කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

රග්බි –

පහසු තරඟයක ජය CR පිළට

pic 1

CH & FC කණ්ඩායම සහ CR & FC කණ්ඩායම අතර ඊයේ නිමාව දුටු තරඟයෙන් CH කණ්ඩායම සුපුරුදු පරාජයේ අත්දැකීම් විඳ ගැනීමෙන් නිමාවට පත්වූයේ 62 – 03ක් ලෙසිනුයි. තරඟයේ CR & FC කණ්ඩායම උත්සාහක දිනුම් 10ක් වාර්තා කල අතර ඒවායින් ප්‍රවර්තන 6ක් සාර්ථක කරගන්නට රීසා මුබාරක් (5) සහ කුමාර සැමුඑල් (1) සමත් විය.

ප්‍රථම අර්ධය: CR & FC 24 – 00 CH & FC

සම්පූර්ණ ලකුණු: CR & FC 62 – 03 CH & FC

ThePapare.com තරඟයේ වීරයා: චරණ සඳනායක (CR)

ලකුණු ලබා ගැනීම්:

CR & FC: කවිඳු ද කොස්තා (1T), රංදිත වර්ණපුර (2T), සමීර් ෆාජුඩීන් (1T), රෙහාන් සිල්වා (1T), චරණ සඳනායක (2T), තාරික් සාලිහ් (1T), අවිශ්ක හීන්පැල්ල (1T), අනුරාධ හේරත් (1T), රීසා මුබාරක්  (5C), කුමාර සැමුඑල් (1C)
CH & FC: රෝහිත රාජපක්ෂ ( 1DG)


ක්‍රිකට් –

පීතරයින්ට ඉණිමක ජයක්

pic 2

පාසල් කෙළිබිමේ සිටින අනාගත දක්ශයන් වෙත දස්කම් දක්වනු පිණිස සංවිධානය කරන සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ පහක අවසානය ඊයේ (14) සනිටුහන් විය.

එහිදී සාන්ත පීතර විද්‍යාලය හා මාරිස්ටෙලා විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ අත්කර ගනිද්දී , ගුරුකුල විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉණිමේ ජයග්‍රහණ අත්පත් කරගැනීමට සමත් විය.

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 132 (පන්දුවාර 42.5): මලිදු විදුරංග 71, අචින්ත මල්ශාන් 20, මොහොමඩ් හස්මි 8/20

සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු  129 (පන්දුවාර 44.2): මොහොමඩ් ශමාස් 38, මලිදු විදුරංග 3/25

ගුරුකුල විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 236 dec (පන්දුවාර 53): රවිදු උදාර 104*, පෘථිවි රෑසර 65

සහිරා විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 115 (පන්දුවාර 36): ඉරෝශාන් ලක්රුවන් 38*

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී  ලකුණු 291 dec (පන්දුවාර 71.3): හේලිත විතානගේ 119, ලසිදු නානායක්කාර 39, කවිදු මදරසිංහ 37, කවිදු ජයතිස්ස 3/62

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 397 dec (පන්දුවාර 86): ශිවෝන් ෆොන්සේකා 113, කැමරන් දුරුගේ 73, දිනෙත් ජයකොඩි 53, නිපුන් සුමනසිංහ 41, මනුල පෙරේරා 5/127, හිමේශ් රාමනායක 2/79

රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 137 (පන්දුවාර 31): රොනුක ජයවර්ධන 46, පසිදු සූරියබණ්ඩාර 38, දිනෙත් ජයකොඩි 5/36

සවිස්තර තරඟ වාර්තාව: මාරිස්ටෙලාවන්ට සහ පීතරයින්ට දැවැන්ත ජයක්


මුණවීර සහ සිරිවර්ධනගේ විශිෂ්ඨ පිතිකරණය

pic 3

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ඨයින් සොයා යන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරඟ 5ක් ඊයේ (14) ආරම්භ විය. එහිදී දිනයේ කැපී පෙනෙන පිතිකරණයක් වාර්තා වූයේ CCC කණ්ඩායම නියෝජනය කරන ඩිල්ශාන් මුණවීරගෙනි. එසේම වමත් පිතිකරු මිලින්ද සිරිවර්ධන ද අද සැරසන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ශතකයක් වාර්තා කරන ලදී.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 326 (පන්දුවාර 72.1): ඩිල්ශාන් මුණවීර 191, වනිඳු හසරංග 33, රොන් චන්ද්‍රගුප්ත 28, දිනුක හෙට්ටිආරච්චි 6/137, ඇන්ඩි සොලමන්ස් 3/70.

BRC – කිසිවෙකු නොදැවී ලකුණු 56 (පන්දුවාර 14):ලිසුල ලක්ෂාන් 32*, ලසිත් ලක්ෂාන් 24*.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 128 (පන්දුවාර 59.1): දිල්හාන් කුරේ 50, තරිඳු රත්නායක 4/25, සචිත්‍ර සේනානායක 2/30, විමුක්ති පෙරේරා 2/35.

සිංහල ක්‍රීඩා සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 121 (පන්දුවාර 30): මිනෝද් භානුක 73*.

සවිස්තර තරඟ වාර්තාව: ඩිල්ශාන් මුණවීරට ද්විත්ව ශතකයක් මඟහැරෙයි


අශාන් රණසිංහගෙන් අර්ධ ශතකයක්

pic 4

දින කිහිපයක විවේකයෙන් අනතුරුව ඊයේ (14) ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම පැවැත්විණි. එහිදී සුවන්ජි මදනායක කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 70.1): සුවන්ජි මදනායක 96*, සමිත් දුශ්ශන්ත 45, ජස්දීප් සිං 4/38, තෙනුක ධනංජය 3/47
කළුතර භෞතික සංස්කෘතික සමාජ පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී): එක් කඩුල්ලක් දැවී ලකුණු 39 (පන්දුවාර 17)

කළුතර නගර සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 42.4): තරිදු සිරිවර්ධන 33, ක්‍රිශේන් අපෝන්සු 22, සුදාරක දක්ෂින 4/09

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 6ක් දැවී ලකුණු 167 (පන්දුවාර 45): අශාන් රණසිංහ 66*, මංගල කුමාර 4/37


ටෙස්ට් තරඟය වේලාසනින් නිමාවෙයි

pic 5

ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (14) නිමාවුනු තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයත් ඉනිමකින් සහ ලකුණු 118කින් ජයගත් ප්‍රබල දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස විශිෂ්ඨ අයුරින් නිමා කිරීමට සමත් විය. ඒ අනුව පිට පිටම ටෙස්ට් තරඟ 5ක් ජය ගනිමින් දකුණු අප්‍රිකාවට සංචාරය කල ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනතෙක් පැවති සියලුම තරඟ වලදී පරාජයන් වැළඳ ගනිමින් දැඩි පසුබෑමකට ලක්ව සිටියි.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 426 (පන්දුවාර 124.1): ජේ. පී. ඩුමිනි 155, හෂීම් අම්ලා 134, ක්වින්ටන් ඩි කොක් 34, ඩීන් එල්ගාර් 27, නුවන් ප්‍රදීප් 4/78, ලහිරු කුමාර 4/107.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 45.4): කුසල් මෙන්ඩිස් 41, උපුල් තරංග 24, ඇන්ජෙලෝ මැතිව්ස් 19, කෞෂාල් සිල්වා 13, වර්නන් ෆිලැන්ඩර් 3/28, කාගිසෝ රබාඩා 3/44, ඩුවාන් ඔලිවියර් 2/19.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 177 (පන්දුවාර 42.3): දිමුත් කරුණාරත්න 50, සුරංග ලක්මාල් 31, උපුල් තරංග 26, කුසල් මෙන්ඩිස් 24, වේන් පානෙල් 4/51, ඩුවාන් ඔලිවියර් 3/38, කාගිසෝ රබාඩා 2/50.

විශ්ලේෂණාත්මක ලිපිය: ටෙස්ට් තරගාවලියේ සම්පූර්ණ ගෞරවය දකුණු අප්‍රිකානුවන්ට

දිනයක අවසානය