රඹුක්වැල්ල බදුරලියේ පළමු ඉණිමට තිත තබයි

773
SLC Premier League Tier A

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2016” ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරඟය A කාණ්ඩයේ තරඟයක් ඊයේ (19) කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ විය. මෙහිදී සිතාර ගිම්හාන් ලකුණු 86ක් ලබාගත් අතර, බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් අසංක සිල්වා කඩුලු 6ක් ද, ටැමිල් යූනියන් සමාජය වෙනුවෙන් රමිත් රඹුක්වැල්ල කඩුලු 5ක් ද දවාලීමට සමත් විය.

පසුගිය ලිපි: මනෝජ් හා තරංග, ටැමිල් යූනියන් ගොඩගනියි

අද දිනය තුළ බදුරලිය ක්‍රීඩා සමාජයේ පළමු ඉණිම ලකුණු 129කට සීමා වූ අතර, තරගයේ දෙවන දිනය අවසන් වන විට දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 222ක් ලබාගෙන සිටින ලදි.

ඊයේ (19) කාසියේ වාසිය ජයග්‍රහණය කල ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර පළමු දිනය තුළම ඔවුන්ගේ පළමු ඉණිම ලකුණු 252කට අවසන් විය. තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබාගෙන සිටියදී අද (20) දිනය ආරම්භ කරන ලදි.

දිනය ආරම්භ කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි නදීර නාවල නොදැවී ලකුණු 7*ක් ද, නිමන්ද මදුසංක ලකුණු නොලබාමද කඩුල්ලේ රැදී සිටින ලදි. නිමන්ද තරඟය ආරම්භ වී මිනිත්තු කිහිපයක් තුල දැවීගිය අතර, අනතුරුව බදුරලිය කණ්ඩායමේ බිඳවැටීම ආරම්භ කිරීමට රමිත් රඹුක්වැල්ල හා ජීවන් මෙන්ඩිස් ප්‍රමුඛ ටැමිල් යූනියන් ක්‍රීඩකයින් සමත් විය.

ලකුණු 88කට කඩුලු 9ක් දැවී ඉතාමත් අසරණ තත්ත්වයක පසුවූ බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් අවසන් කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවයක් ගොඩනැංවීමට නදීර නාවල හා දිලේශ් ගුණරත්න සමත් විය. එම සබඳතාවය මෙම පළමු ඉණිමේ  බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගොඩනැංවූනු හොදම සබඳතාවය ද විය. අවසානයේ තම කණ්ඩායම වෙනුවෙන් එකම අර්ධ ශතකය ලබාගත් ක්‍රීඩකයා වන නදීර නාවල 4 පහර 6ක් සමඟින් ලකුණු 60කට අවසන් කඩුල්ල ලෙස දැවීයන ලදි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ජාත්‍යන්තර අත්දැකීම් ඇති රමිත් රඹුක්වැල්ල හා ජීවන් මෙන්ඩිස් දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 9ක් ඩැහැගැන්මට සමත් විය.

ලකුණු 123ක පළමු ඉණිමේ වාසියක් ද සහිතව තම දෙවන ඉණිම ආරම්භ කල ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ පළමු කඩුල්ල වෙනුවෙන් සිතාර ගිම්හාන් හා දිනුක් වික්‍රමනායක ලකුණු 134ක සාර්ථක හා විශිෂ්ට සබඳතාවයක් ගොඩනංවමින් පළමු ඉණිම තුළ වූ අඩුපාඩු නිවැරදි කරගැනීමට ටැමිල් යූනියන් පිතිකරුවන්ට සවියක් විය. පළමු කඩුල්ල ලෙස දැවීගිය සිතාර ගිම්හාන් 4 පහර 13ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 86ක් ලබාගෙන ටැමිල් යූනියන් දෙවන ඉණිම වර්ණවත් කරන ලදි. ගිම්හාන් සමඟින් එක්ව ඔහුට සවියක් වුනු දිනුක් වික්‍රමනායක මනරම් 4 පහර 5ක් සමඟ ලකුණු 48ක් ලබාගෙන සිටියදී දැවීයන ලදි.

අනතුරුව තරංග පරණවිතාන හා නායක කිත්රුවන් විතානගේ තෙවන කඩුල්ල සඳහා පිටියේ එක්වෙමින් ලකුණු 38ක සබඳතාවයක් ගොඩනැංවූ අතරම, තෙවන කඩුල්ල ලෙස දැවීගිය කිත්රුවන් විතානගේ 4 පහර 2ක් හා එක් දැවැන්ත 6 පහරක් සමඟින් වේගවත් ලකුණු 24ක් ලබා ගන්නා ලදි. මැදපෙළ පිතිකරණය අසාර්ථක කරවූ බදුරලිය ක්‍රීඩා සමාජයේ සුපිරි තරුවක් වන අසංක සිල්වා කඩුලු 6ක් දවාගනිමින් දස්කම් දක්වන ලදි.

දෙවන දිනය අවසන් වනවිට ටැමිල් යූනියන් දෙවන ඉණිම වෙනුවෙන් කඩුල්ලේ රැදී සිටින චරිත් ජයම්පති නොදැවී එක් ලකුණක් ද, චාමික කරුණාරත්න නොදැවී ලකුණු 7*ක් ද ලබාගෙන සිටියි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 252 (පන්දුවාර 63.3): චරිත් ජයම්පති 50, චාමික කරුණාරත්න 48, පුලින තරංග 39, සාලිය ජීවන්ත 4/51, අසංක සිල්වා 3/70

බදුරලිය ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 129  (පන්දුවාර 52.5): නදීර නාවල 60, සචින් හේවාවසම් 15, රමිත් රඹුක්වැල්ල 5/47, ජීවන් මෙන්ඩිස් 4/49

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 7ක් දැවී ලකුණු 222 (පන්දුවාර 56): සිතාර ගිම්හාන් 86, දිනුක් වික්‍රමනායක 48, තරංග පරණවිතාන 30, අසංක සිල්වා 6/78

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ බදුරලිය ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා ලකුණු 345ක් ඉදිරියෙන් පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට