එංගලන්ත ලෝක කුසලාන අවසන් සංචිතයේ ප්‍රබල වෙනස්කම් කිහිපයක්

234

වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්, දඟපන්දු යවන ක්‍රීඩක ලියම් ඩෝසන් හා පිතිකරුවෙකු වන ජේම්ස් වින්ස් මෙම මස 30 වැනිදා එංගලන්තයේ හා වේල්සයේ දී ආරම්භ වීමට නියමිත 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන එංගලන්ත සංචිතයට අද (21) නම් කර තිබේ.

පාකිස්තානයේ තිදෙනෙක්ට ලෝක කුසලානයට දොර ඇරේ

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන මොහොමඩ් ……..

ජොෆ්රා ආචර්, ලියම් ඩෝසන් හා ජේම්ස් වින්ස් යන ක්‍රීඩකයින් තිදෙනා 2019 ලෝක කුසලානය සඳහා තරග වදිනු ලබන එංගලන්ත අවසන් සංචිතයට එකතු වන විට එංගලන්තය නම් කළ මූලික ලෝක කුසලාන සංචිතයේ සිටි වමතින් වේගපන්දු යවන ඩේවිඩ් විලී, දඟපන්දු යවන ජෝ ඩෙන්ලි හා පිතිකරුවෙකු වූ ඇලෙක්ස් හේල්ස් යන ක්‍රීඩකයින්ට එම සංචිතයෙන් ඉවත් වීමට සිදුව තිබේ.

පසුගිය දා නිමා වූ එංගලන්ත – පාකිස්තානු එක්දින ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්ත සංචිතයට ආචර් ඇතුළත්ව සිටි අතර එම තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔහුව එංගලන්ත ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය 26 වැනිදා ශරීරයට අන්තරායක ඖෂධ භාවිතා කිරීමේ චෝදනාව හේතුවෙන් ඇලෙක්ස් හේල්ස් එංගලන්ත ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කළ අතර ඔහු වෙනුවට ඇතුළත් කරගෙන තිබෙන ජේම්ස් වින්ස් මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 10ක් ක්‍රීඩා කොට ලකුණු 225ක් ලබා ගැනීමට සමත්ව ඇත. ඒ අතරට එක් අර්ධ ශතකයක් ඇතුළත්ය.

ලෝක කුසලානයෙන් පසු ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන පුහුුණුකරු ඉවත් වෙයිද?

ඇෆ්ගනි ස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණූකරු ලෙස කටයුතු කරන ෆිල් සිමන්ස් තවත් දින 9කින් ආරම්භ වීමට නියමිත 2019 ලෝක …….

එංගලන්තය වෙනුවෙන් මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 3ක් ක්‍රීඩා කර තිබෙන ආචර් පැයට කිලෝමීටර 140ක පමණ වේගයකින් පන්දු යැවිය හැකි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ආචර්ගේ පියා එංගලන්ත ජාතිකයෙක් වන නමුත් බාබඩෝස් හී උපත ලැබූ ආචර්, ඔහුගේ වසර තුනක එංගලන්ත පුරවැසිභාවය සපුරා ගත්තේ පසුගිය මාර්තු 17 වැනිදාය.

2018 වසරේ ඔක්තොම්බර් මාසයේ දී අවසන් වතාවට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කළ වමතින් දඟපන්දු යවන ලියම් ඩෝසන් ද ලෝක කුසලානය සඳහා තරග වදින එංගලන්ත සංචිතයට නම් කිරීමට ඔවුන් තීරණය කර තිබෙන්නේ ජෝ ඩෙන්ලිගේ ස්ථානය වෙනුවටයි. ඩෝසන් මේ දක්වා ක්‍රීඩා කර තිබෙන්නේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 3ක් පමණි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් මැයි මස 30 වැනිදා එංගලන්තය, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ තරග බිමට පිවිසීමට නියමිතයි.

එංගලන්ත ලෝක කුසලාන සංචිතය – ඔයින් මෝර්ගන් (නායක), ජොනී බෙයාර්ස්ටෝව්, ජේසන් රෝයි, ජෝ රූට්, බෙන් ස්ටොක්ස්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස්, ලියම් ප්ලන්කට්, අදිල් රෂිඩ්, මාර්ක් වුඩ්, ටොම් කරන්, ජොෆ්රා ආර්චර්, ජේම්ස් වින්ස්, ලියම් ඩෝසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<