පානදුර හා නාවික ක්‍රීඩකයෝ ජයග්‍රාහකයින් අතරට

270
SLC Premier League

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තෙවන සතියේ තරඟ කිහිපයක්ම ඊයේ (15) ආරම්භ වූ අතර, තවත් තරඟයක් අද (16) ආරම්භ විය. අද දිනය තුල තම ජයග්‍රහණය සලකුණු කරගැනීමට පානදුර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

පානදුර කණ්ඩායම පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ …

ලංකන් ක්‍රිකට් සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය

පානදුර දී ඊයේ (15) ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල පානදුර ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට ලංකන් ක්‍රිකට් සමාජය වෙත ඇරයුම් කරන ලදි.

කඩුලු 07ක් දැවී ලකුණු 244ක් ලබා සිටියදී පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පළමු ඉණිම අද උදෑසන ආරම්භ කල අතර, ඔවුන්ගේ අවසන් කඩුලු 3 ලකුණු 50ක් තුල දවාලීමට ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායමේ රජීව වීරසිංහ ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් විය. එහිදී රජීව වීරසිංහ කඩුලු 6ක් දවාගන්නා ලදි.

ලකුණු 131ක අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායම වෙනුවෙන්, මැදපෙළ පිතිකරුවන් වන ලහිරු සමරසිංහ 4 පහර 9ක් සමඟින් ඉණිම සවිබල ගන්වන විට, චානක රුවන්සිරි 4 පහර 6ක් හා අලංකාරවත් 6 පහර 3ක් එල්ල කරමින් වේගවත් ඉණිමක් දියත් කරන ලදි. ගයාන් සිරිසෝම නැවතත් තම දස්කම් විදහා දක්වමින් කඩුලු 5ක් දවාගන්නා ලදි.

ලකුණු 45ක් පමණක් තම ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබියදී තම දෙවන ඉණිම ආරම්භ කල පානදුර ක්‍රීඩා සමාජය පන්දුවාර 10ක් තුල තම ඉලක්කය සපුරාගන්නා ලදි. එහිදී නිසල් රන්සික නොදැවී ලකුණු 27*ක් ලබාගන්නා ලදි.

පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමු ඉණිම – 294/10 (65.3): මිශේන් සිල්වා 105, මොහොමඩ් සිල්මි 75, සංජය චතුරංග 46,  රජීව වීරසිංහ 6/81, නවීන් කවිකාර 3/104

ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායම දෙවන ඉණිම – 176/10 (45.2): ලහිරු සමරසිංහ 66, චානක රුවන්සිරි 55, ලාල් කුමාර 30, ගයාන් සිරිසෝම 5/55, ලසිත් ප්‍රනාන්දු 3/41

පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායම දෙවන ඉණිම – 48/01 (9.3): නිසල් රන්සික 27*, මොහොමඩ් සිල්මි 17*, නවීන් කවිකාර 1/29

ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායම පළමු ඉණිම – 163/10(34.1): චානක රුවන්සිරි 40, චරිත් ප්‍රනාන්දු 35, නවීන් කවිකාර 20, ලසිත් ප්‍රනාන්දු 4/29 නිමේෂ් විමුක්ති 3/48


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

ඊයේ (15) වැලිසර නාවික හමුදා පිටියේදී නාවික හමුදා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කල අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

කඩුලු 08ක් දැවී ලකුණු 268ක් ලෙස සටහන්ව තිබියදී නාවික හමුදා කණ්ඩායම අද දිනය සඳහා ඇරඹුම ලබාගත් අතර, තවත් ලකුණු 48ක් තම පළමු ඉණිමේ අවසන් කඩුලු 2ක තුල රැස් කරගැනීමට ඔවුන් සමත් විය. එහිදී මැදපෙළ පිතිකරණය තව තවත් සවිමත් කල අමිත් එරන්ද 4 පහර 6ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 58ක් රැස් කරගන්නා ලදි.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිම ආරම්භ කල ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් බුද්ධික සඳරුවන් 4 පහර 5ක් සමඟින් ලකුණු 23ක් ලබාගෙන තම ඉණිම ගොඩනැංවීමට උත්සාහ කලද එම වෑයම සාර්ථක කරගැනීමට අශාන් රණසිංහ ප්‍රමුඛ නාවික හමුදා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.

අනතුරුව නැවතත් තම දෙවන ඉණිම ආරම්භ කල ගුවන් හමුදා කණ්ඩායමට තම පළමු ඉණිම තරම්වත් සාර්ථක වීමට නොහැකි වූ අතර, අශාන් රණසිංහ ලකුණු 31කට කඩුලු 5ක් ද, ඉශාන් අබේසේකර ලකුණු 44කට කඩුලු 4ක් දවාගනිමින් ගුවන් හමුදා කණ්ඩායමේ පිතිකරණය මුලුමනින්ම අසාර්ථක කරවන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමු ඉණිම  –316/10 (96.1): සමීර සඳමාල් 59, අමිත් එරන්ද 58, බුද්ධික අසලංග 51, අශාන් රණසිංහ 47, ධනුෂ්ක මාලන් 38, , සහන් ජයවර්ධන 4/77

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පළමු ඉණිම – 103/10 (39.4): බුද්ධික සඳරුවන් 23, උදයවංශ පරාක්‍රම 17, අශාන් රණසිංහ 4/18

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම දෙවන ඉණිම (f/o) – 89/10 (22): ලහිරු ලක්මාල් 19, අශාන් රණසිංහ 5/31, ඉශාන් අබේසේකර 4/44 


ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජ කණ්ඩායම හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරඟය

ඊයේ (15) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල වරාය අධිකාරි කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාය වෙත පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාදෙන ලදි.

කිසිවෙකු නොදැවී ලකුණු 117ක් ලබා සිටියදී අද දිනයට ආරම්භය ලබාගත් වරාය අධිකාරි කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස උදෑසනම යොහාන් ද සිල්වා ලකුණු 32කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට කල්‍යාණ රත්නප්‍රිය සමත් විය. නමුත් අනිත් අන්තයෙන් තම කණ්ඩායමේ සාර්ථකත්වය ආරම්භ කල හෙශාන් ගුණතිලක වර්ණවත් පිතිකරණයක නිරත වූ අතර ඔහු 4 පහර 13ක් සමඟින් ලකුණු 99ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස ලකුණු 99කට දැවීයන ලදි. තරඟයට සවස් කාලය තුල දී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා විනිසුරුවරුන් විසින් දෙවන දිනය  අවසන් කිරීමට තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – 223/08 (87): හේශාන් ගුණතිලක 99, යොහාන් ද සිල්වා 32, කල්‍යාණ රත්නප්‍රිය 4/65

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමු ඉණිම – 103/10 (50): සමිත් දුශ්ශන්ත 26, චානක කොමසාරු 5/35, චාමිකර එදිරිසිංහ 4/29

වරාය අධිකාරි කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පළමු ඉණිමට වඩා ලකුණු 120ක් පෙරමුණේ පසුවෙයි.


කළුතර නගර සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරඟය

මෙම තරඟය අද (16) කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර නගර සමාජ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ඒ ඇරයුමින් පළමුව පිටියට පැමිණි කුරුණෑගල තරුණ කණ්ඩායම වෙනුවෙන් රුවන්ත ඒකනායක 4 පහර 12ක් හා එක් 6 පහර සමඟින් විශිෂ්ට පිතිකරණයක නිරත වූ අතර එම සාර්ථක ඉණිම ශතකයක් දක්වා ගෙනයාමට ඔහු සමත් විය. නායකත්වයක ඉණිමක් දියත් කල හශාන් ප්‍රභාත් 4 පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබාගෙන තම අර්ධ ශතකය සම්පූර්ණ කරගන්නා ලදි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 232/10 (70.2): රුවන්ත ඒකනායක 111, හශාන් ප්‍රභාත් 50, තරිදු සිරිවර්ධන 3/20, කල්හාර කොටවසිංහ 3/64

කළුතර නගර සමාජ කණ්ඩායම පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 71/02(20): තරිදු සිරිවර්ධන 29, උපමාල් ඩයස් 20*, සඳමාල් ජයවික්‍රම 2/15

කළුතර නගර සමාජ කණ්ඩායම කුරුණෑගල තරුණ කණ්ඩායමේ පළමු ඉණිමට වඩා ලකුණු 161ක් පසුපසින් පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට