ගෙවුනු දවස: දෙසැම්බර් 31 – වසරක නිමාව

663
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

මහනුවරට යටවූ යුධ හමුදාව

දෙවන අදියර ආරම්භ කරමින් පලමු සතියේ පැවති තවත් තරගයක් වන මහනුවර ක්‍රීඩා සමාජයත් යුධ හමුදා ක්‍රීඩා සමාජයත් අතර තරගය නිත්තවෙල ඊයේ අද (31) නිමාවට පත්වූයේ යුධ හමුදාවට දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි.

පළමු අර්ධය: මහනුවර 28: 07 යුධ හමුදාව

අවසන් ලකුණු සටහන:හනුවර කණ්ඩායම 50: 19 යුධ හමුදා කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා: සයුරු ඇන්තනී

ලකුණු රැස් කිරීම්

මහනුවර කණ්ඩායම: රොෂාන් වීරරත්න (2T), උචිත් ජයසූරිය, රිචඩ් ධර්මපාල, ශොහාන් පතිරණ, දමිත් දිසානායක, සයුරු ඇන්තනි, තිලිණ විජේසිංහ (5C)

යුධ හමුදා කණ්ඩායම: අශෝක ජයලාල්, මනොජ් සිල්වා, තුසිත සේනානායක, ගයාන් සාලින්ද (2C)

සම්පූර්ණ ලිපිය: නිත්තවෙල ආධිපත්‍ය තවදුරටත් මහනුවර ක්‍රීඩකයින් සතුයි


 ක්‍රිකට් 

තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක ජයක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) දිනය තුල තරඟ කිහිපයක්ම පැවැත්වූ අතර, 30 වැනිදා ආරම්භ වූ තරඟ වලින් ආනන්ද, ගුරුකුල සහ මාරිස්ටෙලා යන විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 48.2): මොහොමඩ් ශමාස් 37, මොහොමඩ් නගාස් 35, සජිත් සමීර 24, සංබ පූර්ණ 5/15, පසිදු මාධව 3/30

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 130 dec (පන්දුවාර 38.5): ලසිත් කෘෘස්පුල්ලේ 50, රොෂාන් ප්‍රනාන්දු 45, මොහොමඩ් මහධී 5/49, සජිත් සමීර 2/35

සහිරා විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 45): මොහොමඩ් සාකියි  39, රවිදු ප්‍රනාන්දු  6/31

මාරිස්ටෙලා විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 102 (පන්දුවාර 42.5): සසිදු කොළඹගේ 35, රවිදු ප්‍රනාන්දු 28, මොහොමඩ් මහධී  5/38

මොරටු විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 78 (පන්දුවාර 22.4): ඉසුරු උදයංග 25, මලිදු විදුරංග 4/30, ප්‍රවීන් නිමේෂ් 3/29

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 7ක් දැවී ලකුණු 241 dec (පන්දුවාර 67): ටෙශාන් මලින්ද 103*, ලසිදු අරෝශ් 62, ශෙහාන් ජීවන්ත  2/50

මොරටු විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 96 (පන්දුවාර 49.1): නිශාන් මදුෂ්ක 32, දුශාන් මලිත් 3/07

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 206 dec (පන්දුවාර 72.4): චරණ නානායක්කාර 108, සවන ප්‍රභාශ් 23, ඩිල්ශාන් ලාහීර් 3/47, මුදිත ලක්ෂාන් 2/52

ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 51.5): ශෙසාඩ් අමීන්  33, මුදිත ලක්ෂාන් 32, නවීන් ගුණවර්ධන 10/36

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 146 (පන්දුවාර 40): ඉමේෂ් විරංග 51, යෙශාන් වික්‍රමාරච්චි 31*, චරණ නානායක්කාර 29, සවන ප්‍රභාශ් 28, ඩිල්ශාන් ලාහීර් 2/37, විහාන් ගුණසේකර 2/37

සම්පූර්ණ ලිපිය: ආනන්ද, ගුරුකුල හා මාරිස්ටෙලාව ජයග්‍රාහකයින් අතරට

දිනයක නිමාව