සාන්ත ඇලෝසියස් පළමු ඉණිමේ ජයක් තහවුරු කරයි

696
ALOYSIUS U19 Schools Cricket 4th January roundup

සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ධර්මාශෝක විද්‍යාලය අතර අදින් (4) අවසන් වූ තරඟය ඉතාමත් උණුසුම්කාරී තරඟයක් වූ අතර එහි පළමු ඉණිමේ ජයග්‍රහණය සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හිමිකර දෙමින් සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් නිමාවට පත්විය.

පසුගිය ලිපි: විමුක්ති කුලතුංග කඩුලු 8ක් දවාලමින් ජය තහවුරු කරයි

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරගයක් ලෙසින් කරන්දෙණිය මධ්‍ය විද්‍යාල පිටියේදී ඊයේ (03) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

දෙවන දිනය ආරම්භ කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කල ධර්මාශෝක විද්‍යාලය, කඩුලු 4ක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටි අතර එම ඉණිම එතැන් සිට ලකුණු 202ක් දක්වා ඇදගෙන යමින් දක්ෂ ඉණිමක් බවට පරිවර්ථන කිරීමට දිනුක ඩිල්ශාන් (89*) සමත් විය. නමුත් පළමු ඉණිමේ වාසිය ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලයට නොහැකි වූ අතර, කවීශ විලෝචන කඩුලු 4ක් දවාලන ලදී.

ලකුණු 11ක වාසියක් ද ඇතිව තම දෙවන ඉණිම දියත් කල ඇලෝසියස් විද්‍යාලයට, රවිදු සංජන අර්ධ ශතකයක් එක්කරමින් ලකුණු 53ක් ලබා ගත්තේය. ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 146ක් ලබා ගත්තද, දිනයට නියමිත පන්දුවාර ගණන නිමාවූ නිසා තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීමට තිබූ අවස්ථාව ඔවුන්ට මගහැරිනි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 64.2): නවිදු නිර්මාල් 89*, පසිදු නානායක්කාර  44, ලොහාන් ද සොයිසා 3/32, ලසිත් කුමාර 2/21, උෂාන් ඉමන්ත 2/51

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු  202 (පන්දුවාර 66.1): දිනුක ඩිල්ශාන් 89*, හර්ෂජිත් රොශාන් 62, කවීශ විලෝචන 4/55, නිදුක මල්සිත් 2/23

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 165 (පන්දුවාර 46.3): රවිදු සංජන 53, චතුර ප්‍රභාත් 25*, ලසිත් කුමාර 3/31, උශාන් ඉමන්ත 3/34, නිමේෂ් මෙන්ඩිස් 3/46

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 146 (පන්දුවාර 18): රවිදු රශාන්ත 40, හර්ෂජිත් රොශාන් 25, රවිදු සංජන 3/57, කවිශ්ක ඩිල්ශාන් 2/31


මොරටුව මොරටු විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරගයක් ලෙසින් මොරටු විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී අද (04) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. තරගයේ පළමු දිනය නිමාවන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සිටියි.

මොරටු විද්‍යාලයේ පිතිකරණයට තම පළමු ඉණිම රිසිලෙස දියත් කිරීමට සාන්ත සිල්වෙස්ටර් පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර, දක්ෂ පන්දු යැවීමක නිරත වූ තුසිත් ද සොයිසා ලකුණු 25කට කඩුලු 4ක් දවාලන ලදි. දුලක්ෂ පීරිස් ලකුණු 24*ක් ලබාගෙන මොරටු විද්‍යාලයේ පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පිළිතුරු ඉණිම දියත් කරන සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් කවිදු පෙරේරා ලකුණු 45ක් ලබාගෙන පළමු දිනය තුළ පිතිකරණයෙන් කැපීපෙනෙන දස්කම් දක්වන ලදී.

මොරටු විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 88 (පන්දුවාර 35.5): දුලක්ෂ පීරිස් 24*, තුසිත් ද සොයිසා 4/25, කනිෂ්ක ජයසේකර 3/21

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී)  – කඩුලු 4ක් දැවී ලකුණු 133 (පන්දුවාර 57): කවිදු පෙරේරා 45, ශසික රේමන්ඩ්  42, කවිදු මුණවීර 20, ශෙසද සොයිසා 3/20

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මොරටු විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 45ක් ඉදිරියෙන් සිටියි


ගාල්ල මහින්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරඟය

මලියදේව විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව අද (04) ආරම්භ වුනු තරගයේ කාසියේ වාසිය ජයගත් ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය නිමාවන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන මහින්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටියි.

මහින්ද විද්‍යාලය මලියදේව විද්‍යාලයේ ඇරයුම පිළිගෙන පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර, එහිදි සාර්ථක ලකුණක් කරා යෑමට එකදු පිතිකරුවෙකු හෝ සමත් වූයේ නැත. දිනංජය ප්‍රේමරත්න ලකුණු 26කට කඩුලු 3ක් දවාලමින් මහින්ද පළමු ඉණිම සුනු විසුනු කරන ලදි. එසේ පන්දුවෙන් දස්කම් දැක්වූ මලියදේව විද්‍යාලයේ පළමු ඉණිමද මහින්ද විද්‍යාලය හා සැසදීමට හැකි ඉණිමක් වූ අතර, මලියදේව විද්‍යාලයට ද සාර්ථක ලකුණක් ලබා ගැනීමට නොහැකි විය. කවිදු එදිවීර ලකුණු 22ක් තුල කඩුලු 4ක් දවාලමින් මහින්ද විද්‍යාලය වෙනුවෙන් දස්කම් දක්වන ලදි.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 41.2): දිනංජය  ප්‍රේමරත්න 3/26, කවීන් බණ්ඩාර 3/11, මනෙල්ක ධර්මදාස 3/10

මලියදේව විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 88 (පන්දුවාර 33.1): කවිදු එදිවීර 4/22, කෙවින් කොට්ටිගොඩ 3/7, රොෂාන් කාවින්ද 2/21

මහින්ද විද්‍යාලය දෙවන ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 24 (පන්දුවාර 15):

මහින්ද විද්‍යාලය මලියදේව විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටියි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට