පාපන්දු සමාජ රැසක් වැටුප් කප්පාදුවකට සැරසෙයි

131

නව කොරෝනා වෛරස් අර්බුදය හේතුවෙන් යුරෝපීය පාපන්දු තරග දින නියමයක් නොමැතිව කල්දැමීමත් සමඟ ලෝකයේ බොහෝ පාපන්දු ක්‍රීඩා සමාජ දැන් ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කරමින් ඔවුන් මුහුණ දෙන ආර්ථික බිඳ වැටීම පාලනය කිරීමට උත්සාහ කරමින් සිටියි. 

කෝමාවේ සිටි පාපන්දු තරුව සුව අතට

2017 වසරේ තරගයක් අතරතුර ඇදවැටී පසුව කෝමා තත්වයකට පත්ව සිටි නෙදර්ලන්තයේ Abdelhak…

La Liga තරගාවලිය සඳහා ක්‍රීඩා කරන Barcelona කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වැටුප් 70%කින් අඩු කිරීමට එම කණ්ඩායම ගෙන ආ යෝජනාවක් එම ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. Barcelona කණ්ඩායමේ වටිනාකම ඩොලර් බිලියන 4කි. එය පාපන්දු ක්‍රීඩාවේ දෙවන වටිනාම සමාජය වන අතර සියලුම ක්‍රීඩාවන්හි සිව්වන වටිනාම ක්‍රීඩා සමාජය වේ. ක්‍රීඩා බුද්ධි අංශයට අනුව ලොව මිල අධිකම ක්‍රීඩක ලැයිස්තුව සහිත Barcelona කණ්ඩායම එක් ක්‍රීඩකයෙකුට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 12ක සාමාන්‍ය වැටුපක් ගෙවනු ලබයි. 

පාපන්දු ක්‍රීඩා තරග නැවැත්වීමට පෙර මෙම කණ්ඩායම ඩොලර් මිලියන 37ක අලාභයක් යටතේ ක්‍රියාත්මක වූ අතර එහි ඩොලර් මිලියන 858ක වියදමෙන් ඩොලර් මිලියන 600 ක්ම වැයවී තිබුනේ ක්‍රීඩක වැටුප් සඳහාය. 

ලොව හොඳම හා වැඩිම වැටුප් ලබන පාපන්දු ක්‍රීඩකයා වන Lionel Messiට Barcelona හි වැටුප් කප්පාදුව ලබා ගත හැකි අතර එසේ වුවද ඔහුට තවමත් ලෝකයේ ඉහළම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා අතරට එක්විය හැකිය. ඔහු දැනට වාර්ෂිකව ඩොලර් මිලියන 90ක වැටුපක් උපයන අතර බදු වලට පෙර අර්ධ වශයෙන් සහතික කළ ප්‍රසාද දීමනාවක් ද ලැබේ. 

ලොව ප්‍රබලම ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටින Messiගේ වැටුප 70% කින් අඩු කිරීමෙන් Barcelona සමාජයට ඩොලර් මිලියන 50ක් ඉතිරි කර ගත හැකි අතර එය පසුගිය වසරේ මෙහෙයුම් අලාභයට වඩා වැඩි වනු ඇත. 

එවැනි කප්පාදුවක් සිදුකළ ද Messiට හිමිවන වැටුප තවමත් ඔහුගේ ප්‍රතිවාදියා වන Cristiano Ronaldo සහ ඔහුගේ හිටපු කණ්ඩායම් සගයෙකු වන Neymar හැර සෙසු සියලුම ක්‍රීඩකයින්ගේ මුළු ඉපැයීම් (වැටුප්, ප්‍රසාද සහ අනුමත කිරීම්) වලට වඩා වැඩි වනු ඇත. 

Barcelona හි දිගු කාලීන හවුල්කරුවන් වන Adidas සහ Pepsi ආයතන වල අනුමැතියෙන් Messiට 2018-19 තරගවාරයේ ක්‍රීඩා කරමින් සහ ඉන් පිටත දී උපයා ඇති ආදායම ඩොලර් මිලියන 127ක් වන අතර ඒ හා සසඳන විට වාර්ෂිකව ඩොලර් මිලියන 78ක් ඔහුට තවමත් උපයා ගත හැකිය. 

මේ සතියේ Messi කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන රෝහල් දෙකකට ඩොලර් මිලියන 1.1ක් පරිත්‍යාග කළේය. ඉන් එකක් ඔහුගේ උපන් ගම වන ආර්ජන්ටිනාවේ රොසරියෝ හි රෝහලක් වන අතර අනෙක් රෝහල ස්පාඤ්ඤයේ බාසිලෝනා හි රෝහලකි. 

Messiව පෙන්නන්න බැරි ක්‍රීඩකයෝ 5 දෙනෙක්

Lionel Messi පාපන්දු ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරින් කෙනෙකු බව ඕනෑම අයෙකු…

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ආකාරයට Cristiano Ronaldo ද වැටුප් කප්පාදුවකට මුහුණ දී සිටියි. ඔහුගේ ක්‍රීඩා සමාජය වන Juventus සහ සෙසු ඉතාලි Serie A කණ්ඩායම් ද ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුව 30% දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව ලෝකයේ තුන් වතාවක් හොඳම ක්‍රීඩකයා බවට පත්වූ Cristiano Ronaldoට බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුපෙන් ඩොලර් මිලියන 20ක් අහිමි වන අතර ඔහුට ඩොලර් මිලියන 46ක වැටුපක් ලැබෙනු ඇත. 

තම සමාජයෙන් උපයන මුදලට අමතරව ඔහු තවත් ඩොලර් මිලියන 45ක් ඔහුගේ අත්සන සහිත CR7 රේඛා යට ඇඳුම්, පාවහන් සහ කොලෝන් වැනි දෑ සඳහා යෙදවීමෙන් උපයා ගනියි. ඒ අනුව ඔහුට වාර්ෂිකව ඩොලර් මිලියන 91ක් උපයා ගත හැකි අතර තවමත් ඔහු තුන්වන ඉහළ වැටුපක් සහිත ක්‍රීඩකයා බවට පත්විය හැක. මෙම තරගවාරයේ දී වෘත්තීය ඉපැයීම් වලින් ඔහු ඩොලර් බිලියනයක් උපයා ගනු ඇත. 

කොරෝනා වෛරසය නිසා සිදුවන පිරිවැය ඉල්ලීම් සපුරාලීම සඳහා Ronaldo සහ ඔහුගේ නියෝජිත ජෝර්ජ් මෙන්ඩිස් සිය උපන් රට වන පෘතුගාලයේ රෝහල් සඳහා ඩොලර් මිලියන 1.8ක් පරිත්‍යාග කර ඇත. පෙර වාර්තා වල සඳහන් වූ ලෙස මේ 35 හැවිරිදි සිව්දරු පියා කොරෝනා වෛරසයෙන් විනාශ වූ ඉතාලියට ආපසු යාම ආරක්ෂිත වන තෙක් තම පවුලට ස්වයං හුදෙකලා විය හැකි දූපතක් මිලදී නොගත් බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබිනි. 

L’Equipeට අනුව Neymarගේ ක්‍රීඩා සමාජය වන Paris Saint-Germain වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත. නමුත් අනෙකුත් ප්‍රංශ Ligue 1ට අයත් ක්‍රීඩා සමාජ මේ වන විට වැටුප් කප්පාදුවක් සඳහා ක්‍රියාත්මක වෙමින් පවතියි. Neymar දැනට ලොව තෙවැනියට වැඩිම වැටුප් ලබන පාපන්දු ක්‍රීඩකයා වන අතර පසුගිය වසරේ දී ඩොලර් මිලියන 103ක් උපයා ඇත. එයට ඩොලර් මිලියන 75ක වැටුප සහ ප්‍රසාද දීමනා ද ඇතුළත්‍ ය.  

රොනාල්ඩෝ හා මෙසී සමඟ පාපන්දු තරු රැසක් කොරෝනා සටනට

සුපිරි පාපන්දු ක්‍රීඩකයින් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලියොනල් මෙසී කොරෝනා වෛරසය…

ජර්මානු Bundesliga දැවැන්තයින් වන Bayern Munich සහ Borusiia Dortmund ඔවුන්ගේ ලීග් කල් දැමීමේ ප්‍රතිඵලයක් ලෙස දැනටමත් වැටුප් කප්පාදු ක්‍රියාත්මක කර තිබේ. Bayern ක්‍රීඩකයින් සහ අධ්‍යක්ෂවරුන් 20%ක වැටුප් කප්පාදුවක් සඳහා එකඟවූ බව BBC වෙබ් අඩවිය වාර්තා කර තිබිනි. Dortmund ක්‍රීඩකයින්ද අනාවරණය නොකළ අර්ධ නිදහස් කිරීමකට එකඟ වී ඇත. 

ෆෝබ්ස් වෙබ් අඩවිය ඇස්තමේන්තු කර ඇති පරිදි සෙසු තරගවාරයේ ඉහළ පෙළේ යුරෝපීය පාපන්දු තරග අවලංගු කිරීම නිසා සෙසු නිත්‍ය-වාර ක්‍රීඩා, චැම්පියන්ස් ලීග් සහ යුරෝ 2020 තරගාවලිය අවලංගු වීම ද ඇතුළුව අහිමි වූ ටිකට්පත් ආදායම, විකාශන අයිතිය, අනුග්‍රාහකත්වය සහ වෙළඳ භාණ්ඩ නිසා අහිමි වූ මුළු ආදායම ඩොලර් බිලියන 4ක් පමණ වේ. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<