අවසන් මොහොතේ තර්ස්ටන් සාන්ත ජෝන් අභිබවයි

3322
Milo Prime Minister's Trophy

මයිලෝ අගමැති කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරඟය අද (10) නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. මෙම තරඟය ලකුණු 15-05 ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට තර්ස්ටන් කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: අවසන් තරගයේ ප්‍රවේශපත්‍රය රාජකීයයන්ට

තරඟය සවස 4.30ට පමණ විනිසුරුතුමාගේ නලා නාදයත් සමඟ ආරම්භ වු අතර පළමුව පන්දුව ලබාගැනීමට සාන්ත ජෝන් විද්‍යාලය සමත් විය. තරගයේ 5 වන මිනිත්තුවේදී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගැනීමට කවිශ්ක ඩිල්ශාන් සමත් විය. එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකි විය (00-05).

තරගයේ 17 වන මිනිත්තුවේදී සාන්ත ජෝන් ක්‍රීඩකයින්ට ලැබුණු දඩුවම් පහර අවස්ථාව  මෆාස් බරන්ත අතින් අවාසනාවන්ත ලෙස ගිලිහෙන ලදි. අනතුරුව 31 වන මිනිත්තුවේදී 3 වතාවක් විරුද්ධ පිල පෙදෙසේ (Off Side) තර්ස්ටන් ක්‍රීඩකයෙකු රැදි සිටීම නිසා සාන්ත ජෝන් විද්‍යාලයට උත්සාහක දඩුවම් පහරක් (Penalty Try) ලබා දීමට තරග විනිසුරු තීරණය කල අතර එය සාර්ථක කරගැනීමට මෆාස් සමත් විය. මුල් අර්ධයේ දී දෙපිලම කරට කර තරගයක නිරත විය. කෙසේ වෙතත් වැඩි ගෞරවය සාන්ත ජෝන් විද්‍යාලයට හිමිවිය (05-05).

පළමු අර්ධය – ශාන්ත ජෝන් විද්‍යාලය 05 : 05 තර්ස්ටන් විද්‍යාලය

අනතුරුව තරගයේ 53 වන මිනිත්තුවේදී අවීශ වීරරත්න තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගැනීමට සමත් විය. එහිද ප්‍රවර්තන අවස්ථාව අසාර්ථක විය (10-05). අනතුරුව තරගයේ උණුසුම වැඩිකරමින් සාන්ත ජෝන් විද්‍යාලය තම සීමාව අසල බොහෝ වේලාවක් රැදී සිටීමට හැකිවුවද එය උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයින් සාන්ත ජෝන් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දුන්නේ නැත. අනතුරුව තරඟයේ 89 වන මිනිත්තුවේදී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට තිලිණ ආසිරි  සමත් විය. ඒ අනුව තරඟය, ලකුණු 15-05 ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයින් සමත් විය. කෙසේ වෙතත් එම තරගයේ අවසන් මොහොත දක්වාම සාන්ත ජෝන් ක්‍රීඩකයින් තර්ස්ටන් ක්‍රීඩකයින්ට හොඳ තරඟයක් ලබාදීමට සමත් විය.

අවසන් ලකුණු – ශාන්ත ජෝන් විද්‍යාලය 05 : 15 තර්ස්ටන් විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලය – උත්සාහක දිනුම් 3 (කවිශ්ක ඩිල්ශාන්, අවීශ වීරරත්න, තිලිණ ආසිරි)

සාන්ත ජෝන් විද්‍යාලය – උත්සාහක දඩුවම් පහර 1 (මෆාස් බරන්ත)

ThePapare.com තරගයේ වීරයා – අවීශ වීරරත්න

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට