රාගම ක්‍රිකට් සමාජය ප්‍රථම ඉනිමේ නොසිතූ ජයක් ලබයි

1037
SLC Premier League

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද පැවති තරග අතුරින් සැරසන්ස් සහ රාගම අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ අතර එහි මුල් ඉනිමේ ජය අත්වූයේ රාගම ක්‍රිකට් සමාජයටයි. අනෙක් සියලුම තරග අද දෙවැනි දිනයට ක්‍රියාත්මක විය.

පසුගිය ලිපි: උදාර සහ රොෂේන් සැරසන්ස් ජයග්‍රහණ බලාපොරොත්තු දුරස් කරයි

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

සැරසන්ස් ක්‍රීඩා සමාජය විසින් ලබාදුන් ලකුණු 370ක අසීරු ඉලක්කයක් හඹා යෑමේ අභියෝගය භාරගත් රාගම ක්‍රිකට් සමාජය ඊයේ දිනය නිමාවන විට කඩුලු 5කට ලකුණු 263ක් ලබා සිටියහ. අද එම ලකුණු සංඛ්‍යාව ලකුණු 448ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් සමත් විය. ඒ නිසාම ප්‍රථම දිනයේ සැරසන්ස් පිළ සතුවූ තරගයේ වාසිය තමන් සතු කරගෙන ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගන්නට රාගම ක්‍රිකට් සමාජය සමත් විය.

රාගම ඉනිමේ ශක්තිය බවට පත්වූ උදාර ජයසුන්දර ලකුණු 109ක් රැස් කල අතර රොෂේන් සිල්වා ලකුණු 95ක් ද, සමීර ද සොයිසා ලකුණු 91ක් ද රැස් කරමින් ඊට සහය දැක්වීය. තරගය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කල සැරසන්ස් පිතිකරුවන් කිසිවෙකු නොදැවී ලකුණු 5ක් ලබා සිටියහ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 370 (පන්දුවාර 98.3): සංගීත් කුරේ 189, කෞෂල්‍ය ගජසිංහ 99, සුරාජ් රන්දිව් 29*, ඉරෝෂ් සමරසූරිය 28, මිලින්ද සිරිවර්ධන 22, තිලක්ෂ සුමනසිරි 3/33, අමිල අපොන්සු 4/100.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 448 (පන්දුවාර 141): උදාර ජයසුන්දර 109, රොෂේන් සිල්වා 95, සමීර ද සොයිසා 91, කසුන් රාජිත 3/114, මොහොමඩ් ඩිල්ශාඩ් 3/48, සුරාජ් රන්දිව් 4/119.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 5 (පන්දුවාර 2)


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

ඊයේ උදෑසන කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් පිතිකරුවන් අද දිනයේ සිය ඉනිම ලකුණු 450ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය. තරංග පරණවිතාන සහ ජීවන් මෙන්ඩිස් ශතක රැස් කරමින් මෙවන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යන අඩිතාලම දැමූහ. හලාවත ක්‍රිකට් සමාජය වෙනුවෙන් මලින්ද පුෂ්පකුමාර ලකුණු 134ට කඩුලු 5ක් බිඳ හෙලීය.

ටැමිල් යූනියන් ඉනිම හඹා ගිය හලාවත මේරියන්ස් ක්‍රීඩකයින්ට සිය ඉනිම ලකුණු 219කට සීමා කිරීමට සිදු විය. හලාවත ක්‍රිකට් සමාජය වෙනුවෙන් ශෙහාන් ජයසූරිය සහ තික්ෂිල ද සිල්වා අර්ධ ශතක වාර්තා කලත් එය හලාවත ඉනිම ටැමිල් යූනියන් ප්‍රථම ඉනිම අසලකටවත් ගෙන ඒමට ප්‍රමාණවත් වූයේ නැත. ඒ හේතුවෙන්ම තම දෙවැනි ඉනිමත් ක්‍රීඩා කිරීමට සිදුවූ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය දිනය නිමා වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 137ක් ලෙස සටහන් විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 450 (පන්දුවාර 101.5): ජීවන් මෙන්ඩිස් 115, තරංග පරණවිතාන 100, මනෝජ් සරත්චන්ද්‍ර 82, තික්ෂිල ද සිල්වා 2/45, මලින්ද පුෂ්පකුමාර 5/134, ඉසුරු උදාන 2/102.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 42.1): ශෙහාන් ජයසූරිය 59, තික්ෂිල ද සිල්වා 59, සචිත්‍ර සේරසිංහ 24, ජීවන් මෙන්ඩිස් 4/79, දිනුක් වික්‍රමනායක 3/18.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 137 (පන්දුවාර 34): ශෙහාන් ජයසූරිය 67, අශේන් සිල්වා 47*.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

ප්‍රථම ඉනිම ක්‍රීඩා කල කෝල්ට්ස් පිතිකරුවන් රැස්කල ලකුණු 276ට පිලිතුරු ලෙස කොළඹ ක්‍රිකට් සමාජය ලකුණු 384ක් රැස් කරන ලදී. කෝල්ට්ස් ඉනිම වෙනුවෙන් හෂාන් දුමිඳු ලකුණු 105ක් ද, CCC ඉනිම වෙනුවෙන් වනිඳු හසරංග හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 116ක් ද රැස් කලේය. දකුණතින් පිත්ත හසුරුවන වනිඳු තවමත් වයස අවුරුදු 19 පසුවන යොවුන් ක්‍රීඩකයෙකි. දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින කෝල්ට්ස් පිතිකරුවන් දෙවැනි දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 40ක් ලබා සිටියි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 81.4): හෂාන් දුමිඳු 105, අකිල ධනංජය 42*, සචිත් පතිරණ 3/37, ලහිරු මධුශංක 3/45, ලක්ෂාන් සඳකැන් 3/63.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 384 (පන්දුවාර 79.4): වනිඳු හසරංග 116, අශාන් ප්‍රියන්ජන් 80, ලහිරු මධුශංක 59, රොන් චන්ද්‍රගුප්ත 58, අකිල ධනංජය 4/111, නිසල තාරක 3/68.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 40 (පන්දුවාර 8)


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ශානුකගේ විශිෂ්ට ශතකයෙන් ශක්තිමත් වුනු මුවර්ස් ඉනිම අද ලකුණු 376ක් ලෙස සටහන් විය. මනරම් හතරේ පහර 20ක් සහ දැවැන්ත හයේ පහර 5ක් ඇතුළත් වුනු ශානුක දුලාජ්ගේ ලකුණු 181 හැරෙන්නට අන් කිසිදු මුවර්ස් පිතිකරුවෙකු අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට නොහැකි වීම කැපී පෙනුනි. දිනය අවසන් වනවිට යුධ හමුදා ක්‍රීඩකයින් ලකුණු 242කට සියල්ලන්ම දැවී ගියේය. ශතකය කරා යාමට අන් පිතිකරුවන්ගෙන් සහයක් නොලද මංජුල ද සොයිසා නොදැවී ලකුණු 90ක් වාර්තා කළේය.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 376 (පන්දුවාර 97.5): ශානුක දුලාජ් 181*, රුවිඳු ගුණසේකර 45, පබසර වඩුගේ 40, සීක්කුගේ ප්‍රසන්න 3/124, අසේල ගුණරත්න 2/34.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 242 (පන්දුවාර 79): මංජුල ද සොයිසා 90*, දුශාන් විමුක්ති 30, නිලංක සඳකැන් 4/68.


සිංහල ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය

ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත NCC ප්‍රථම ඉනිම අද ලකුණු 392ක් ලෙස සටහන් විය. ඒ වෙනුවෙන් චතුරංග ද සිල්වා, ජෙහාන් මුබාරක් සහ ෆර්වීස් මහරූෆ් අර්ධ ශතක වලින් දායකත්වය දැක්වූහ.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල SSC පිතිකරුවන්ව ලකුණු 219ක් තුල දවාගන්නට NCC පන්දු යවන්නන් සමත් විය. NCC පිළට ජයග්‍රහණ බලාපොරොත්තු ගෙන ආ චතුරංග ද සිල්වා ප්‍රථම ඉනිමේ පිත්තෙන් ලකුණු 95ක් රැස්කර පන්දුවෙන් කඩුලු 6ක් බිඳ හෙලීය. SSC කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වූ නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 112ක් රැස් කළේය. දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන NCC කණ්ඩායම දිනය නිමා වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 27ක් ලබා සිටියි.

NCCසියල්ලන්ම දැවී ලකුණු 392 (පන්දුවාර 106.3): චතුරංග ද සිල්වා 95, ජෙහාන් මුබාරක් 81, ෆර්වීස් මහරූෆ් 59, නිමේශ ගුණසිංහ 47, කසුන් මධුශංක 3/82, විමුක්ති පෙරේරා 2/60.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 60): ධනුෂ්ක ගුණතිලක 112*, චතුරංග ද සිල්වා 6/72.

NCC (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 27 (පන්දුවාර 8)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට