ගෙවුනු දවස: දෙසැම්බර් 15 – ක්‍රිකට් පිටිය උණුසුම් කල දවසක්

314
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

නේපාලය හමුවේ ලකුණක ජයක් ශ්‍රී ලංකාවට

19න් පහල ආසියානු යොවුන් කුසලාන තරඟාවලිය ආරම්භ කරමින්, එහි “A” කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම ඊයේ (15) කොළඹ NCC පිටියේදී තරඟයට පිවිසි අතර එයින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟය අවසන් ඕවරය තෙක් තරඟකාරී වූ අතර ශ්‍රී ලංකාව ජය ලබාගත්තේ එක් ලකුණකිනි.

ශ්‍රී ලංකාව 227-8 (50): හසිත බෝයගොඩ 83, ක්‍රිෂාන් සංජුල 28, අශේන් බණ්ඩාර 48*, රේවන් කෙලි 19, කමල් සින්ග් අයිරී 3/43, පවන් සර්රාෆ් 2/27.

නේපාලය226 (49.3):  ආදිල් ඛාන් 39, ඩිපෙන්ද්‍ර සින්ග් අයිරී 90, අවිනාශ් කාර්න් 40, කමිඳු මෙන්ඩිස් 3/37.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාවට එක් ලකුණක ජයක්


ශානුක දුලාජ් නොදැවී 152යි

දේශීය පිටියේ සුපිරි තරු හඳුනා ගැනීම සඳහා පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ ඊයේ (15) පැවති තරග සංඛ්‍යාව 5කි. සමස්තයක් වශයෙන් ඊයේ දිනය පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණි දේශීය ක්‍රිකට් පිටියට ශතක වැස්සක් ඇද හැලුණු දිනයක් බවට පත්විය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 370 (පන්දුවාර 98.3): සංගීත් කුරේ 189, කෞෂල්‍ය ගජසිංහ 99, සුරාජ් රන්දිව් 29*, ඉරෝෂ් සමරසූරිය 28, මිලින්ද සිරිවර්ධන 22, තිලක්ෂ සුමනසිරි 3/33, අමිල අපොන්සු 4/100.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 263 (පන්දුවාර 76.2): උදාර ජයසුන්දර 109, රොෂේන් සිල්වා 95, මොහොමඩ් ඩිල්ශාඩ් 3/43, සුරාජ් රන්දිව් 2/78.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 81.4): හෂාන් දුමිඳු 105, අකිල ධනංජය 42*, සචිත් පතිරණ 3/37, ලහිරු මධුශංක 3/45, ලක්ෂාන් සඳකැන් 3/63.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 28 (පන්දුවාර 6): රොන් චන්ද්‍රගුප්ත 8*, ලසිත් අබේරත්න 6, නිසල තාරක 2/10.

සම්පූර්ණ ලිපිය: උදාර සහ රොෂේන් සැරසන්ස් ජයග්‍රහණ බලාපොරොත්තු දුරස් කරයි


ලංකන් ක්‍රිකට් සමාජය අභිබවා පානදුර පෙරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තෙවන සතියේ තරඟ කිහිපයක්ම ඊයේ (15) ආරම්භ විය. එහි පළමු දිනය තුලම වරාය අධිකාරි කණ්ඩායම වෙනුවෙන් කඩුලු 5ක් දවාගනිමින් සුපිරි දස්කම් දැක්වීමට චානක කොමසාරු සමත් විය.

ලංකන් ක්‍රිකට් සමාජය – පළමු ඉණිම 163/10(34.1): චානක රුවන්සිරි 40, චරිත් ප්‍රනාන්දු 35, නවීන් කවිකාර 20, ලසිත් ප්‍රනාන්දු 4/29 නිමේෂ් විමුක්ති 3/48,

පානදුර ක්‍රීඩා සමාජය – පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) 244/07 (52.5): මිශේන් සිල්වා 105, මොහොමඩ් සිල්මි 75

පොලිස් ක්‍රීඩා සමාජය – පළමු ඉණිම 103/10 (50): සමිත් දුශ්ශන්ත 26, චානක කොමසාරු 5/35, චාමිකර එදිරිසිංහ 4/29

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය – පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) 117/0 (39): හේශාන් ගුණතිලක 78*, යොහාන් ද සිල්වා 29*

සම්පූර්ණ ලිපිය: පානදුර කණ්ඩායම පෙරමුණේ

දිනයක නිමාව