කුසල්ගේ නොදැවුනු ඉණිම නාවිකයන්ට සවියක් වෙයි

522
SLC Tier B Premier League

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය ඇතිව පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තවත් තරඟ කිහිපයක්ම අද (09) ආරම්භ විය.

පසුගිය ලිපි: පානදුර ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරා පියවර ඔසවයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරඟය

අද (09) ආරම්භ වූ තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය ලංකන් ක්‍රිකට් සමාජය පනාගොඩ දී පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ඒ ඇරයුමින් පිටියට පැමිණි ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පළමු ඉණිම වෙනුවෙන් ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වීමට අචිර එරංග සමත් වූ අතර, ඔහු ලකුණු 59ක් ලබාගැනීමට 4 පහර 4ක් හා එක් 6 පහරක් ලබා ගන්නා ලදී. ඔහු සමඟන් ගුවන් හමුදා ලකුණු පුවරුවේ සවිය වැඩිකල නායක රංග දිසානායක 4 පහර 5ක් සමඟ ලකුණු 41කින් තම දායකත්වය ලබාදෙන ලදි.

පන්දු යැවීමේදී දක්ෂ ලෙස පන්දුව දඟ යැවූ නවීන් කවිකාර ලකුණු 63ක් තුළ ගුවන් හමුදා කඩුලු 5ක් දවාගන්නට සමත් විය.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිම ආරම්භ කල ලංකන් ක්‍රිකට් සමාජය දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරන පසිදු බිම්සර හා ශසීන් ප්‍රනාන්දු පිලිවෙලින් ලකුණු 14*ක් හා ලකුණු 13*ක් ලබාගෙන සිටියි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම230/10 (73): අචිර එරංග 59, රංග දිසානායක 41, ලහිරු ලක්මාල් 36, නවීන් කවිකාර 5/63, අනුරුද්ධ ප්‍රනාන්දු 3/47

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේදී) – 30/01 (15): පසිදු බිම්සර 14*, ශසීන් ප්‍රනාන්දු 13*, සහන් ජයවර්ධන 1/10

ලංකන් ක්‍රිකට් සමාජය ගුවන් හමුදා පළමු ඉණිමට වඩා තවත් ලකුණු 200ක් පසුපසින් පසුවෙයි.


කළුතර භෞතික සංස්කෘතික සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරඟය

මග්ගොන සරේ පිටියේදී අද (09) කාසියේ වාසිය ජයග්‍රහණය කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

ඒ තීරණය සමඟින් පිටියට පැමිණි කුරුණෑගල තරුණ කණ්ඩායමේ පළමු ඉණිම වෙනුවෙන් දක්ෂ ඉණිමක් දියත් කිරීමට හශාන් ප්‍රභාත් සමත් වූ අතර, ඔහු ලකුණු 82ක් ලබාගන්නා ලදි. එම මනරම් ඉණිමට 4 පහර 12ක් හා එක් 6 පහරක් අන්තර්ගත කරමින් තම ඉණිමට අවශ්‍ය අඩිතාලම දමන ලදි. ඔහුට සහය දුන් කවිශ්ක ඒකනායක 4 පහර 9ක් සමඟින් ලකුණු 46ක් ලබාගන්නා ලදි.

රමේශ් සෙල්වරාජ් ලකුණු 63කට කඩුලු 6ක් දවාලමින් සුපිරි පන්දු යැවීමක නිරත විය.

කළුතර කණ්ඩායම තම පිළිතුරු පළමු ඉණිම වෙනුවෙන් පළමු දිනය අවසානයේ දී ලකුණු 143ක් ලබාගත් අතර, එහිදී තවත් දක්ෂ පිතිකරණයක නිරත වූ පැතුම් නිස්සංක 4 පහර 11ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 64ක් ලබා ගන්නා ලදි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම197/10 (55.4): හශාන් ප්‍රභාත් 82, කව්ශික ඒකනායක 46, දර්ශන මහවත්ත 30, රමේශ් සෙල්වරාජ් 6/63

කළුතර භෞතික සංස්කෘතික කණ්ඩායම පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 143/06 (34): පැතුම් නිස්සංක 64, ෆහාඩ් බාබර් 24, කව්ශික ඒකනායක 3/27

කළුතර භෞතික සංස්කෘතික කණ්ඩායම කුරුණෑගල තරුණ කණ්ඩායමේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 54ක් පසුපසින් සිටියි.


ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරඟය

වැලිසර නාවික හමුදා පිටියේදී අද (09) කාසියේ වාසිය ජයග්‍රහණය කල පොලිස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

පළමුව පිටියට පැමිණි නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් උදෑසන සිට තරගයේ පළමු දිනය අවසන් වනතුරු කඩුල්ලේ රැදෙමින් 4 පහර 18ක් හා එක් 6 පහරක් සමඟින් නොදැවී ලකුණු 133*ක් ලබා ගැනීමට කුසල් එදිරිසූරිය සමත් වූ අතර ඔහු සමඟින් ඉණිම ගොඩනැංවූ බුද්ධික හසරංග 4 පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබාගනිමින් ඉණිම තවත් සවිමත් කරන ලදි. සුවන්ජි මදනායක පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 76ක් තුල කඩුලු 3ක් දවාගන්නා ලදි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම ( පළමු දිනය අවසානයේ දී) – 289/07 (93): කුසල් එදිරිසූරිය 133*, බුද්ධික හසරංග 55, සමීර සඳමාල් 32, සුවන්ජි මදනායක 3/76

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට