2019/20 වර්ෂ සඳහා 19න් පහළ ක්‍රිකට් සටනේ තරග වදින පාසල් තීන්දුයි

597

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ 2019/20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

17න් පහළ පළමුපෙළ තරගාවලියේ දෙවන වටයට පාසල් 32ක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව විසින් සංවිධානය කරනු ලබන “2019 සිංගර් කුසලාන” වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල්…

මෙවර තරගාවලිය ද පසුගිය තරගාවලිය මෙන්ම කාණ්ඩ 4ක් යටතේ පවත්වන අතර ඒ එක් කාණ්ඩයකට පාසල් ක්‍රිකට් කණ්ඩායම් 9ක් (සමස්ත පාසල් 36ක්) ඇතුළත්ය. පාසල් ක්‍රිකට් තරග කාලසටහන තුල වැඩි අවධානයක් දිනා ගන්නා මෙම ක්‍රිකට් තරගාවලිය 2019 සැප්තැම්බර් මස සිට ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පුරා මාස 8කට ආසන්න කාලයක් පැවැත්වේ.

තරගාවලියේ තරග වදිනු ලබන සෑම කණ්ඩායමක්ම මූලික තරග වටයේ දී තම කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් 8 සමඟ තරග 8කට සහභාගී වන අතර ඊට අමතරව සාම්ප්‍රදායික පාසල් තරග 7කට සහභාගී වේ. 

සියලුම පාසල් ක්‍රිකට් කණ්ඩායම්, ඒ වසරේ දෙසැම්බර් 31 වැනි දිනයට පෙර අවම වශයෙන් සිය කාණ්ඩයේ ක්‍රිකට් තරග 3ක් ක්‍රීඩා කළ යුතුව ඇත. මේ ක්‍රිකට් තරගාවලිය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මාසයකට ආසන්න කාලයක් නවතා දමනු ලැබේ.

මීට පෙර පැවති තරගාවලිවලට සාපේක්ෂව මෙවර තරගාවලියේ දී දෙවන වටය සඳහා කණ්ඩායම් තෝරාගැනීමේ දී යම් වෙනසක් සිදුකොට ඇත. එනම් තරගාවලියේ මූලික වටය අවසන් වූ පසුව එක් එක් කාණ්ඩවල පෙරමුණේ සිටින කණ්ඩායම් 4 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය (සුපිරි 8 දෙනාගේ වටය)  සඳහා කෙළින්ම සුදුසුකම් ලබා ගන්නා අතර ඒ ඒ කාණ්ඩවල දෙවන හා තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ තරග වටයකට සහභාගී විය යුතුය. 

ඉන් ජයග්‍රහණය හිමිකරගන්නා කණ්ඩායම් 4 අර්ධ අවසන් පූර්ව වටය (සුපිරි 8 දෙනාගේ වටය) සඳහා තේරී පත්වේ. එතැන් සිට අවසන් මහා තරගය දක්වාම තරගාවලිය පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමවේදයටයි.

සති දෙකක් ඇතුළත හොඳම පුහුණුකරුවෙකු ලංකාවට? ක්‍රීඩා ඇමතිගෙන් ඉඟියක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ වෙනසක් සිදු කිරීමට තමා බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය දා මාධ්‍ය…

පසුගිය වසරේ පැවති පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී මරදාන සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායම නොකඩවා දෙවන වතාවත් එහි ශූරතාව දිනා ගත් අතර ජයග්‍රාහී කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ අශේන් ඩැනියල් විසිනි.

එහි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ජය ගනු ලැබුවේ සිතර හපුහින්නගේ නායකත්වයෙන් යුත් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමයි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය පසුගිය වසරේ පැවති තරගාවලියේ දී අවසන් ස්ථාන දිනා ගත් නිසා දෙවන පෙළ දක්වා පසුබසින ලදි. ඒ පාසල් දෙක වෙනුවට දෙවන පෙළින් පළමු පෙළට උසස්වීම් ලබාගත්තේ කොළඹ රාජකීය විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාල කණ්ඩායමයි.

A කාණ්ඩය

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, කඳාන ද මැසනොඩ් විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය.

B කාණ්ඩය

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය , ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මොරටු මහා විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය , පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය.

C කාණ්ඩය

කොළඹ මහානාම විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය.

D කාණ්ඩය

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, කොළඹ සහිරා විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<