ගෙවුනු දවස: දෙසැම්බර් 20 – වැඩි වාසිය ශ්‍රී ලංකාවට

886
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

පුහුණු තරගය සාර්ථකව නිමාවට

ලබන 26 වැනිදා පෝට් එළිසබෙත් හිදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට පෙරාතුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු සහ එකම තුන්දින පුහුණු තරගය ඊයේ (20) නිමාවට පත්විය. එහිදී තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දස්කම් ඉස්මතු වූ අතර ප්‍රථම ඉනිමේදී දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම අභිබවා යාමටද ශ්‍රී ලංකා පිළ සමත් විය.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 373 (පන්දුවාර 98.5): කෞෂාල් සිල්වා 80, කෞෂාල් සිල්වා 71, ධනංජය සිල්වා 62, කුසල් මෙන්ඩිස් 51, කුසල් ජනිත් පෙරේරා 25, දිනේෂ් චන්දිමාල් 23, ඩුවාන් ඔලිවියර් 4/54. ජෝර්ජ් ලින්ඩ් 3/85, ජේසන් ස්මිත් 1/37,

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 69.5): ලියස් ඩු ප්ලෝයි 142, කායා සොන්ඩෝ 25, ජෝර්ජ් ලින්ඩ් 29, ලහිරු කුමාර 3/36, ඇන්ජලෝ මැතිව්ස් 2/15, දිල්රුවන් පෙරේරා 2/22, නුවන් ප්‍රදීප් 3/41, ඇන්ජෙලෝ මැතිව්ස් 2/15, දිල්රුවන් පෙරේරා 2/22.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 212 (පන්දුවාර 47.1): දිනේෂ් චන්දිමාල් 60, කුසල් ජනිත් පෙරේරා 51, උපුල් තරංග 50, ඇන්ජලෝ මැතිව්ස් 37, කාල් ෆෝර්ටන් 2/36, ලියස් ඩූ ප්ලෝයි 1/6.

සම්පූර්ණ ලිපිය: වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් පුහුණු තරගය නිමාවෙයි


ජීවන් සහ රඹුක්වැල්ල දස්කම් දක්වයි

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2016” ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරඟය A කාණ්ඩයේ තරඟයක් 19 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ විය. මෙහිදී සිතාර ගිම්හාන් ලකුණු 86ක් ලබාගත් අතර, බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් අසංක සිල්වා කඩුලු 6ක් ද, ටැමිල් යූනියන් සමාජය වෙනුවෙන් රමිත් රඹුක්වැල්ල කඩුලු 5ක් ද දවාලීමට සමත් විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 252 (පන්දුවාර 63.3): චරිත් ජයම්පති 50, චාමික කරුණාරත්න 48, පුලින තරංග 39, සාලිය ජීවන්ත 4/51, අසංක සිල්වා 3/70

බදුරලිය ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 129  (පන්දුවාර 52.5): නදීර නාවල 60, සචින් හේවාවසම් 15, රමිත් රඹුක්වැල්ල 5/47, ජීවන් මෙන්ඩිස් 4/49

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 7ක් දැවී ලකුණු 222 (පන්දුවාර 56): සිතාර ගිම්හාන් 86, දිනුක් වික්‍රමනායක 48, තරංග පරණවිතාන 30, අසංක සිල්වා 6/78

සම්පූර්ණ ලිපිය: රඹුක්වැල්ල බදුරලියේ පළමු ඉණිමට තිත තබයි


ගුරුකුල විදුහලට ඉණිමක ජයක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ගුරුකුල විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර පැවති තරගයේ අවසන් දිනය හා ආනන්ද විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර පැවති තරගයේ පළමු දිනය ඊයෙන් (20) නිමාවට පත්විය. ඊයේ අවසන් වූ තරගයෙන් කැළණිය ගුරුකුල විද්‍යාලය ඉණිමක හා ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 240 dec (පන්දුවාර 75): ලචින්දු අරෝශ් 84, සෙවුර නයනතරැ 42, උදාර රවිදු 39, රොශාන් මලිත් 22*, කාවින්ද පෙර්රා 3/48, ප්‍රමුඛ ගයාෂාන් 3/53, මොහොමඩ් රිෆාස් 2/42

ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 95 (පන්දුවාර 29.5): ඩිල්ශාන් සිගේරා 26, ප්‍රවීන් නිමේෂ් 5/41, මලිදු විදුරංග 4/39

ජනාධිපති විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 138 (F/O)  (පන්දුවාර 43.1): ඩිල්ශාන් සිගේරා 28, ගනිදු දෙව්මින 27, උදාර රවිදු 4/32, නුවන් චානක 3/22

සම්පූර්ණ ලිපිය: ගුරුකුල විද්‍යාලයට ඉණිමක ජයක්

දිනයක නිමාව