ගෙවුනු දවස: දෙසැම්බර් 16 – නාවිකයෝ ජයග්‍රහණය කරයි

682
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

ශ්‍රී ලංකාවට පහසු ජයක්

19න් පහල ආසියානු යොවුන් කුසලාන තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරඟය මැලේසියාවට එරෙහිව ඊයේ (16) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. එහිදී කඩුළු 8ක පහසු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය.

මැලේසියාව – 104 (38.2) – අයිනුල් හකීම් 41, කමිඳු මෙන්ඩිස් 3/10, අශේන් බණ්ඩාර 3/11.

ශ්‍රී ලංකාව – 108-2 (18) – විශ්ව චතුරංග 68*, අශේන් බණ්ඩාර 16*, විරන්දීප් සිං 1/30.

සම්පූර්ණ ලිපිය: විශ්ව, කමිඳු ශ්‍රී ලංකාවට ජය ගෙන එයි


නොසිතූ ජයක් රාගමට

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ ඊයේ පැවති තරග අතුරින් සැරසන්ස් සහ රාගම අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ අතර එහි මුල් ඉනිමේ ජය අත්වූයේ රාගම ක්‍රිකට් සමාජයටයි. අනෙක් සියලුම තරග ඊයේ දෙවැනි දිනයට ක්‍රියාත්මක විය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 370 (පන්දුවාර 98.3): සංගීත් කුරේ 189, කෞෂල්‍ය ගජසිංහ 99, සුරාජ් රන්දිව් 29*, ඉරෝෂ් සමරසූරිය 28, මිලින්ද සිරිවර්ධන 22, තිලක්ෂ සුමනසිරි 3/33, අමිල අපොන්සු 4/100.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 448 (පන්දුවාර 141): උදාර ජයසුන්දර 109, රොෂේන් සිල්වා 95, සමීර ද සොයිසා 91, කසුන් රාජිත 3/114, මොහොමඩ් ඩිල්ශාඩ් 3/48, සුරාජ් රන්දිව් 4/119.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 5 (පන්දුවාර 2)

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 450 (පන්දුවාර 101.5): ජීවන් මෙන්ඩිස් 115, තරංග පරණවිතාන 100, මනෝජ් සරත්චන්ද්‍ර 82, තික්ෂිල ද සිල්වා 2/45, මලින්ද පුෂ්පකුමාර 5/134, ඉසුරු උදාන 2/102.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 42.1): ශෙහාන් ජයසූරිය 59, තික්ෂිල ද සිල්වා 59, සචිත්‍ර සේරසිංහ 24, ජීවන් මෙන්ඩිස් 4/79, දිනුක් වික්‍රමනායක 3/18.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 137 (පන්දුවාර 34): ශෙහාන් ජයසූරිය 67, අශේන් සිල්වා 47*.

සම්පූර්ණ ලිපිය: රාගම ක්‍රිකට් සමාජය ප්‍රථම ඉනිමේ නොසිතූ ජයක් ලබයි


ජයග්‍රහණය පානදුර ක්‍රීඩා සමාජයට

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තෙවන සතියේ තරඟ කිහිපයක්ම 15 වැනිදා ආරම්භ වූ අතර, තවත් තරඟයක් ඊයේ (16) ආරම්භ විය. ඊයේ දිනය තුල තම ජයග්‍රහණය සලකුණු කරගැනීමට පානදුර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමු ඉණිම 294/10 (65.3): මිශේන් සිල්වා 105, මොහොමඩ් සිල්මි 75, සංජය චතුරංග 46,  රජීව වීරසිංහ 6/81, නවීන් කවිකාර 3/104

ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායම දෙවන ඉණිම 176/10 (45.2): ලහිරු සමරසිංහ 66, චානක රුවන්සිරි 55, ලාල් කුමාර 30, ගයාන් සිරිසෝම 5/55, ලසිත් ප්‍රනාන්දු 3/41

පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායම දෙවන ඉණිම 48/01 (9.3): නිසල් රන්සික 27*, මොහොමඩ් සිල්මි 17*, නවීන් කවිකාර 1/29

ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායම පළමු ඉණිම – 163/10(34.1): චානක රුවන්සිරි 40, චරිත් ප්‍රනාන්දු 35, නවීන් කවිකාර 20, ලසිත් ප්‍රනාන්දු 4/29 නිමේෂ් විමුක්ති 3/48

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමු ඉණිම 316/10 (96.1): සමීර සඳමාල් 59, අමිත් එරන්ද 58, බුද්ධික අසලංග 51, අශාන් රණසිංහ 47, ධනුෂ්ක මාලන් 38, , සහන් ජයවර්ධන 4/77

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පළමු ඉණිම – 103/10 (39.4): බුද්ධික සඳරුවන් 23, උදයවංශ පරාක්‍රම 17, අශාන් රණසිංහ 4/18

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම දෙවන ඉණිම (f/o) – 89/10 (22): ලහිරු ලක්මාල් 19, අශාන් රණසිංහ 5/31, ඉශාන් අබේසේකර 4/44

සම්පූර්ණ ලිපිය: පානදුර හා නාවික ක්‍රීඩකයෝ ජයග්‍රාහකයින් අතරට


 රග්බි 

ගුවන් හමුදාව පරාදයි

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ තවත් තරග සතියක ආරම්භක තරගය ඊයේ (16) නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර රත්මලානේදී පැවැත්විය. එම තරගයෙන් ජයගත්තේ නාවික හමුදා ක්‍රීඩා සමාජයයි.

ප්‍රථම අර්ධය: ගුවන් හමුදාව 03 – 05 නාවික හමුදාව

අවසන් ලකුණු: ගුවන් හමුදාව 08 – 22 නාවික හමුදාව

ලකුණු රැස් කිරීම්

  • නාවික හමුදාව – දුලාංජන විජේසිංහ (1T) , සත්‍ය රණතුංග (1T), කාංචන පෙරේරා (1T), තිලිණ වීරසංහ (2C 1P)
  • ගුවන් හමුදාව – පරාක්‍රම රත්නායක (1T), චරිත් සෙනවිරත්න (1P)

දිනයක නිමාව