුණු 42ක් හා ලකුණු 35ක් ලබාගත්තේය. පන්දු යැවීමේ දී චරිත් රාජගුරු ඇතුළු ප්‍රතිවාදී පන්දු යවන්නන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

Photos : Nalanda College vs Trinity College | Singer U19 Cricket Tournament 2018/19 – Day 02

ලකුණු 123ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව දෙවන ඉනිමේ දී ලකුණු අතරට පිවිසීමට සමත් විය. එහි දී උසිඳු නිස්සංක ලකුණු 44ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී තරගය පුරාවට සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූ ශාලින්ද සෙනෙවිරත්න දවා ගත් කඩුලු ගණන 9කි.

A කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ සිව්වැනි ඉනිම හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ලැබුණු ලකුණු 22 ඉලක්කය පන්දුවාර 6යි පන්දු 2ක් තුල සපුරා ගනිමින් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 123 (64.3): උසිඳු නිස්සංක 32, ශාලින්ද සෙනෙවිරත්න 5/43, දුනිත් වෙල්ලාලගේ 2/20.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 246 (73): දිනෙත් ජයකොඩි 47, දුනිත් වෙල්ලාලගේ 42, මිරංග වික්‍රමගේ 35,  සචින්ත රවිඳු 30, ශෙවෝන් ඩැනියල් 27, චරිත් රාජගුරු 2/26, පසන් හෙට්ටිආරච්චි 2/36, නදීර බාලසූරිය 2/52

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල දෙවන ඉනිම – 144 (51.4): උසිඳු නිස්සංක 44, අවිඳු හේරත් 25, ශාලින්ද සෙනෙවිරත්න 4/44, ජොහෑන් ද සිල්වා 3/20.

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 24/2 (6.1):

උදාවන නව වසරට ස්මිත්ට ලැබුණු තෑග්ග

එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය…


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

මොවින් සුබසිංහගේ තුන් ඉරියව් දස්කම්වලින් විචිත්‍රවත් වූ මේ D කාණ්ඩයේ තරගය කොළඹ වෙස්ලි විදුහල් පිටියේ දී නිමා වූයේ සත්කාරක වෙස්ලි විද්‍යාලයට කඩුලු 8ක ජයක් හිමිකර දෙමිනි.

තරගයේ දෙවන දිනයට ආරම්භ වූයේ සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිමත් සමඟයි. රාහුල් ගුණසේකර ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසාවෙන් සාන්ත ආනා දෙවන ඉනිම ලකුණු 12කට සීමා විය.

ඉන් අනතුරුව ලකුණු 86ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා ගිය සත්කාරක වෙස්ලි විද්‍යාලය වේගවත් පිතිකරණයක නිරත වෙමින් පන්දු 41ක් තුල එල ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ අතර එහි දී මොවින් සුබසිංහ හා ශෙනාල් දංගල්ල නොදැවී පිතිකරණයේ නිරත වෙමින් සිය විද්‍යාලයට අවශ්‍ය ජයග්‍රහණය ලබා දුන්හ.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 96 (48.5): ලසිත වර්ණකුලසූරිය 20, මොවින් සුබසිංහ 4/12, තේනුක පෙරේරා 3/05, කාවින්ද දිසානායක 2/30.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 126 (42.2): ශෙනාල් දංගල්ල 68, පසිඳු තෙන්නකෝන් 6/21.

සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම – 115 (105.4): මුයිස් රෆීල් 31, රාහුල් ගුණසේකර 3/24, මොවින් සුබසිංහ 2/37, තේනුක පෙරේරා 3/23.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම –  87/1 (6.5): මොවින් සුබසිංහ 47*, ශෙනාල් දංගල්ල 37*.


කොළඹ මහානාම විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

මහානාම විද්‍යාලය පළමු ඉනිමේ පරාජයට පත් කිරීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වූ මේ අපූරු තරගය C කාණ්ඩයේ තරගයක් විය.

මහානාම  විද්‍යාලය ලබාගත් ලකුණු 126ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 129ක් ලබාගෙන තරගයේ පළමු දිනය තුලම පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තේය. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චේතක දෙනුවන් ලකුණු 66යි. ඊට අමතරව ශසික දුල්ශාන් අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි.

ඊය දෙවන ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 151ක් ලබාගෙන සිටිය දී අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගයේ දෙවන දිනය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. කෙසේ නමුත් මහානාම දෙවන ඉනිමේ දී විනුක රූබසිංහ අර්ධ ශතකයක් ලබාගත් අතර පවන්ත වීරසිංහ ලකුණු 49ක් ලබාගෙන විනුකට සහය විය.

තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 126 (57.1): විනුක රූබසිංහ 32, පසිඳු මනුප්‍රිය 2/08, චේතක දෙනුවන් 2/09.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම –  238/5d (66): චේතක දෙනුවන් 66, ශශික දුල්ශාන් 53, රිසිර ලක්මින් 45, පසිඳු මනුප්‍රිය 33*, දුවිඳු කනිෂ්ක 2/51.

මහානාම විද්‍යාල දෙවන ඉනිම – 151/6 (68): විනුක රූබසිංහ 56, පවන්ත වීරසිංහ 49, දුශාන් ප්‍රභාශ්වර 27.

මැතිව්ස්ගේ ෆිට්නස් ගැන තවත් ගැටලුවක්


කුරුණෑගල මලියදේව විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමි සිටි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මලියදේව විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 19ක් පමණක් පසුපසින් සිටියේ තරගයේ වැඩි වාසිය සමඟිනි.

කෙවින් පෙරේරා හා ආමන්ත පෙරේරා ලබාගත් අර්ධ ශතකවල ප්‍රතිඵලයක් ලෙස මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම ලකුණු 203ක් දක්වා ඉහළට එසවුණි. පන්දු යැවීමේ දී බ්‍රයන් කරුණානායක හා මදුරංග නවීන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලකුණු 75ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි මලියදේව විද්‍යාලයේ පළමු කඩුලු කිහිපය ඉක්මනින්ම බිඳ වැටි ගියත් මැදපෙළ ස්ථාවර කළ සුපුන් සුමණරත්න අගනා ලකුණු 90ක් ලබාගෙන සිය විද්‍යාලය  පරාජයෙන් මුදවා ගන්නා ලදි.

අවසානයේ ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 199කට සීමා වූ අතර ඒ නිසා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා හිමි වූයේ ලකුණු 125ක ඉලක්කයකි. එය හඹා යාම සඳහා නිසියාකාර පන්දු ප්‍රමාණයක් ඉතිරිව නොතිබුණි. අවසානයේ මේ A කාණ්ඩයේ තරගය නිමා වූයේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකරදෙමිනි.

තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේ දී නිමා විය.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 128 (53.5): මුදිත ප්‍රේමදාස 37, රවිඳු ප්‍රනාන්දු 5/42, අදීශ කේෂාන් 3/36.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 203 (53.4): කෙවින් පෙරේරා 67,  ආමන්ත පෙරේරා 57, රවිඳු ප්‍රනාන්දු 42, බ්‍රයන් කරුණානායක 3/49, මදුරංග නවීන් 3/56, කවීන් බණ්ඩාර 2/21.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 199 (65.3): සුපුන් සුමණරත්න 90, මුදිත ප්‍රේමදාස 32, නිසංජන හෙට්ටිආරච්චි 28, පසිඳු උෂෙට්ටි  5/54, ප්‍රියශාන් සිල්වා 3/35.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම – 1/0 (3):


ඩී. එස් සේනානායක විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

සුහද තරගයක් ලෙස දඹගොඩ දී පැවැත්වුණු මේ තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

ඊයේ (29) දිනයේ දී ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ඩී. එස් සේනානායක විද්‍යාලයට ආරාධනා කළ අතර එහි දී ඔවුන් පන්දුවාර 62කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 193ක් රැස්කර ගත්තේය. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන මුදිත ලක්ෂාන් ලකුණු 46ක් ලබා ගන්නා ලදි. දසුන් ජයවර්ධන හා දඟපන්දු යවන අයෙෂ් හර්ෂණ අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

එම ලකුණට පිළිතුරු දුන් තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම ලකුණු 183කට සීමා වීම නිසා ඔවුන්ට ඔවුන්ගේ පළමු ඉනිමේ ජය ලබා ගැනීමට නොහැකි වූ නමුත් ඉතාමත් හොඳ තරගයක් ලබා දීමට ඔවුන් සමත් විය. ශාලක බණ්ඩාර 4 පහර 4ක් සමඟ ලකුණු 40ක් රැස්කර ගන්නා විට සනුත් නන්දිනු ලකුණු 33යි. පන්දු යැවීමේ දී මෙතුශාන් කුමාර මේ තරගයේ දී ද ලකුණු 48කට තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිමේ කඩුලු 3ක් දවා ගත්තේය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් ලබා දෙමින් සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එහි දී ටෙරෝන් ශෙනාල් ලකුණු 49ක් ලබාගෙන ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. බවන්ත ජයසිංහ කඩුලු 3යි.

ඩී. එස් සේනානායක විද්‍යාල පළමු ඉනිම – 193 (52.4): මුදිත ලක්ෂාන් 46, දසුන් ජයවර්ධන 3/40, අයේෂ් හර්ෂණ 3/58.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම –  183 (40.4): ශාලක බණ්ඩාර 40, සනුත් නන්දිනු 33, මෙතුශාන් කුමාර 3/48.

ඩී. එස් සේනානායක විද්‍යාල දෙවන ඉනිම –  171/8d (64): ටෙරෝන් ශෙනාල් 49, මුදිත ලක්ෂාන් 26, බවන්ත ජයසිංහ 3/43.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම –  49/0 (8)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<