වරාය අධිකාරිය පෙරමුණේ

452
SLC Premier League 2016/17 Tier B January 27th roundup

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් තරග කිහිපයක් අද (27) පළමු දිනය සඳහා ආරම්භ වූ අතර එම සෑම තරගයකටම වර්ෂාවෙන් බාධා එල්ල විය. එනමුත් යොහාන් ද සිල්වා දිනය තුල වැඩිම ලකුණුලාභියා වෙමින් නොදැවී ලකුණු 81*ක් ලබා ගැනීමට සමත් විය.

මදුරංග සොයිසා අර්ධ ශතකය පෙනි පෙනී දැවී යයි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් සතියේ තවත් තරගයක් අද (26) ලංකන් ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය

ලංකන් ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය

හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටියට අද (27) දිනය තුල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දෙවන දිනයට කිසිම පන්දුවකට තරගය විවර නොවූ අතර, තරගයේ දෙවන දිනය අත්හැරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

ඊයේ (26) දිනට තරගය අවසන් කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි පොලිස් ක්‍රීඩා සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 7ක් ලබාගෙන සිටියේය.

ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 64.5): මදුරංග සොයිසා 47, රාජිත රණවීර 18, චානක රුවන්සිරි 16, අසේල රංගන 4/17, සුවන්ජි මදනායක 3/55

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 1.2): තරිදු ඩිල්ශාන් 5*, අසේල රංගන 2*

පොලිස් ක්‍රීඩා සමාජය ලංකන් ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 152ක් පසුපසින් පසුවෙයි.


පානදුර ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගය

පානදුර ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය තමන් සතුකරගත් කුරුණෑගල තරුණයෝ පළමුව පන්දුවට පහරදීමට ප්‍රතිවාදී පානදුර  ක්‍රීඩා සමාජයට ආරාධනා කලහ.

එම ආරාධනය පිළිගත් පානදුර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ පළමු ඉණිම වෙනුවෙන් 4 පහර 6ක් හා 6 පහර 4ක් පිටිය සිසාර එල්ල කරමින් නොදැවී ලකුණු 53*ක් ලබා ගැනීමට අරුණ ධර්මසේන සමත් විය. අත්දැකීම් බහුල මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල නායක චාමර සිල්වා 4 පහර 4ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියදී දැවීයන ලදි. දිනය අවසානයේ තම පළමු ඉණිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 245ක් රැස්කර ගැනීමට ඔවුන්ට හැකිවිණි.

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 245 (පන්දුවාර 46.3): අරුණ ධර්මසේන 53*, චාමර සිල්වා 49, මොහොමඩ් ශිල්මි 37, තිළිණ හේරත් 4/64


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරගය

නාවික හමුදා පිටියේදී පළමු දිනය සඳහා තරගය නිමාවන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන වරාය අධිකාරී ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබාගෙන සිටියි.

දකුණත් පිතිකරු යොහාන් ද සිල්වා පළමු දිනයේ ගෞරවය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරි ක්‍රීඩා සමාජය වෙත හරවා දෙමින් 4 පහර 4ක් සමඟ නොදැවී ලකුණු 81*ක් ලබා ගැනීමට සමත් විය. ඔහු සමඟින් එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 80ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් තම සමාජයේ ලකුණු පුවරුවේ ස්ථාවර බව රැකගැනීමට ඉශාන් රංගන සහය ලබා දුනි. දිනය අවසානයේ නොදැවී කඩුල්ලේ රැදී සිටින චාමිකර වික්‍රමසිංහ ලකුණු 10*ක් ලබාගෙන සිටියි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 171 (පන්දුවාර 59.3): යොහාන් ද සිල්වා 81*, ඉශාන් රංගන 35, ඉශාන් අබේසේකර 2/44

 >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<