රිච්මන්ඩ් විද්‍යාලයෙන් පෑයූ බැඩ්මින්ටන් තරුව – බුවනෙක ගුණතිලක

419

වැඩිපුර කතා බහට ලක්නොවන ක්‍රීඩාවක තරුණ දක්ෂයෙක් සොයාගෙන මම අද ගියේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට. උදෑසන ක්‍රීඩා පුහුණු වීම් අවසන් වී ඔහු වෙහෙස මහන්සිය නිවා ගනිමින් සිටින විට, මම ඔහුගේ විවේකී මිනිත්තු කිහිපයකට බාධා කරමින් අප දෙදෙනාගේ කතා බහ ආරම්භ කළා.

හතරලියද්දෙන්ම යකඩ තුරුළු කරගත් හැඩකාරයා – ඉන්දික දිසානායක

පොඩි පොදකුත් ආවට අද නම් කොහොම හරි වැඩේ …….

අද ලිපියේ කතානායකයා ජාත්‍යන්තරය ජයගත් තවත් එක් තරුණ ක්‍රීඩකයෙක්. ඔහු නමින් බුවනෙක ගුණතිලක. ඔහු දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට අත්පොත් තබන ඔහුගේ බලාපොරොත්තුව ලෝකයේ හොඳම ක්‍රීඩකයන් 50 අතරට පැමිණීමයි.

ඔබ බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු වෙන්නේ පාසල් කාලයේදීමද?

මම රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළු වුනේ 2002 වසරේ දී. මම බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු වුනේ 2004 වසරේ මුල වගේ. මම පාසල් යන්න කලින් ඉඳන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු වෙලා හිටියේ. මගේ මුල්ම ගුරුවරයා පාලිත සර්. මගේ පවුලේ අයත් බැඩ්මින්ටන් ක්‍රීඩාව කරපු අය. කුඩා කාලයේ ඉඳලම බැඩ්මින්ටන් ක්‍රීඩාවට ගොඩක් ආදරය කළා.

පාසල් මට්ටමේ ලබපු මතක හිටින හොඳම ජයග්‍රහණය මොකක්ද?

මම කනිෂ්ට අංශයේ වයස අවුරුදු 11න් පහළ ශූරතාවය හිමිකර ගත්තා. ඒක තමා පාසල් මට්ටමේ මතක හිටින හොඳම ජයග්‍රහණය. මට එතකොට වයස අවුරුදු 10ක් පමණ වෙනවා.

බැඩ්මින්ටන් ක්‍රීඩාවට ඔබේ ඇති හැකියාව ඔප මට්ටම් කළ ගුරුවරයා කවුද?

මගේ මුල්ම ගුරුවරයා තමා පාලිත සර්. එය තමයි මට 13 පහළ වෙනකන් පුහුණුවීම් කටයුතු කළේ. ඒ වගේම කියන්න ඕනි මගේ තිබුණ අඩුපාඩු හදල මගේ ජාත්‍යන්තර  ජයග්‍රහණ රැසකටම මග විවර කලේ ටෝනි වහියුදී ගුරුතුමා ඔහුගේ ගුරුහරුකම් යටතේ මම තව ගොඩක් දුර යන්ඩ බලාපොරොත්තු වෙනවා.

පාසලේ දී ඔබේ යහළුවන් ඔබට කියන නම් එහෙම ඇති?

බුවා කියලා තමයි යාළුවෝ කියන්නේ.

ක්‍රීඩා කරන විට අකමැති මොන වගේ දේවල් වලටද?

ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් වලට වැඩිය කැමති නෑ. ඒත් කට්ට කාලා කොහොම හරි කරනවා.

අහිමිවීම් මැද ඉපදුනු ඔහු – ඔස්කා පිස්ටෝරියස්

ලොව පුරා සිටින දෛවයට සිනාසුනු මිනිසුන් වෙනුවෙන් ………

මීට පෙර ඔබේ යාළුවා සචින් කියනවා ඔබට යුගල ඉසව්වේ ඉදිරිපෙළ ක්‍රීඩා කරන්න ටිකක් අපහසුයි කියලා? 

ඔව්. ඇත්තටම මුලින්ම එහෙම එකක් තිබුනා. නමුත් දැන් මගේ ගුරුතුමා ඒක ගොඩක් දුරට හදලා තිබෙන්නේ. ඔහු කියන ආකාරයට මට කේවළ ඉසව්වත් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. මට ලැබෙන්නේ මොකක්ද, මම ඒ දේ හොඳට කරනවා.

ක්‍රීඩා දිවියේ අමතක නොවන කවුරු හරි ඉන්නවද?

ඔව්. ඇත්තටම මගේ පාසල් කාලයේ ඉඳලම යාළුවෙක් ඉන්නවා ප්‍රමෝද් කියලා. ඔහුත් බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා.  

ඔබේ ක්‍රීඩා ජීවිතයේ අමතක නොවන සිදුවීම් මොනවාද?

අපට චීන සංචාරයක් තිබුනා 2017 දී. අපි එන්න තිබුනේ හවස 7.30ට පමණ. මට තමයි දීලා තිබුනේ වෙලාව බලන්න කියලා. මම ටිකට් එක අරන් බලද්දී අපට තව වෙලා තියෙනවා. මම බලලා තියෙන්නේ උදේ වෙලාව. ඒත් ෆ්ලයිට් එක තිබුනේ හවස. කට්ටිය ටිකට් එක බැලුවට පස්සේ වෙලාව වැරදියි කියලා මට කිව්වා. කොහොම හරි අපි ආවේ දවසක් පරක්කු වෙලා.

බැඩ්මින්ටන් සංගමයෙන් ඔබට ලැබෙන සහාය මොන වගේද?

ඇත්තටම දැන් ඉන්නේ අලුත් බැඩ්මින්ටන් සංගමයක්. ඒක පත්වෙලා දැන් සතියක් විතර වෙනවා. මම හිතනවා එයාලා අපිට හොඳ දෙයක් කරයි කියලා. කලින් සංගමයෙන් අපට යම්කිසි සහයෝගයක් ලැබුනා. නමුත් අපට ලැබෙන්න තිබුනු ගොඩක් දේවල් ලැබුනේ නෑ.

බැඩ්මින්ටන් ක්‍රීඩාවට තිබෙන අනුග්‍රහය මොන වගේද?

ඇත්තටම අපට ලොකු අනුග්‍රහයක් නෑ. ප්‍රධාන පෙළේ තරගාවලි වලට විතරයි අපිට යන්න ගොඩක් අවස්ථාව තියෙන්නේ. අපට ඔලිම්පික් යන්න නම් අපි පෞද්ගලික තරගාවලි වලට සහභාගී වෙලා ප්‍රසාද ලකුණු ලබා ගන්න ඕනි. නමුත් අපට ඒ තරගාවලි වලට සහභාගී  වෙන්න අනුග්‍රහයක් ලැබෙන්නේ නෑ. අපි අතින් සල්ලි වියදම් කරල තමා ඒවාට සහභාගී වෙන්න ඕනි.

ඔබේ අධ්‍යාපන කටයුතු ගැන කිව්වොත්?

ඔව්. මම පාසල් කාලයේදීම අධ්‍යාපනය හා ක්‍රීඩාව සමබරව කරගෙන අවා. දැන් මම SLIIT ආයතනයේ උපාධියක් හදාරනවා.

පිහි ඇනුමින් දිවි බේරා ගත් ටෙනිස් ශූරිය – පෙට්‍රා ක්විටෝවා

තම කුඩා පා පැදියෙන් ටෙනිස් පුහුණුවීම් වලට යන ……..


කොපමණ කාලයක් මෙම ක්‍රීඩාවේ නියැලෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?

මට පුළුවන් තාක් මම බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා. ඒත් මම ගොඩක් කාලයක් සෙල්ලම් කරන්න ආස නෑ. මගේ ජීවිතේ ස්ථාවර මට්ටමට ආවට පස්සේ මම ක්‍රීඩාවෙන් සමුගන්නවා.

ක්‍රීඩා දිවියේ තිබෙන ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ එකම බලාපොරොත්තුව ලෝකයේ හොඳම ක්‍රීඩකයන් 50 අතරට එන්න. එතන ගොඩක් කල් රැඳී ඉඳල ලංකාවට කීර්තියක් ගේන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මගේ ගුරුතුමාත් එක්ක එකතුවෙලා ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව තව දියුණු කරන්න ලැබුනොත් ඒක මට ලොකු ගෞරවයක්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<