නිශාන් මධුශ්ක පිට පිට ශතක 3ක් වාර්තා කරයි

SLC අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය 2022

797

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක දෙවැනි සතියේ පළමු දිනය වූ අද (26) දවස නිමාවේ දී ශතක 7ක් වාර්තා වූ වෙද්දී, තමන් මුහුණ දුන් පිට පිට ඉනිම් 3 දී ම ශතක වාර්තා කිරීමට නිශාන් මධුශ්ක සමත් වුනා.

රාගම ක්‍රීඩා සමාජයේ 22 හැවිරිදි දකුණත් පිතිකරු නිශාන් මධුශ්ක සෙබස්තියනයිට් කණ්ඩායමට එරෙහිව අද නොදැවී ලකුණු 155ක් ලබා ගත්තා. ඒ සඳහා ඔහු මේ වෙද්දී පන්දු 216කට මුහුණ දී ඇති අතර හතරේ පහර 17ක් ඊට ඇතුළත්.

ඔහු මීට පෙර පැවැති ගාල්ල සමඟ තරගයේ පළමු ඉනිමේ ලකුණු 150ක් ද, දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 100ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර යුද හමුදාවේ තුලින ඩිල්ශාන් සහ ලක්ෂාන් එදිරිසිංහ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව මේ වන විට නොදැවී ශතක වාර්තා කර තිබීම කැපී පෙනුණා. තුලින ඩිල්ශාන් පන්දු 230කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 142ක් ද සහ ලක්ෂාන් එදිරිසිංහ පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 117ක් ලබා සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලට සබඳතාව මේ වෙද්දී  ලකුණු 237ක්.

CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් ද අද ශතකයක් වාර්තා කරනවා. ඒ කළුතර නාගරික ක්‍රීඩා සමාජයට එරෙහිවයි. දිනය අවසන් වන විට කමිඳු මෙන්ඩිස් පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 118ක් ලබා සිටියා.

SSC කණ්ඩායමේ නිපුන් ධනංජය සහ නුවනිඳු ප්‍රනාන්දු ද ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ශතක වාර්තා කිරීමට සමත් වුනා. නිපුන් ධනංජය පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 152ක් ද සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 155කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 136ක් ලබා ගන්නවා.

මේ අතර හලාවත මේරියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩක Anuj Jotin ද අද නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

ඊට අමතර ව දිනය නිමාවේ දී අර්ධ ශතක 18ක් වාර්තා වෙනවා. BRC වෙනුවෙන් ඩිලාන් ජයලත් සහ ලියෝ ෆ්‍රැන්සිස්කෝ, බදුරලිය වෙනුවෙන් අලංකාර අසංක, කෝල්ට්ස් වෙනුවෙන් අවිශ්ක පෙරේරා, ශලින් ද මැල්, රවිඳු රසාන්ත සහ විශාද් රන්දික, මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මොහොමඩ් ශමාස් සමඟ ආරම්භක පිතිකරුවන් වූ දිනුක ඩිල්ශාන් සහ පබසර වඩුගේ, රාගම වෙනුවෙන් සමින්ද ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ, NCC වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ අසේල් සිගේරා, CCC වෙනුවෙන් නිමේෂ ගුණසිංහ සහ ලසිත් අබේරත්න, SSC වෙනුවෙන් ක්‍රිශාන් සංජුල ද සහ හලාවත මේරියන්ස් වෙනුවෙන් විදෙස් ක්‍රීඩක Gaurav Jathar මෙසේ අර්ධ ශතක වාර්තා කරනවා.

මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සැරසන්ස් කණ්ඩායමේ 25 හැවිරිදි දකුණතින් මද වේගපන්දු යවන ඉසිත විජේසුන්දර සමත් වුනා. ඔහු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ලකුණු 23කට කඩුලු 6ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

ඔහුට අමතර ව BRC කණ්ඩායමේ තිලකරත්න සම්පත් ලකුණු 39කට කඩුලු 5ක් සහ ගුවන් හමුදාවේ දුලංජල මෙන්ඩිස් ලකුණු 83කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Group A

කැන්ඩි කස්ටම්ස් සහ BRC අතර තරගය BRC පිටියේ දී

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 113 (38.1) රශ්මික මධුශංක 30, තිලකරත්න සම්පත් 5/39, දුවිඳු තිලකරත්න 3/13, දුශාන් හේමන්ත 2/30
  • BRC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 164 (51) ඩිලාන් ජයලත් නොදැවී 82, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 55, මෝදිත රණතුංග නොදැවී 26

කෝල්ට්ස් සහ ගාල්ල අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 372 (78) අවිශ්ක පෙරේරා 79, ශලින් ද මැල් 75, හෂාන් දුමිඳු 47, ධනංජය ලක්ෂාන් 26, රවිඳු රසාන්ත නොදැවී 86, විශාද් රන්දික නොදැවී 50, සඳකැන් පතිරණ 2/61

පොලිස් සහ මුවර්ස් අතර තරගය පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී

  • මුවර්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 273 (71.2) දිනුක ඩිල්ශාන් 72, පබසර වඩුගේ 51, පසිදු සූරියබණ්ඩාර 23, රමේෂ් මෙන්ඩිස් 20, මොහොමඩ් ශමාස් 51, රිසිර වීරසූරිය 26, චරිත් සුදාරක 4/62, ලහිරු ඩියන්ත 4/68
  • පොලිස් – පළමු ඉනිම කඩුල්ලක් දැවී 50 (19) නදීර බාලසූරිය නොදැවී 24

රාගම සහ සෙබස්තියනයිට්ස් අතර තරගය තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී

  • රාගම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 329 (85) සමින්ද ප්‍රනාන්දු 83, නිශාන් මධුශ්ක නොදැවී 155, ජනිත් ලියනගේ නොදැවී 86

CCC සහ කළුතර අතර තරගය CCC පිටියේ දී

  • CCC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 323 (81) නිමේෂ ගුණසිංහ 78, පවන්ත වීරසිංහ 37, කමිඳු මෙන්ඩිස් නොදැවී 118, ලසිත් අබේරත්න නොදැවී 73, ඉංසක සිරිවර්ධන 3/113

ලංකන් සහ SSC අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 391 (82.2) නිපුන් ධනංජය 152, ක්‍රිශාන් සංජුල 77, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 136, සම්මු අශාන් නොදැවී 22

Group B

Ace කැපිටල් සහ මීගමුව අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී

  • Ace කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (50.4) ඔෂද ප්‍රනාන්දු 28, ලසිත් කෘaස්පුල්ලේ 21, තනුක දාබරේ 32, Ninad Kadam 60, ප්‍රමුද් හෙට්ටිවත්ත 43, චනුර ප්‍රනාන්දු 3/38, දනුශ්ක සඳරුවන් 4/65, Jatin Saxena 2/45
  • මීගමුව – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 96 (37) අමෝද විදානපතිරණ නොදැවී 26, ජීවක ශෂීන් 32, නිම්සර අතරගල්ල 3/39

බදුරලිය සහ ටැමිල් යූනියන් අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 177 (74) අලංකාර අසංක 65, ගිහාන් රූපසිංහ 22, මලිඳු මධුරංග 22, ඩිල්රුවන් පෙරේරා 2/54, නවෝද් පරණවිතාන 3/17

බ්ලූම්ෆීල්ඩ් සහ සැරසන්ස් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී

  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 67 (28) මොහොමඩ් ඩිල්ශාඩ් 3/20, ඉසිත විජේසුන්දර 6/23
  • සැරසන්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 146 (51) නවිඳු විතානගේ 32, සිතාර ගිම්හාන් 35, Mohammad Waqas 21, තවීෂ කහදූවආරච්චි නොදැවී 31, ලහිරු මධුශංක 4/51

හලාවත මේරියන්ස් සහ නුගේගොඩ අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 246 (79) Gaurav Jathar 77, Anuj Jotin නොදැවී 102, නවීන් ප්‍රනාන්දු 2/38

යුද හමුදාව සහ පානදුර අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • යුද හමුදාව – පළමු ඉනිම කඩුල්ලක් දැවී 279 (68) තුලින ඩිල්ශාන් නොදැවී 142, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 117

NCC සහ ගුවන් හමුදාව අතර තරගය NCC පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 307 (72.3) ලහිරු උදාර 33, නිරෝෂන් දික්වැල්ල 51, අහන් වික්‍රමසිංහ 48, සහන් ආරච්චිගේ 27, අසේල් සිගේරා 74, ලසිත් ඇඹුල්දෙණිය 47, ලසඳ රුක්මාල් 2/78, ගයාන් සිරිසෝම 2/64, දුලංජල මෙන්ඩිස් 5/83
  • ගුවන් හමුදාව – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 32 (8.4)

මෙම සියලු තරග හෙට (27) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟ රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<