ගෙවුනු දවස: දෙසැම්බර් 26 – පළමු දිනයේදී දකුණු අප්‍රිකානුවෝ 267

799
Sri Lanka Sports News last day summary December 26th

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

පළමු දිනයේදී සුරංගගෙන් කඩුලු 4ක්

ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 4 ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ අංක 7 ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් තරගය ඊයේ (26) පෝට්එළිසබෙත් හිදී ආරම්භ විය. ඒ අනුව ප්‍රථම දිනය නිමාවන විට ප්‍රබල දකුණු අප්‍රිකානු පිතිකරුවන් 6 දෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සුරංග ලක්මාල් ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් වූයේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තරගය පිලිබඳ සුබවාදී බලාපොරොත්තු ඇතිකර දෙමිනි.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 267 (පන්දුවාර 90): ජේ. පී. ඩුමිනි 63, ස්ටීවන් කුක් 59, ඩීන් එල්ගාර් 45, ෆැෆ් ඩු ප්ලෙසිස් 37, ක්වින්ටන් ඩි කොක් 25*, හෂීම් අම්ලා 20, වර්නන් ෆිලැන්ඩර් 6*, ටෙම්බා බවුමා 3,  සුරංග ලක්මාල් 4/62, රංගන හේරත් 2/48.

සම්පූර්ණ ලිපිය: සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු ඉහළ නංවයි


කවිඳුගෙන් අර්ධ ශතකයක්

සිංගර් කුසාලනයේ B කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (26) ආරම්භ වූ ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්විය. එහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කල මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. පළමු දිනය අවසානයේ ලුම්බිණි විද්‍යාලය  තම පළමු ඉණිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ලබාගෙන සිටියි.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 87.1): කවිදු එදිරිවීර 68, කේ.කේ කෙවින් 27, රැවින් පීරිස් 3/15, විමුක්ති කුලතුංග 3/56, කනිෂ්ක මදුවන්ත 2/27

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 17 (පන්දුවාර 6):

සම්පූර්ණ ලිපිය: කවිදුගේ පිත්ත මහින්දයට සවියක් වෙයි


මදුරංග සොයිසා 127

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරගයක් පනාගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදී ලංකන් ක්‍රිකට් සමාජ හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර ඊයේ (26) ආරම්භ වූ අතර එහි කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 7ක් දැවී ලකුණු 364 (පන්දුවාර 90): මදුරංග සොයිසා 127, මදුසංක ප්‍රනාන්දු නොදැවී 74, ලක්ෂාන් රොද්‍රිගෝ 68, තරිදු සිල්වා 3/89, රමේශ් සෙල්වරාජ් 2/61

සම්පූර්ණ ලිපිය: මදුරංග සොයිසා ශතකයකින් දිනය වර්ණවත් කරයි

දිනයක නිමාව