ආනන්ද, ගුරුකුල හා මාරිස්ටෙලාව ජයග්‍රාහකයින් අතරට

382
U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (31) දිනය තුල තරඟ කිහිපයක්ම පැවැත්වූ අතර, ඊයේ (30) ආරම්භ වූ තරඟ වලින් ආනන්ද, ගුරුකුල සහ මාරිස්ටෙලා යන විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 6ක ජයක්

කොළඹ සහිරා විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

සහිරා විද්‍යාලය මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කර සහිරා පිටියේදී පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය. මාරිස්ටෙලා විද්‍යාලය මෙම තරඟයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.

පළමු දිනය අවසානයේ මාරිස්ටෙලා විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 3ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටියහ. සහිරා විද්‍යාලයට තම දෙවන ඉණිමට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 113ක් වන අතර, එවන් ලකුණක් ලබා ගන්නට සාකියි ලකුණු 39ක් ලබාගන්නා ලදි. ලකුණු 101ක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි මාරිස්ටෙලා විද්‍යාලය එම ඉලක්කය පන්දුවාර 43කදී ලගාකරගෙන තම ජයග්‍රහණය ලබාගන්නා ලදි. එහිදී සසිදු ලකුණු 35ක් ලබා ගත්තේය.

සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 48.2): මොහොමඩ් ශමාස් 37, මොහොමඩ් නගාස් 35, සජිත් සමීර 24, සංබ පූර්ණ 5/15, පසිදු මාධව 3/30

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 130 dec (පන්දුවාර 38.5): ලසිත් කෘෘස්පුල්ලේ 50, රොෂාන් ප්‍රනාන්දු 45, මොහොමඩ් මහධී 5/49, සජිත් සමීර 2/35

සහිරා විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 45): මොහොමඩ් සාකියි  39, රවිදු ප්‍රනාන්දු  6/31

මාරිස්ටෙලා විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 102 (පන්දුවාර 42.5): සසිදු කොළඹගේ 35, රවිදු ප්‍රනාන්දු 28, මොහොමඩ් මහධී  5/38


මොරටුව මොරටු විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරඟයක් ලෙසින් මොරටු විද්‍යාලයේ ක්‍රීඩාගංනයේදි ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ගුරුකුල විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. මෙම තරඟයෙන් ඉණිමක හා ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුරුකුල විද්‍යාලය සමත් විය.

දිනය ආරම්භ වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කල ගුරුකුල විද්‍යාලය තම ඉණිම ලකුණු 241කට සීමා කරවූ අතර, මොරටු විද්‍යාලයට ඉණිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 163ක් ලබා ගැනීමට අවැසිව තිබුනි. ගුරුකුල විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩා විලාසය හමුවේ මොරටු විද්‍යාලයේ පිතිකරුවන්ට එය අපහසු ඉලක්කයක් වූ අතර නිශාන්ගේ ලකුණු 32 හැරෙන්නට ස්ථාවර ලකුණු මට්ටමකට ඒමට අනෙකුත් පිතිකරුවන් අපොහොසත් විය. දුශාන් කඩුලු 3ක් දවාලමින් දස්කම් දක්වන ලදි.

මොරටු විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 78 (පන්දුවාර 22.4): ඉසුරු උදයංග 25, මලිදු විදුරංග 4/30, ප්‍රවීන් නිමේෂ් 3/29

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 7ක් දැවී ලකුණු 241 dec (පන්දුවාර 67): ටෙශාන් මලින්ද 103*, ලසිදු අරෝශ් 62, ශෙහාන් ජීවන්ත  2/50

මොරටු විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 96 (පන්දුවාර 49.1): නිශාන් මදුෂ්ක 32, දුශාන් මලිත් 3/07


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරඟය

තර්ස්ටන් විද්‍යාලයේදී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් හිමිවිය.

දිනය ආරම්භයේ දී ඩී.එස්. සේනානායක විද්‍යාලය තම පළමු ඉණිමට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් ලබාගෙන සිටියහ. ඩී.එස්. විද්‍යාලයේ පළමු ඉණිමට අමීන් හැරෙන්නට වෙනත් ගැලවුම්කරුවෙකු නොසිටි අතර, ඔහු ලකුණු 33ක් ලබා ගන්නා ලදි. තර්ස්ටන් විද්‍යාලයේ දෙවන ඉණිම වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ යෙශාන් (31*) හා විරංග (51) සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූහ.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 206 dec (පන්දුවාර 72.4): චරණ නානායක්කාර 108, සවන ප්‍රභාශ් 23, ඩිල්ශාන් ලාහීර් 3/47, මුදිත ලක්ෂාන් 2/52

ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 51.5): ශෙසාඩ් අමීන්  33, මුදිත ලක්ෂාන් 32, නවීන් ගුණවර්ධන 10/36

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 146 (පන්දුවාර 40): ඉමේෂ් විරංග 51, යෙශාන් වික්‍රමාරච්චි 31*, චරණ නානායක්කාර 29, සවන ප්‍රභාශ් 28, ඩිල්ශාන් ලාහීර් 2/37, විහාන් ගුණසේකර 2/37


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක ධර්මපාල විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරඟයෙන් ආනන්ද විද්‍යාලයට කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවිණි.

දිනය ආරම්භයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන ආනන්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 190ක් ලබාගෙන සිටියහ. එම ඉණිම ලකුණු 229ක් දක්වා සීමා වෙමින්, සිව්වන කඩුල්ල දැවීයාමත් සමගින් තම ඉණිම අත්හිටුවීමට ආනන්ද විද්‍යාලය තීරණය කරන ලදි. කවිශ්ක මැදපෙළ සවිමත් කරවමින් ලකුණු 41ක් ලබාගෙන දස්කම් දක්වන ලදි.

ඉණිමක පරාජයෙන් ගැලවීමට නම් ධර්මපාල විද්‍යාලය ලකුණු 131ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, එම ඉලක්කය පසුකර තම විද්‍යාලය ඉණිමක පරාජයෙන් ගලවාගන්නට කණිෂ්කගේ ලකුණු 33 බොහෝ සෙයින් ඉවහල් විය. ඔහුට අමතරව අවිශ්ක ලකුණු 26ක් තම විද්‍යාලය වෙනුවෙන් ලබාගන්නා ලදි.

තම සිව්වන ඉණිමට ලකුණු 2ක ජයග්‍රාහී ඉලක්කයක් ආනන්ද විද්‍යාලයට ලැබුණු අතර, එය පන්දු දෙකක් තුල සපුරාලීමට ඔවුන් සමත් ව්ය.

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී  ලකුණු 98 (පන්දුවාර 59): අමිල දයංක 21, දිලීප ජයලත් 5/16, චාමික දීමන්ත 2/30

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 229 (පන්දුවාර 27.3): සහන සුරවීර 109, කවිදු ගිම්හාන 63, කවිශ්ක අංජුල 41, චමිදු සමරසිංහ 2/07, මහීම වීරකෝන්  2/66  

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 132 (පන්දුවාර 44.2): කණිශ්ක ජයසුන්දර 33, අවිශ්ක හසරින්ද 26, ප්‍රමෝද් පෙරේරා 2/07, කවිශ්ක අංජුල 2/20

ආනන්ද විද්‍යාලය දෙවන ඉණිම – කිසිවෙකු නොදැවී ලකුණු 4 (පන්දුවාර 0.2):

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට