Home Sinhala සිව්වැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලැබෙන ලකුණු

සිව්වැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලැබෙන ලකුණු

1312

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පසුගිය 14 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා හා නවසීලන්තය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) තෙවැනි දිනය සඳහාත් ක්‍රියාත්මක විය. තරගය තෙවැනි දිනය සඳහා නවතා දමන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 195ක් ලබාගෙන සිටින්නේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් සිටිමිනි.

ලක්මාල් හා දික්වැල්ල ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන …….

වලාකුළින් තරමක් අහස බරව තිබූ කාලගුණ තත්වයක් යටතේ උදෑසන 9.45ට පමණ තරගය ආරම්භ වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 227/8ක් ලෙස සටහන් වී තිබුණි. ඊයේ දිනය තුල නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 80ක් ක්‍රියාත්මක කළ නිසා අද දිනය ආරම්භ කරන විටම ඔවුන් සිය දෙවන නව පන්දුව රැගෙන තරගය සඳහා අවතීර්ණ විය.

නිරෝෂන් දික්වැල්ල හා සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පළමු ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 173ක් තුල අගනා ලකුණු 81ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එය ශ්‍රී ලංකා පළමු ඉනිමේ වාර්තා වූ හොඳ සබඳතාවය බවට ද පත්විය. එම සබඳතාවයට ලකුණු 81 දී නැවතීමේ තිත වැටුණේ ට්‍රෙන්ට් බෝල්ට් ලක්මාල් වෙත එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි. ඔහු දැවී යන විට 4 පහර 3ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබාගෙන තිබුණි.

දික්වැල්ල, අනතුරුව පිටියට පැමිණි ලසිත් ඇඹුල්දෙණිය හා එක්ව නවසීලන්ත පළමු ඉනිම අභිබවා ශ්‍රී ලංකා ඉනිම රැගෙන ගියේය. එය ක්‍රිකට් වාර්තා පොත් නැවත වතාවක් අලුත් කරන්නට සමත් වූයේ 2015 වසරේ ගාලු ක්‍රිකට් පිටියේ පැවති ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයට පසුව දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායමක් පළමු ඉනිමේ වාසිය ලබා ගත් පළමු අවස්ථාව ලෙස සටහන් වූ නිසාවෙනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දික්වැල්ල ලකුණු 61ක් ලබාගෙන සිටිය දී විලියම් සමර්විල්ගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා 9 වැනි කඩුල්ල ද බිඳ වැටුණි. ලකුණු 5ක් ලබා සිටි ඇඹුල්දෙණිය දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 267කට සීමා විය.

>>Photo Album : Sri Lanka vs New Zealand | 1st Test – Day 3 <<

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන පටෙල් ලකුණු 89කට කඩුලු 5ක් දවාගෙන දස්කම් දක්වන විට, විලියම් සමර්විල් හා ට්‍රෙන්ට් බෝල්ට් අතරේ පිළිවෙළින් කඩුලු 3ක් හා කඩුලු 2ක් බෙදී ගියේය. 

ලකුණු 18ක පළමු ඉනිමේ අවාසියක් සමඟින් සිය දෙවන ඉනිම දියත් කිරීමට පිටියට පැමිණි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් යුගලයේ සබඳතාවය ලකුණු 8කට සීමා කිරීමට ධනංජය ද සිල්වා සමත් වූයේ ලකුණු 4ක් ලබා සිටි ජීට් රාවල් මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි නායක කරුණාරත්න වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

තෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබාගෙන සිටි අතර දිවා ආහාරයට පසුව ක්‍රියාත්මක වුනු දෙවන පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී ලකුණු 4ක් ලබාගෙන සිටි නායක විලියම්සන්ගේ කඩුල්ල දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. රොස් ටේලර් ලකුණු 3යි. 

ඉන් අනතුරුව පිටියේ එක්වූ ලේතම් හා හෙන්රි නිකල්ස් පන්දු 69ක් තුල සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවයක් ගොඩනංවමින් නවසීලන්ත දෙවන ඉනිම යම් ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට සමත් විය. නවසීලන්ත මැදපෙළ සවිමත් කරමින් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වීමට උත්සහ කළ ටොම් ලේතම් නවසීලන්ත ලකුණු සටහන ලකුණු 81ක් ක් ලෙස සටහන් වෙද්දී පිටියෙන් ඉවත් වූයේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ලහිරු තිරිමාන්න වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. ඉන් සිය  කඩුලු දවා ගැනීමේ පිපාසය නොනැවතුණු ධනංජය ලකුණු 26ක් ලබා සිටි නිකල්ස්ගේ කඩුල්ල ද දවා ගනිමින් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවා දීමට සමත් විය.

>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<<

තෙවැනි දිනයේ තේ පානය සඳහා තරගය නවතා දැමීමට පෙර ක්‍රියාත්මක වූ  අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී ලකුණු 12ක් ලබාගෙන සිටි මිචෙල් සැන්ට්නර් දවා ගැනීමට ඇඹුල්දෙණිය සමත් වූයේ ඩීප් මිඩ් විකට් කලාපයේ රැඳී සිටි ලක්මාල්ගේ ද සහාය ඇතිවයි. තරගය තේ පානය සඳහා නවතා දමන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්තය පන්දුවාර 76ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 195ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් සිටිමිනි.

තේ පානයෙන් අනතුරුව පිටියට පැමිණි ටිම් සවුති හා එක්වූ බී. ජේ වොට්ලින්ග් එක්ව නවසීලන්ත දෙවන ඉනිමේ දැනට වාර්තා වූ දෙවන හොඳම සබඳතාවය වාර්තා කරමින් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 54ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එම සබඳතාවය එතරම් දුර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ද තරමක සහයක් ලබාදුනි. නවසීලන්ත දෙවන ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස ලකුණු 23ක් ලබා සිටි සවුති ඇඹුල්දෙණියගේ සිව්වැනි කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට හැරී ගියේ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ කරවමිනි.

කෙසේ නමුත් සවස 5ට පමණ ගාල්ල ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයේ ස්වාභාවික ආලෝක තත්වය අයහපත් නිසාවෙන් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට සිය 17 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින බී. ජේ වොට්ලින්ග් සටන්කාමි පිතිකරණයක නිරත වෙමින් ලකුණු 63*ක් ලබාගෙන සිටියි. 

විලියම් සමර්විල් ලකුණු 5*යි. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 71කට කඩුලු 4ක් දවා ගනිමින් නවසීලන්ත දෙවන ඉනිම සුනුවිසුනු කර දමන ලදි. 

ඊට අමතරව ධනංජය ද සිල්වා හා අකිල දනංජය අතරේ පිළිවෙළින් කඩුලු 2ක් හා කඩුල්ලක් බෙදී ගියේය. 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

තරගයේ ලකුණු සටහන

Result


Sri Lanka
267/10 (93.2) & 268/4 (86.1)

New Zealand
249/10 (83.2) & 285/10 (106)

Batsmen R B 4s 6s SR
Jeet Raval c Dhananjaya de Silva b Akila Dananjaya 33 83 3 0 39.76
Tom Latham c Niroshan Dickwella b Akila Dananjaya 30 88 3 0 34.09
Kane Williamson c Dimuth Karunaratne b Akila Dananjaya 0 3 0 0 0.00
Ross Taylor c Niroshan Dickwella b Suranga Lakmal 86 132 6 0 65.15
Henry Nicholls lbw b Akila Dananjaya 42 78 2 0 53.85
BJ Watling lbw b Akila Dananjaya 1 5 0 0 20.00
Mitchell Santner lbw b Suranga Lakmal 13 42 1 0 30.95
Tim Southee run out (Dhananjaya de Silva) 14 19 0 1 73.68
William Somerville not out 9 28 1 0 32.14
Trent Boult c Kusal Perera b Suranga Lakmal 18 22 1 1 81.82
Ajaz Patel lbw b Suranga Lakmal 0 0 0 0 0.00


Extras 3 (b 0 , lb 2 , nb 1, w 0, pen 0)
Total 249/10 (83.2 Overs, RR: 2.99)
Fall of Wickets 1-64 (26.3) Tom Latham, 2-64 (26.6) Kane Williamson, 3-71 (30.2) Jeet Raval, 4-171 (58.2) Henry Nicholls, 5-179 (60.2) BJ Watling, 6-205 (69.1) Ross Taylor, 7-216 (73.5) Mitchell Santner, 8-222 (74.6) Tim Southee, 9-249 (83.1) Trent Boult, 10-249 (83.2) Ajaz Patel,

Bowling O M R W Econ
Suranga Lakmal 15.2 5 29 4 1.91
Lahiru Kumara 10 1 37 0 3.70
Akila Dananjaya 30 3 80 5 2.67
Dhananjaya de Silva 6 0 20 0 3.33
Lasith Embuldeniya 22 1 81 0 3.68
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne st BJ Watling b Ajaz Patel 10 36 1 0 27.78
Dimuth Karunaratne lbw b Ajaz Patel 39 73 4 0 53.42
Kusal Mendis c Ross Taylor b Ajaz Patel 53 89 7 1 59.55
Angelo Mathews c Ross Taylor b Ajaz Patel 50 98 7 1 51.02
Kusal Perera c Mitchell Santner b Trent Boult 1 4 0 0 25.00
Dhananjaya de Silva c & b Ajaz Patel 5 19 1 0 26.32
Niroshan Dickwella c Kane Williamson b William Somerville 61 109 3 0 55.96
Akila Dananjaya c Ross Taylor b William Somerville 0 8 0 0 0.00
Suranga Lakmal b Trent Boult 40 98 3 2 40.82
Lasith Embuldeniya lbw b William Somerville 5 17 1 0 29.41
Lahiru Kumara not out 0 9 0 0 0.00


Extras 3 (b 1 , lb 1 , nb 0, w 1, pen 0)
Total 267/10 (93.2 Overs, RR: 2.86)
Fall of Wickets 1-27 (10.6) Lahiru Thirimanne, 2-66 (22.5) Dimuth Karunaratne, 3-143 (46.5) Kusal Mendis, 4-144 (47.3) Kusal Perera, 5-155 (52.2) Dhananjaya de Silva, 6-158 (54.1) Angelo Mathews, 7-161 (55.5) Akila Dananjaya, 8-242 (84.4) Suranga Lakmal, 9-262 (91.1) Niroshan Dickwella, 10-267 (93.2) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Trent Boult 20 4 45 2 2.25
Tim Southee 7 3 17 0 2.43
William Somerville 22.2 3 83 3 3.74
Ajaz Patel 33 6 89 5 2.70
Mitchell Santner 11 0 31 0 2.82
Batsmen R B 4s 6s SR
Jeet Raval c Dimuth Karunaratne b Dhananjaya de Silva 4 20 0 0 20.00
Tom Latham c Lahiru Thirimanne b Akila Dananjaya 45 81 2 1 55.56
Kane Williamson c Kusal Perera b Lasith Embuldeniya 4 25 0 0 16.00
Ross Taylor c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 5 0 0 60.00
Henry Nicholls c Kusal Mendis b Dhananjaya de Silva 26 71 2 0 36.62
BJ Watling c Niroshan Dickwella b Lahiru Kumara 77 173 6 0 44.51
Mitchell Santner c Suranga Lakmal b Lasith Embuldeniya 12 35 0 0 34.29
Tim Southee st Niroshan Dickwella b Lasith Embuldeniya 23 62 1 0 37.10
William Somerville not out 40 118 2 0 33.90
Trent Boult c Dhananjaya de Silva b Lahiru Kumara 26 25 2 1 104.00
Ajaz Patel lbw b Dhananjaya de Silva 14 23 1 0 60.87


Extras 11 (b 4 , lb 5 , nb 2, w 0, pen 0)
Total 285/10 (106 Overs, RR: 2.69)
Fall of Wickets 1-8 (7.4) Jeet Raval, 2-20 (14.4) Kane Williamson, 3-25 (16.3) Ross Taylor, 4-81 (27.5) Tom Latham, 5-98 (39.2) Henry Nicholls, 6-124 (49.3) Mitchell Santner, 7-178 (69.5) Tim Southee, 8-224 (90.3) BJ Watling, 9-260 (98.2) Trent Boult, 10-285 (105.6) Ajaz Patel,

Bowling O M R W Econ
Suranga Lakmal 15 2 37 0 2.47
Akila Dananjaya 32 4 84 1 2.62
Dhananjaya de Silva 12 3 25 3 2.08
Lasith Embuldeniya 37 4 99 4 2.68
Lahiru Kumara 10 0 31 2 3.10


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c BJ Watling b Tim Southee 122 243 6 1 50.21
Lahiru Thirimanne lbw b William Somerville 64 163 4 0 39.26
Kusal Mendis c Jeet Raval b Ajaz Patel 10 6 1 1 166.67
Angelo Mathews not out 28 73 2 0 38.36
Kusal Perera c Mitchell Santner b Trent Boult 23 19 5 0 121.05
Dhananjaya de Silva not out 14 13 3 0 107.69


Extras 7 (b 6 , lb 1 , nb 0, w 0, pen 0)
Total 268/4 (86.1 Overs, RR: 3.11)
Fall of Wickets 1-161 (60.2) Lahiru Thirimanne, 2-174 (61.5) Kusal Mendis, 3-218 (76.1) Dimuth Karunaratne, 4-250 (82.2) Kusal Perera,

Bowling O M R W Econ
Trent Boult 9.1 1 34 1 3.74
Tim Southee 12 2 33 1 2.75
William Somerville 31 6 73 1 2.35
Ajaz Patel 18 0 74 1 4.11
Mitchell Santner 13 2 38 0 2.92
Kane Williamson 3 0 9 0 3.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<