ගෙවුනු දවස ජනවාරි 4 – ශ්‍රී ලංකාවේ ගෞරවයට සටනක්

550
Sri Lanka Sports News last day summary January 4th

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

උදාවූ නව වසරේ ඔබගේ සියළු යහපත් පැතුම් ඉටුවන, නිදුක්, නීරෝගී ශ්‍රී සුභ නව වසරක් වේවා යැයි, ගෙවුනු දවසේ ප්‍රාර්ථනයයි!

ක්‍රිකට් –

මැතිව්ස් සහ චන්දිමාල් 29*, 28*
Sri Lanka Sports News last day summary January 4th pic 1
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ ඡායාරූපයක් ©ThePapare.com

කේප්ටවුන් හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවට පත්වන විට තරග ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 507ක දැවැන්ත ඉලක්කයක් ලුහුබඳින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබාගෙන අසීරු තත්වයක පසුවේ. එබැවින් මෙම තරගය මේ වන විටත් තරග ජයකට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් කෙරෙන සටනක් බවට පත්ව තිබේ.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 392 (පන්දුවාර 116): ඩීන් එල්ගාර් 129, ක්වින්ටන් ඩි කොක් 101, ෆැෆ් ඩූ ප්ලෙසිස් 38, හෂීම් අම්ලා 29, ලහිරු කුමාර 6/122, සුරංග ලක්මාල් 2/93, රංගන හේරත් 2/57.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 110 (පන්දුවාර 43): උපුල් තරංග 26*, දිමුත් කරුණාරත්න 24, ධනංජය සිල්වා 16, කෞෂාල් සිල්වා 11, කුසල් මෙන්ඩිස් 11, වර්නන් ෆිලැන්ඩර් 4/27, කාගිසෝ රබාඩා 4/37, කේශව් මහරාජ් 2/32.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 224 (පන්දුවාර 51.5): ඩීන් එල්ගාර් 55, ෆැෆ් ඩූ ප්ලෙසිස් 41, ස්ටීවන් කුක් 30, ජේ. පී. ඩුමිනි 30, සුරංග ලක්මාල් 4/69, රංගන හේරත් 1/32.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 130 (පන්දුවාර 40): ඇන්ජෙලෝ මැතිව්ස් 29*, කෞෂාල් සිල්වා 29, දිනේෂ් චන්දිමාල් 28*, වර්නන් ෆිලැන්ඩර් 2/34, කාගිසෝ රබාඩා 2/22.

සම්පූර්ණ තරඟ වාර්තාව: මැතිව්ස් සහ චන්දිමාල් ගෞරවය බේරා ගැනීමේ සටනක


බ්ලූම්ෆීල්ඩ්ට ඉණිමක ජයක්
SLC Premier League 2016/17 Tier A January 4th roundup
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක නිපුන් කරුණානායක ©ThePapare.com

පූර්ණ තරග ජයග්‍රහණයක් පිලිබඳ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් තබා තිබූ බලාපොරොත්තු බොඳ කරමින් තෙවැනි දිනය නිමාවන තුරුම සිය කඩුලු ආරක්ෂා කරගන්නට ඊයේ (04) ගාලු ක්‍රිකට් සමාජයේ පිතිකරුවන් සමත් විය. නමුත් තරගය පුරාවට වැඩි දක්ෂතා ප්‍රකට කළ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය හිමිවිය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) -සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 96): අදීශ නානායක්කාර 78, ලහිරු ජයකොඩි 48, විනෝද් පෙරේරා 46, නිපුන් කරුණානායක 30, රොෂාන් ජයතිස්ස 4/64, සජීව වීරකෝන් 3/85, චලන ද සිල්වා 2/70.

ගාලු ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 54.2): දමිත හුණුකුඹුර 54, චලන ද සිල්වා 32, දිල්හාන් කුරේ 19, මලිත් ද සිල්වා 5/60, ලහිරු සංජය 3/52, විනෝද් පෙරේරා 1/17.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 343 (පන්දුවාර 69.2): නිපුන් කරුණානායක 183, තිරාන් ධනපාල 66, නිසල් ෆ්‍රැන්සිස්කෝ 17, සජීව වීරකෝන් 2/41, චලන ද සිල්වා 2/34.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 220 (පන්දුවාර 55): දිල්හාන් කුරේ 32, දමිත හුණුකුඹුර 56*, ඒ. කේ. ටිරෝන් 41*, ශාලික කරුණානායක 27, මලිත් ද සිල්වා 3/37, ඉම්රාන් කාන් 2/63.

සම්පූර්ණ තරඟ වාර්තාව: නිපුන්ගෙන් ගාලු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක්!


ඇලෝසියස් විදුහලට තියුණු ජයක්
ALOYSIUS U19 Schools Cricket 4th January roundup
අැලෝසියස් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම ©ThePapare.com

සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ධර්මාශෝක විද්‍යාලය අතර ඊයෙන් (4) අවසන් වූ තරඟය ඉතාමත් උණුසුම්කාරී තරඟයක් වූ අතර එහි පළමු ඉණිමේ ජයග්‍රහණය සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හිමිකර දෙමින් සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් නිමාවට පත්විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 64.2): නවිදු නිර්මාල් 89*, පසිදු නානායක්කාර  44, ලොහාන් ද සොයිසා 3/32, ලසිත් කුමාර 2/21, උෂාන් ඉමන්ත 2/51

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු  202 (පන්දුවාර 66.1): දිනුක ඩිල්ශාන් 89*, හර්ෂජිත් රොශාන් 62, කවීශ විලෝචන 4/55, නිදුක මල්සිත් 2/23

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 165 (පන්දුවාර 46.3): රවිදු සංජන 53, චතුර ප්‍රභාත් 25*, ලසිත් කුමාර 3/31, උශාන් ඉමන්ත 3/34, නිමේෂ් මෙන්ඩිස් 3/46

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 146 (පන්දුවාර 18): රවිදු රශාන්ත 40, හර්ෂජිත් රොශාන් 25, රවිදු සංජන 3/57, කවිශ්ක ඩිල්ශාන් 2/31

මොරටු විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 88 (පන්දුවාර 35.5): දුලක්ෂ පීරිස් 24*, තුසිත් ද සොයිසා 4/25, කනිෂ්ක ජයසේකර 3/21

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී)  – කඩුලු 4ක් දැවී ලකුණු 133 (පන්දුවාර 57): කවිදු පෙරේරා 45, ශසික රේමන්ඩ්  42, කවිදු මුණවීර 20, ශෙසද සොයිසා 3/20

සංක්ෂිප්ත වාර්තාව: සාන්ත ඇලෝසියස් පළමු ඉණිමේ ජයක් තහවුරු කරයි

දිනයක අවසානය