ගෙවුනු දවස ජුලි 10 – අගමැති කුසලානයේ ජය කාටද?

518

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

මලල ක්‍රීඩා –

මංජුලගේ සිහිනය බොඳ වෙයි.

94වැනි ජාතික මලල ක්‍රීඩා උලෙළේ තෙවැනි සහ අවසන් දිනය ඊයේ (10) නිමාවට පත් විය. තරගය ජුලි මස 08 වැනිදා සිට 10වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවැත්විය. දේශීය ක්‍රීඩකයින් හට ඔලිම්පික් වරම් දිනා ගැනීමට තිබුනු අවසන් තරගාවලිය වන්නේද මෙයයි.

තරගයේ තෙවැනි දිනයේදි කාගේත් අවධානය යොමු වුයේ උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර වෙතටයි. මන්දයත් ඔහුට නැවත වතාවක් ඔලිම්පික් සඳහා අවස්තාවක් විවර කරදීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කලේ ඔහු තරගාවලියේ අවස්තා කිහිපයකදීම ඔලිම්පික් පරිසාධන මට්ටමට ලඟා වු හෙයිනි. නමුත් අද දිනයේදී ද නියමිත සීමාව වන මීටර් 2.29 අසලට ලඟා වීමට ඔහුට නොහැකි විය. ඔහු විසින් වාර්තා කිරීමට සමත් වුයේ මීටර 2.25ක දක්ෂතාවකි. එහෙයින් අගෝස්තු මාස පැවැත්වෙන රියෝ ඔලිම්පික් තරගාවලියට යෑමට ඔහුට නොහැකි විය.

තරගාවලිය නිමාවන විට වාර්තා කල වාර්තා ගණන 04ට සීමා විය. එම වාර්තා 4න් 3ක් ඊයේ දිනයේදි පිහිටු වන ලැබීය. ප්‍රථම වාර්තාව දෙවන දිනයේදි දසප්‍රයාම ඉසව්ව නියේජනය කල අජිත් කුමාර විසින් වාර්තා කල වාර්තාව, මිටිය විසි කිරීමේ ඉසව්වේ කාන්තා අංශය නියේජනය කල ඒ. ඒ. මධුවන්ති විසින් පිහිට වු වාර්තාව (මීටර 44.14), රිටි පැනීම ඉසව්ව නියේජනය කල ඉෂාර සඳරුවන් විසින් වාර්තා කල වාර්තාව (මීටර් 05) සහ අවසන් වාර්තාව වන්නේ කාන්තා සත්ප්‍රයාම ඉසව්ව නියේජනය කල වී.එල්.සුගන්දි  විසින් වාර්තා කල වාර්තාවයි (ලකුණු 4404).

සම්පූර්ණ ලිපිය: තරග වාර්තා 4ක් සමග නිමාවු ජාතික තරගාවලිය


රග්බි –

අගමැති කුසලානය තර්ස්ටන් විදුහලට

මයිලෝ අගමැති කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරඟය අද (10) නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. මෙම තරඟය ලකුණු 15-05 ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට තර්ස්ටන් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය – ශාන්ත ජෝන් විද්‍යාලය 05 : 05 තර්ස්ටන් විද්‍යාලය

අවසන් ලකුණු – ශාන්ත ජෝන් විද්‍යාලය 05 : 15 තර්ස්ටන් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අවීශ වීරරත්න

තර්ස්ටන් විද්‍යාලය – උත්සාහක දිනුම් 3 (කවිශ්ක ඩිල්ශාන්, අවීශ වීරරත්න, තිලිණ ආසිරි)

සාන්ත ජෝන් විද්‍යාලය – උත්සාහක දඩුවම් පහර 1 (මෆාස් බරන්ත)

සම්පූර්ණ ලිපිය: අවසන් මොහොතේ තර්ස්ටන් සාන්ත ජෝන් අභිබවයි


ක්‍රිකට් – ‍

ශතක 3ක් ලබා ගත් සය වැනි දවස

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහල අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ පැවැත්විය.

එහිදි දෙමළ සංගම් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය, සිංහල ක්‍රිකට් සමාජය, පානදුර ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය, BRC සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

පැවති තරග වලින් සිංහල ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රිෂාන් සංජුල, පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් මොහොමඩ් ශිල්මි සහ ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් සංජුල අබේවික්‍රම යන ක්‍රීඩකයින් දැවැන්ත ශතක ලබා ගැනීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව සඳහා රැදි සිටින්න

දවසේ නිමාව

පසුගිය සතියේ ජනප්‍රිය පුවත්

ශ්‍රී ලංකාවට පාඩම් රැසක් කියාදුන් සංචාරයක නිමාව

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති  ටෙස්ට්, එක්දින හා අද   (06)  නිමා වූ විස්සයි විස්ස තරඟයද සමඟ එංගලන්තයේ තිබූ දීර්ඝ තරඟ සංචාරය නිමාවිය. මෙම තරඟය  එංගලන්තයේ සවුතැම්පටන්  හිදී පැවැත්විණි. මෙම තරඟය එංගලන්ත කණ්ඩායම පහසු හා කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගන්නා ලදි. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට නම් බොහෝ පාඩම් කියාදුන් සංචාරයක් බව නිසැකය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 140 – 10 (20) ධනුෂ්ක ගුණතිලක  26, දිනේෂ් චන්දිමාල් 23 ,කුසල් මෙන්ඩිස් 21 , ඇන්ඩෲ ඩේව්සන් 3/27, ක්‍රිස් ජෝර්ඩන් 3/29

එංගලන්ත කණ්ඩායම – 144 -2 (17.3) ජෝශප් බට්ලර් 73*, ඉයන් මෝගන් 46*, ඇන්ජලෝ මැතිව්ස් 2/27

සියළු ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට

කුසල්ට සාධාරණයක්

අසත්‍ය තහනම් උත්තේජක පරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් කුසල් ජනිත්ට පනවා තිබූ තරග තහනම වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) එකග වී තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අනාවරණ කළේ පසුගියදා අවසන් වූ ජගත් ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමේදී මෙම තිරණයට එලඹි බවයි.

සම්පූර්ණ ලිපිය: කුසල් ජනිත්ට දුන් වැරදි වාර්තාවට කෝටි තුන හමාරක වන්දියක්

ඉසිපතනයේ ඉල්ලීමට සාධාරණ පිලිතුරක්

මයිලෝ ජනාධිපති රන් කුසලානයේ අවසන් මහා තරගය මේ සතියේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුනද, තරගය පවත්වන ස්ථානය පිලිබඳව වු අර්බුධකාරි තත්වය නිසාවෙන් තරගය ජුලි මස 16 වැනිදා පැවැත්වීමට තීරණය කරන ලදි.

එහිදි තරගය පැවැත්වීමට නියමිතව තිබුනේ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි වුවද පසුව එය තුරග තරග පිටිය දක්වා රැගෙන එන ලදි. ඊට හේතුව නම් රාජකීය විද්‍යාලීය සිය පාසල් ක්‍රීඩාංගණයේදි ක්‍රීඩා කිරීම සත්කාරක පාසල හට යම් රැකුලක් වන නිසා දෙපිලටම සාධාරණයක් වන ලෙස වෙනත් ක්‍රීඩාංගණයක් ඉල්ලා ඉසිපතනය විසින් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයෙන් කල ඉල්ලීමයි.

කෙසේනමුත් ඉසිපතන විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය තරග වදින අවසාන මහා තරගාවලිය දෙපිලට අවාසියක් නොවන අාකාරයට තුරග තරග පිටියේදි ජුලි 16 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තිරණය කර අැත.

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට