ගෙවුනු දවස ජනවාරි 27 – ක්‍රිකට් තරගවලට වැස්සෙන් බාධා

544
Sri Lanka Sports News last day summary 26th January 27th

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

පසිඳු සූරියබණ්ඩාර 108*

Sri Lanka Sports News last day summary 26th January pic 1(8)වර්ෂාවෙන් එල්ල වන බාධක ද නොතකා සිංගර් අන්තර් පාසල් පළමු පෙළ දෙදින තරගාවලියේ තවත් තරග කිහිපයක්ම ඊයේ (27) ආරම්භ වුනු අතර, එයින් එක් තරගයකදී රාජකීයේ පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 108*ක් වාර්තා කලේය. 26 වැනිදා ආරම්භ වූ අනෙක් තරගය විසදුමකින් තොරව අවසන් විය.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 284 dec (පන්දුවාර 94.5): අවිදු හේරත්  61, නිම්සර හෙශාන් 55, මනුජ පෙරේරා  54, චන්දුල ජයකොඩි 32, කවිදු මුණවීර 24, ශෙහාර රණතුංග  4/68, නිපුන් ධනංජය 3/112

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 142 (පන්දුවාර 44): අසිත ගිහාන් 84, සඳරුවන් ප්‍රනාන්දු 21, තුසිත් සොයිසා 3/39

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 217 dec (පන්දුවාර 71.2): හරීන් කුරේ 49, පහන් පෙරේරා 47, දිනෙත් මදුරාවල 33, ශිවාන් රාසූල් 31, පවිත් රත්නායක 3/33, ඩිලෝන් පීරිස් 3/50, රවිදු කොඩිතුවක්කු 1/16

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 13 (පන්දුවාර 9): රවිදු කොඩිතුවක්කු 11*, රැචිර ඒකනායක 1/1, හරීන් කුරේ 2/08

සවිස්තර වාර්තාව: පසිදු සූරියබණ්ඩාරගෙන් ශතකයක්


යොහාන් ද සිල්වා ශතකයක් අභියස

SLC Premier League 2016/17 Tier B January 27th roundupශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් තරග කිහිපයක් ඊයේ (27) පළමු දිනය සඳහා ආරම්භ වූ අතර එම සෑම තරගයකටම වර්ෂාවෙන් බාධා එල්ල විය. එනමුත් යොහාන් ද සිල්වා දිනය තුල වැඩිම ලකුණුලාභියා වෙමින් නොදැවී ලකුණු 81*ක් ලබා ගැනීමට සමත් විය.

ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 64.5): මදුරංග සොයිසා 47, රාජිත රණවීර 18, චානක රුවන්සිරි 16, අසේල රංගන 4/17, සුවන්ජි මදනායක 3/55

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 1.2): තරිදු ඩිල්ශාන් 5*, අසේල රංගන 2*

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 245 (පන්දුවාර 46.3): අරුණ ධර්මසේන 53*, චාමර සිල්වා 49, මොහොමඩ් ශිල්මි 37, තිළිණ හේරත් 4/64

සවිස්තර වාර්තාව: වරාය අධිකාරිය පෙරමුණේ


වැස්ස හමුවේ යශෝධගෙන් 56ක්

SLC Premier Leagueදේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින් සොයා යන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම ඊයේ (27) වර්ෂාව හේතුවෙන් තරමක් නිවී ගියේය. A කාණ්ඩය යටතේ අද ආරම්භ වීමට නියමිතව තිබූ තරග 3 අතුරින් සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගයේ ප්‍රථම දිනය වර්ෂාව හේතුවෙන් සේදී ගිය අතර අනෙක් තරග ද්විත්වයේම ක්‍රියාත්මක වූයේ අඩු පන්දුවාර ගණනකි.

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 208 (පන්දුවාර 63): යශෝධ ලංකා 56*, දිල්හාන් කුරේ 44*, දමිත හුණුකුඹුර 39, දිනුක හෙට්ටිආරච්චි 3/85, භානුක රාජපක්ෂ 1/11.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 43 (පන්දුවාර 13.1): ලහිරු ජයකොඩි 20, මොහොමඩ් අක්‍රම් 15*, ප්‍රමෝද් මධුවන්ත 1/0, කෝසල කුලසේකර 1/9.

සවිස්තර වාර්තාව: වර්ෂාවේ බාධා කිරීම් හමුවේ යශෝධ ලංකා සාර්ථක පිතිකරණයක

දිනයක අවසානය